කිතුණුවන් රැකගැනීමට දිවිදුන් මුස්ලිම් ගුරුවරයාව කෙන්යාව අගයයි!

කිතුණුවන් රැකගැනීමට දිවිදුන් මුස්ලිම් ගුරුවරයාව කෙන්යාව අගයයි!

සලාහ් ෆරාහ්, කෙන්යානු ජාතික මුස්ලිම් ගුරුවරයෙකි. ඔහු අන්තවාදීන් විසින් බස් රථයකට එල්ල කළ ප්‍රහාරයකින් මිය ගියේය. ෆරාහ් මිය ගියේ 2015 දෙසැම්බර් මාසයේදී අල් ෂබාබ් ත්‍රස්ත කංඩායම විසින් කෙන්යාවේ මන්ඩෙරා සිට නයිරෝබි බලා ධාවනය වු බස්රථයකට එල්ල කළ ප්‍රහාරයේදීය. එහිදී අන්තවාදීන් ඔහුගෙන් ඉල්ලා සිටියේ එම බස් රථයේ සිටින කිතුණුවන්ගෙන් වෙන් වන ලෙසයි. නමුත් ඔහු විසින් එය ප්‍රතික්ෂේප කරන ලදී. එහිදී ත්‍රස්තවාදී කල්ලි සාමාජිකයෙකු විසින් ඔහුට වෙඩි තබන ලදී.

ඔහු මියගියේය. ඒ බස් රථයක් තුල ක්‍රිස්තියානි මගින් ආරක්ෂා කිරීමට ගොසිනි. ඔහු එම මගීන් කිසිවෙකු පුද්ගලිකව දැන සිටියේ නැත. ඔහුට කෙන්යාවේ ශ්‍රේෂ්ඨ වීරයා නමැති සම්මානය හිමි විය. ඒ ඔහුගේ ධෛර්ය සම්පන්න ක්‍රියාව වෙනුවෙනි. ඔහු මියගියේ වයස අවුරුදු 2 සහ 10 අතර දරුවන් 04 දෙනෙකු සහ ගර්භණී බිරිද මෙලොව තනි කරමිනි.

කෙන්යානු ජනාධිපති උහුරු කෙන්යාටා මහතා විසින් මෙම සම්මානය ඔහුගේ පවුල වෙත ප්‍රධානය කරන ලදී. මෙහිදී උහුරු කෙන්යාටා පවසා සිටියේ “මම ඔහුගේ දරුවන්ට පවසා සිටිනවා, ඔවුන්ගේ පියා කළ කැපකිරීම කිසිදා අමතක නොවන බව, එය දීර්ඝ කාලයක් හදවත් හි තැන්පත් වනු ඇති බව” මෙහිදී ෆරාහ්ගේ දිලිදු පවුල වෙත මුදල් ත්‍යාගයක්ද පිරිනමන ලදී.

කෙන්යාව යනු ක්‍රිස්තියානි බහුතරයක් ලෙස සිටින රටකි. එම රටට අසල්වැසි රාජ්‍යය සෝමාලියාවයි. කෙන්යානු හමුදා සෝමාලියාව තුල අල්ෂබාබ් කැරළිකරුවන් සමග සටන් වදිති. අල්-ෂබාබ් කැරළිකරුවන් මේ නිසා කෙන්යාව පුරාද ත්‍රස්ත ක්‍රියාවන් සිදුකර අහිංසක වැසියන් ඝාතණය කරති.

 

අල් ජසීරා ඇසුරිණි.

 

මෙහිදී ෆරාහ්ගේ දිලිදු පවුල වෙත මුදල් ත්‍යාගයක්ද පිරිනමන ලදී.
මෙහිදී ෆරාහ්ගේ දිලිදු පවුල වෙත මුදල් ත්‍යාගයක්ද පිරිනමන ලදී.

 

 

 

 

 

 

 

One Comment to “කිතුණුවන් රැකගැනීමට දිවිදුන් මුස්ලිම් ගුරුවරයාව කෙන්යාව අගයයි!

Comments are closed.