මොහ්නා අන්සාරි; නේපාලයේ පලමු මුස්ලිම් කාන්තා නීතීඥවරිය

මොහ්නා අන්සාරි; නේපාලයේ පලමු මුස්ලිම් කාන්තා නීතීඥවරිය

ඇය මොහ්නා අන්සාරි නම් විය. ඇය නේපාලයේ නීතීඥ වෘත්තියට පත් පලමු මුස්ලිම් කාන්තාවයි. එමෙන්ම ඇය නේපාලයේ මානව හිමිකම් කොමිසමේ එකම කාන්තා නියෝජනයද වෙනවා. ඇය නේපාලයේ කොන්වු ජනප්‍රජාවන් වෙනුවෙන් සටන් වදී.

2014 නොවැම්මබර් මාසයේදී ඇයට නේපාල අගමැතිගේ කාර්යාලයෙන් දුරකථන ඇමතුමක් පැමිණේ. එමගින් අසනු ලැබුයේ ඇයට නේපාලයේ මානව හිමිකම් කොමිසමට Nepal Human Rights Commission (NHRC) එක්වන්නටය. මෙය රටේ මානව හිමිකම් රකින්නට නේපාල ආන්ඩුව විසින් පත්කළ යාන්ත්‍රණයකි.

දකුණේ නගරයක් වන නේපාල්ගුන්ජ් හි පහල මධ්‍යම පංතික මුස්ලිම් පවුලක ඉපැදුනු මෙම කාන්තා නීතීඥවරිය පවසන්නේ ඇයට අගමැති කාර්යාලයෙන් ලද එම ආරාධනය අදහා ගත නොහැකි වු බවයි.

“මම විශ්වාස කළේ නැහැ මට මෙය ලැබෙයි කියා. මගේ පවුලේ කිසිදු කෙනෙක් දේශපාලනයේ නැහැ.” (සැමාන්‍යයෙන් නේපාලයේ රජයේ මෙවන් තනතුරක් ලැබෙන්නේ දේශපාලන පත්වීමක් ලෙසයි) මානව හිමිකම් කොමසාරිස්වරිය වන අන්සාරී පැවසුවා.

ඇය දරන මෙම තනතුර නේපාලයේ මෑත ඉතිහාසයේ මුස්ලිම් කාන්තාවක විසින් දරන්නාවු ඉහළම තනතුර බවටද වාර්තා වෙනවා.

“මහන්සිවී කළ වැඩට ප්‍රථිපල ලැබුණා” 39 හැවිරිදි මේ දිරිය කාන්තාව පවසනු ලැබුවා.

කලක් නේපාලය පාලනය කළ රාජාණ්ඩුව 2006 වසරේදී බිඳ වැටීම මෙම නව වෙනසේ හේතුව වේ. එය සිදුවුයේ මාවෝවාදී දශකයකට අධික කාලයක් කළ කැරැල්ලේ ප්‍රතිපලයක් ලෙසය.

ඇගේ දෙමාපියන්ට සාක්ෂරතාවය නැත. නමුත් ඔවුන් තමන්ගේ දරුවන්ට හොඳින් උගන්වා ඇත.

නේපාලයේ හමුදාව විසින් කරන ලද අසාධාරණ ක්‍රියාවන්ට එරෙහිව කටයුතු කිරීමට ඇයට සිදුවී තිබෙනවා. ඇය පවසන්නේ එය ඉතාමත් අභියෝගාත්මක ක්‍රියාවක් බවයි.

 

අල් ජසීරා ඇසුරිණි