තබ්ලීග් ජමාත් සාර්ථකත්වය සම්බන්ධව විද්යාත්මක පසුබිම විමසුමක්!

තබ්ලීග් ජමාත් කියන්නේ ඉන්දියාවෙන් ආරම්භ වෙලා අද ලොව පුරා ව්‍යාප්ත වු ඉතාමත් ජනප්‍රිය මුස්ලිම් පුනරුද ව්‍යාපාරයක්. මෙය ඇත්තටම අර්ධ කාලීන තාපස ක්‍රමවේදයක් කියන්නත් පුළුවන්. එයට හේතුව මෙම ජමාතයට අයත් අය දින කිහිපයක් හෝ මාස කිහිපයක් තමන්ගේ නිවෙස් සහ පවුලෙන් බැහැරව මස්ජිද වල හෝ පොදු ස්ථාන වල සාමුහිකව ජීවත් වෙමින් ධර්ම ප්‍රචාරණයේ යෙදීමයි. ඉතිං මෙම ව්‍යාපාරයේ සාර්ථකත්වය සම්බන්ධව විද්‍යාත්මක තත්වය සොයන්න අපට සිතුණා.

මස්ජිදයක් තුල ධර්මය ඉගෙන ගන්නා ජමාඅත් සාමාජිකයන්
මස්ජිදයක් තුල ධර්මය ඉගෙන ගන්නා ජමාඅත් සාමාජිකයන්

මුලින්ම කියන්න ඕන සියලු පිරිමින් ඉඳහිට හෝ දිනක්වත් රාත්‍රියේ නිවසින් බැහැරව නිදහසේ ප්‍රීතිවෙමින් ඔවුන්ගේ මිතුරන් සමඟ කාලය ගතකිරීම අත්‍යාවශ්‍ය බව විද්‍යාඥ පිරිසක්  සනාථ කර ඇති බව. කොටින්ම සියලු පිරිමි වර්ගයා පොදුවේ මිතුරන් ඇසුරේ යම් කාලයක් ගත කිරීම ගැන වඩා අවධානය යොමු කළ යුතු බවට මොවුන් විසින් කරන ලද අලුත් සමික්ෂණයෙන් යෝජනා කරයි.

මෙසේ මිත්‍රයන් හා රාත්‍රී බැහැරව සිටීම බිරිඳ සමඟ හා ස්වකීය පවුලේ සාමාජිකයන් සමඟ රාත්‍රී බැහැර යාමකට වඩා බෙහෙවින් ආතතිය දුරු වෙන මඟක් බව මෙම විද්‍යත්මක සමීක්ෂණය තහවුරු කර තිබේ. මෙම සමීක්ෂණය සිදු කරනු ලැබ ඇත්තේ විද්‍යාඥයන් පිරිසකගෙන්ද සමන්විත ජර්මනියේ ගොටිංගන් විශ්ව විද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යයන කණ්ඩායමක් විසිනි.

මම මේ සම්බන්ධව හොයලා ලිව්වට මම ජමාඅත් යන කෙනෙක් නෙමෙයි හොදේ. සියළුම ජමාඅත් වල හොද දේවල් තිබෙන බව පිළිගන්න මම ලේබල් ආගමිකයෙක් වෙන්න අකමැති නිදහස් මතධාරියෙක්.

 

 

 

 

47 Comments to “තබ්ලීග් ජමාත් සාර්ථකත්වය සම්බන්ධව විද්යාත්මක පසුබිම විමසුමක්!

  1. oba kiyannata enne, tabligh jamaath kiyana waradi islam dharmaya pilipadina kandayama ondai kiyada?

  2. තව්ෆීක් මහත්තයෝ ඔය කණ්‌ඩායමෙන් වන අගතියත් අපිට කියන්න, එතකොට ඒ පිලිබඳ දන්නා දෙයක් කියන්න පුළුවන්

    1. මම බලන්නේ හැම එකකම ධනාත්මක පැත්ත. ධනාත්මක දේ අරගෙන සෘණාත්මක දේ බැහැර කළා නම් ඉවරයි.

      1. anver mahattayo, tabligh jamaath sathya wu islam dahama wenuwen karana eka hari deyak puluwan nam kiyanna balanna??? mata terena widiyata nam, oba tumata islam dharmaya gena hari hati danumak neta. ekay tabligh jamaath wage sirath eken epita yana kandayamak gena warnana karanne.

        1. මම ඔබට කිසිවක් නොපවසමි. දෙවියන්ම ඔබට මගපෙන්වත්වා! මම හැමදේකම යහපත දකිමි.

        2. මම කියන්නද තම්ව්ෆීක් මහත්තයෝ ඒ අය ඔබ වගේ අනුන්ගේ වෙරදී හොයන්නේ නෙතුව තමන්ගේ පාඩුවේ කුරානය පාරායනය කරනවා පල්ලියට වෙලා

    2. oba tumatha tabligh jammath gena dannetnam, magen igena ganne. tabligh jammath kiyana kalliya quranaya saha sunnawata erehiwa giya 72 devient sects eken ekak. tabligh jamaathwarunge pot wena talim wena fazail amal saha tawath boho poth wela shirk kufr bidah athulath wee tibe. mema group eka sathya islamayata eha giya sufism pilipadina kalliyak. megollo 3 days,40 days, 4 months kiyana boruwa, dahwa namin karanawa. mama abiyoga karanawa, me 3 days 40 days yanaeka nabi tumawath sahabawarunwath karadha kiyala pennanna? mata mema group eka gena godak kiyanna puluwam. ekata man gawa sakhshith tiyenawa. oba, mema group eken prawesam wanna.

  3. මගේ යාලුවෙක් ඔය කියන සෙටි එකත් එක්ක ගිහිල්ලා පිස්සු පොරක් උනා! අපිත් එක්ක පිස්සු කෙලගෙන ආර්තල් එකේ ඉටපු එකා දවසක් පල්ලියෙන් ටිරිප් එකක් යනවා කියලා ගියා. උව අයෙත් දැක්කෙ මාසෙකට පස්සෙ අප්පටසිරි එ්යකා වෙනස් වෙලා, රැවුල වවලා තොප්පියක් දාගෙන ඔය පින්තුරෙ තියෙන කිටක් ගාගෙන තමා ආවෙි. මම ඇවිවා උගෙන් මොකදබන් මෙි වුනේ කියලා. උ හිනා වෙලා කිවිවා හැමදාම පිස්සු කෙලින්ඩ බෑනේ මචන් දැන් හරි හැදෙන්න ඔනේ කියලා. අපේ සෙටි එකේ තව මුස්ලිමි කොල්ලො හිටියා මෙි යකා පල්ලියට යනකොට උන්ටිකවත් එක්කගෙන යනවා. අපිත් වුත් එක්ක ඉදලා පිස්සු කෙලින වැඩ අතහැරියා. මට තාම නොතේරෙන්නේ වු කොහොමද ඒ වෙනසට පත්වුනේ කියලා? මොනාවුනත් එල කොල්ලා වු මගේ බුදු පටිටෙක. සමහර වෙලාවට බන කියන කොට තමා එපා වෙන්නේ. :):)

  4. මම හිතන්නේ තව්ෆීක් අර අනිත් කල්ලියේ කෙනෙක් වගේ ඒකයි මේ කල්ලියට බනින්නේ

    තව්ෆීක් ඔය සුෆිස්ම් කියන්නේ මොකක්ද චුට්ටක් කියනවද

    1. Brother, mama kisima kalliyaka or nikayaka samajikayek nomewi. nikaya bedaya,gothrabedaya,kalliwadaya saha ratata adare kireema(patriotism,nationalism) islam dharmaya sampoornayenma tahanam kara tibe. Sufism kiyana shirk,kufr saha bidah karana kalliye moolarambaya tamay shiaism eka. sufism sathyawu islam dharmayata mulumaninma eha giya pissankotuwa kalliyak. owun karannema islamayata wirudda dewal. kabr yadina eka,man made awliywarun pathkaragena owungen duwa illana eka,mawlid parayanaya, milad kiyana mithyawa samarana eka saha tawath boho dewal me aya karanawa. sufism saha shiaism atara loku wenasak netha. oba tumata tawath yamakh denagannata awashyada??

      1. සහෝදරයා මන් දැක තියනවා ඔය කබ්ර් වන්දනා කරන කට්ටියයි ඔය තබ්ලීග් ජමාතයක ආපු කට්ටියයි අතර රණ්ඩුවක්, මම හිතන්නේ නැහැ මේ තබ්ලීග් ජමත් කට්ටිය හා ඔය කබ්ර් වඳින කට්ටිය අතර සම්බන්දයක් තියනවා කියල , ඒ වගේම මාගේ හැංගීම නම් අපි කල්ලි බෙදිල්ලක් නෙතිව කුරාන් හා සුන්නා වලට අනුව ජීවත් විය යුථුයි
        ඒ වගේම සමහර කණ්ඩායම් කරන හොඳ දේවලුත් අපි අගය කල යුථුයි මන් හිතන්නේ ආන්න ඒ දෙයයි මතෙන අන්වර් සහෝදරයා කලේ

        1. Oba tuma tabligh jamaat saha sufi kalliya atara sambandeyak nehe kiyala kiyanne oba tumata islam aqeedawa pilibanda mukuth dannati nisa. kiyamanak tiyanawa podi lamayekuta gal kellakuth topiyak wage kiyana eka. oba tumath e wage kenek. oba tumata islam dharmaya pilibandawa mukuth danneti nisa baila katandara kiyanna enewa. obatuma dannawada,tabligh jjamaath eke founder sufism eka beepu kenek. nama tamay illyas kandhalwi. eyage gaja mitura wana zakariyya kandhalwi tamay me kalliyata awashya okkoma boru tika taalim kiyana potak widiyata idiripath kale. mema pothe puduma katandara tikak tiyenne. eka kathawak tiyanawa fazail amal eke. eka kollekh palliye taniwama inda gena innawa. anek aya ek kenekge bayan ekak ahagena indala ekkenek me kolla gawata awith ahanawa” oya ay awith bayan eke awwe nattthe” kiyala. etakota me kolla kiwwa, ogollo danuma ganne ehema habay mata allah danuma denne kelinma kiyala. me katawata anuwa, nabitumata passe me kollatah waheee pahala wenawa. me taram boru kufr katha gotapu kenek tamay zakariyya kandhalwi. me boru aqeedawe tamay me ayath inne. tawa wadi wistara denagannata awashyada??

          1. සහෝදරයා ඔබ කතාව අනවශ්‍ය තැනකට ගෙනයනවා වගේ මට පේනවා. මෙතන තබ්ලීග් විද්වතුන් නැහැ. සුෆි විද්වතුන් ඉන්නවද? මම දන්නේ නැහැ. කරුණාකර අපි ඔවුන්ව මෙතන විවේචනය නොකර සිටිමු. කෙනෙකු නැති තැන එ් අය විවේචනය කිරීමත් නබි මගක් නෙමෙයි.එමෙන්ම නබිසල්ලල්ලාහු අලෛහිවසල්ලම් තුමා වරද පෙන්වා දුන්නේ ආදර්ශයෙන්. ඒ නිසා අපිත් එහෙම කරමු. ඔබට ඒ අය සම්බන්ධව විවේචන ඇත්නම් පුද්ගලිකව ඒ අය හමුවුනාම අනිවාර්යයෙන්ම සංවාද කරන්න. නමුත් මෙතන පොදු තැනක්. හැමෝම ඉන්න තැනක්. මෙහෙම තැනක ඒ අයව විවේචනය කිරීමෙන් තවත් අයට එය අයහපත් වෙන්න පුළුවන්.

          2. අබ්දුල්වහබ් මහත්තයෝ අනුන් ගෙන නිගමනයකට එන්න ඉස්සෙල්ල චුට්ටක් හිතල බලන්න ඔබතුම කියන දෙයයි මෙතන සාකච්චා වන දේවල් අතර මොකක් හරි සම්බන්දතාවයක් තියනවද කියල

            ෂුවර් එකට ජමාත් කියමින් බොරුවට හෙසිරෙන කෙනෙක් හොඳ පොලු පාරක් දීල ඇති ඒකයි මේ කිසිම සම්බන්දයක් නැති කතා කියන්නේ

            සිංහල ගන්න
            http://www.google.com/intl/si/inputtools/try/

  5. @tawfeek ,

    ඔබ හිතාගෙන ඉන්නේ ඔබ අනුගමනය කරන ජමාතය පමණයි 100% හරි කියලයි. තබ්ලිග්හ් ජමාත් එකේ වැරදි තියෙන්න පුළුවන්, එක විවේචනය කරල ඔවුන් වැරදි මාර්ගයේ යන කණ්ඩායමක් කියන්න කාටවත් බැහැ. සමහර හදීස් පිලිබඳ මතබේධ තියනවා. අප එය අල්ලාහ්ට බාර කරමු. හොද දේ ප්‍රශංසා කරමු. ඔබට තබ්ලිග්හ් ගමන් යන්න අවශ්‍ය නැත්නම් කරන අයට කරන්න දෙන්න.මුස්ලිම් උම්මාහ්ව බෙදන්නේ නැතිව.

    1. Brother,wiwechanaya karanne samaharak karanayan waladi islam anumata dee tibe.
      `Aishah (May Allah be pleased with her) said: The Messenger of Allah (sallallaahu alayhi wasallam) said, “I do not think that so-and-so understands anything of our Faith.”
      [Al-Bukhari]
      I came to the Prophet (sallallaahu alayhi wasallam) and said to him: “Muawiyah and Abul-Jahm sent me a proposal of marriage.” The Messenger of Allah (sallallaahu alayhi wasallam) said, “Muawiyah is destitute and he has no property, and Abul-Jahm is very hard on women.”
      [Bukhari and Muslim].
      mema hadith deke pahadiliwama pennanawa wiwechanaya karanna puluwan kiyala. tawath skshiyak tamay
      Aishah (May Allah be pleased with her) said: Hind, the wife of Abu Sufyan, said to the Prophet (sallallaahu alayhi wasallam): Abu Sufyan is a n*gg*rdly man and does not give me and my children adequate provisions for maintenance unless I take something from his possession without his knowledge. The Prophet (sallallaahu alayhi wasallam) said to her, “Take from his possessions on a reasonable basis that much which may suffice for you and your children.”
      [Al-Bukhari and Muslim].
      meke hind rali abu sufiyanrali wa wiwechanaya karaddi nabituma kisiwak kiyuwe neta. obatuma mulin dharmaya hariyata igena ganna.

      MUFI MENK IS NOT FROM THE CORRECT TEACHINGS OF ISLAM. MUFTHI ISMAIL MENK IS A DEOBANDI PERSON WHO IS FALSELY PROPAGATING THAT FOR NO REASON YOU CANNOT CRITISIZE SOMEONE. WHICH HAS NO BASIS IN ISLAM. AND HE ALSO PROPAGATES UNITY IN DIVERSITY CONCEPT WHICH CONTRADICTS THE UNDERSTANDING OF THE SAHABA AND THE TRUE TEACHINGS OF ISLAM. DO NOT LISTEN TO WHAT PEOPLE LIKE MENK SAYS.

      1. සහෝදරයා ඔබ මුෆ්ති මෙන්ක් ගැන කියන දේ වැරදියි කියලා මම පුද්ගලිකව දන්නවා. සමහර විට ඔහු දේවබන්දි පවුලකින් පැවත එන කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් ඒකෙන් මිනිසෙකුට එහෙම තීන්දු දෙන්න අපිට අයිති නැහැ. මෙහිදී ඔබ ඔහුට අභුත චෝදනා නැගීමෙන් නබිතුමාගේ ඉගැන්වීම් වලින් පිටතට යනවා. ඔබ කිසිවෙකුට පදනම් විරහිත චෝදනා නගන්නේ නම් එමගින් අමාරුවට පත්වන්නේ ඔබමයි.

        1. Sahodara anver, mufti menk gena kisima padanam virahita chodanawak man karanne ne. mufti menk deobandi sufi tblighi kenek kiya kiyanne ohuge piya wisinmay. mekata kadima sakshi tibe. nabi tumanan waradi karana minisunw wiwechanaya karpu onataram hadithayan tiyanawa. mufti ismail menkge prdana tharkaya tamay unity in diversity kiyana concept eka. e kiyanne, sufi,tabligh,shia,khadiyani,christian,buddhist,hindu okkoma kalawam wela owun ekka atutu samichchiye yedeemay. meka niweradi islamayata pataheni eyak. mema unity in diversity concept eka aythi wanne ikhwan ul muslimeen kiyana waradi margaye inne kandayamatay.
          ISMAIL MENK BELONGS TO ONE OF THE 72 DEVINT SECTS WHICH WILL GO TO HELLFIRE. MAY ALLAH GUIDE YOU AND MENK TO THE CORRECT PATH OF SALAFIYYA.

          1. තබ්ලික් ජමාතයෙන් සිදුවන්නේ ඉමානය නොහෙත් අල්ලා දෙවිදුන්ගේ විෂ්වාශය අප සිත්තුල කහ වැද්ද විමයි. තව්ෆික් ගේ අදහස් වලට කිසිම පැකිලිමකින් තොරව පැහැදිලි කල හැකිහුවත් ඉම සියල්ල මෙතන සිංහලෙන් කොටන එක මට පොඩ්ඩක් අපහසුය. එම සහොදරයට අවශ්ෂ නම් මාව ඊ මේල් හරහා සම්බන්ද කරගත හැක. මම උලමා වරයෙකු නොවේ සාමාන්ය පුරවැසියෙකු සහ තබ්ලික් ජමාත් කිරියා කාරිකම් වල සහබාගිවු පුත්ගලයකි. ඔහු සිංහලෙන් ලිව්වොත් කියවන්නට ටිකක් පහසු වනු ඇත. එක් එක් ජමාත් අතර සුලු මත වෙනස් කම් තිබුනත් එම සියල්ලන්ගෙන්ම සිදුවන්නේ සමාජයට යහපතකි. එත් තව්ෆික් වගේ මත දරන්නන් කරන්නේ බල්ලා පිදුරැ කන්නෙත් නෑ කන ගොනාට දෙන්නෙත් නෑ වගේ වැඩක්.

          2. මමත් ෂියා සුන්නි, සලෆි, තබ්ලීග්, ජමාත් ඉස්ලාම්, සුෆි හැමෝම එකයි කියන මතයේ ඉන්න කෙනෙක්. ඒ වගේම ක්‍රිස්තියානි, බෞද්ධ, හින්දු, ජුදෙව්, මුස්ලිම් අපි හැමෝම එක වගේ මිනිස්සු කියන මතයේ ඉන්න කෙනෙක්.

            දැන් ඔබට පුලුවන් මටත් ලේබල් එකක් ගහන්න. සමහරු මට මේ වන විටත් ලේබල් ගහලා. නමුත් මම දැක්ක දෙයක් නම් මට ලේබල් ගහන්න හදන හැමෝම එයාල ලේබල් වෙච්චි අය. මම ඔබට දොස් තබන්නේ නැහැ. මම ප්‍රාර්ථනා කරන්නේ අල්ලාහ් ඔබට යහමග පෙන්වන්න කියායි.

  6. අනුන් වැරදි මාර්ගයේ යනවයි කියන්නාවූද තමන් නිවැරදි සලෆි මග යන්නාවුද කියන මිනිසුන් එක් කාලයකදී බොහොමයක් හිටියා. පසුව ඔවුන් වඳ වෙමින් වෙමින් ගියා. ඒ කාලේ ඇහුනු කතාවක් ඔබේ වින්දනයට:

    එකෝමත් එක කලෙක එකෝමත් එක ගමක එකෝමත් එක සලෆි මස්ජිඩ් එකක් තිබුනලු. ඒ මස්ජිඩ් එකට නිතර යන පුද්ගලයෙක් එතන ඉමාම් එක්ක කතාවට වැටුන.
    මිනිහ: “ඉමාම්, මම නම් මේ උම්මාව ගැන හරිම සංවේගයෙන් ඉන්නේ. හුඟ දෙනෙක් හරියට දීන් එක පිළිපදින්නේ නැනේ.”
    ඉමාම්: “ම්හ්හ්…”
    මිනිහ: “මේ ගමේ ඇත්තෝ වුනත් බලන්න. කීයෙන් කී දෙනාද ඉස්ලාමය හරියට දන්නේ?”
    ඉමාම්: “ම්හ්හ්…”
    මිනිහ: “ඒ මස්ජිඩ් එකේ වුනත් බලන්න. කීයෙන් කී දෙනාද හරියට අකීදා දන්නේ?”
    ඉමාම්: “…”
    මිනිහ: “මේ ඉමාම් නිසා තමයි මේක කියන්නේ,… මට ඔයාගේ දීන් එක ගැන වුනත් එච්චර පැහැදීමක් නෑ”

    1. MR WHO Sahodaraya, anun weradi margayen yanawa kiyala kiwwe mama witharak newey. (nabi ) tumananuth anith aya nirayata yay,weradi margaye innawa kiyala pahadili lesa kiwwa. warak sahih hadhitayaka nabituma(sal) kiwwa, qadriyyawarun mema muslim ummahwe najoosiwarun(fire worshippers). owunge awamagulakata kisima keneku sahabagi wannata epa yanuwen kiwwa. eta kota mahattayo, mamada weradi,nabi(sal)tumada weradi, ese nomatinam, obatuma wage AHLUL BIDAH kiyana kandayamata ayath ayada weradi???? obatumata tawath yam deyak denaganeemata awashyanam obatumage email lipinaya comment eke liyanna mama pennanan mokakda hari mokakda weradi kiyala. DEFINITELY, THE TABLIGH JAMAATH ARE ONE OF THE GROUPS WHICH IS TO THE HELL FIRE. ONLY THE JAMAAH(THE ONES WHO DO NOT DEVIDE THE UMMAH IN TO SECTS AND ARE UPON THE CORRECT UNDERSTANDING OF THE SAHABAH AND THE SALAFIYYA ARE THE ONES WHO ARE IN THE GROUP WHICH WILL GO TO HEAVEN.

      1. නබි (සල්) තුමා අනුන් වැරදි මාර්ගයේ යනවයි කිව්වේ වහී දැනුම ඇතිවයි. අපට පිළිම වන්දනාවේ යෙදෙන මුශ්රික් කෙනෙකත් අපාගත වෙනවා කියන්න බැහැ ඔහුගේ අනාගතය ගැන දැනුමක් නැති නිසා. ඔබ මෙතන ඉස්ලාමයේ පංච කුළුණු පිළිපදින මුසල්මානුවන් ගැන කියනවා අපා ගත වෙනවයි කියලා! අතනින් මෙතනින් හදිස් කැලි උසුලන ඔබ ‘ලා ඉලාහ ඉල්ලල්ලාහ් …” කියන මිනිසුන් ගැන කියල තියෙන හදිස් කියවලා නැද්ද, නැතිනම් ඔබේ හිත ඇදිල යන්නේ අපාගතවීම් සම්බන්ධයෙන් කියල තිබෙන දේවල් සම්බන්ධයෙන් පමනයිද? එය සිත නරක් වී ඇති බවට ඇති ලක්ෂණයක්.

        කිසිදු වග විභාගයකින් තොරව මිනිසුන් කණ්ඩායම් පිටින් අපාගත වෙනවයි, නැතිනම් වැරදි පාරේ ගියයි කියන එක ඉස්ලාමයට පටහැනි ක්‍රියාවකි.එය ‘ඛවාරිජ්’ (Khawarij) ගතියකි. (ඛවාරිජ් යනු අර කණ්ඩායම් 72න් එකක් බව මුස්ලිම් විද්වතුන් පොදුවේ ඉතිහාසය පුරා පිළිගනීති.).

        1. mr who,
          You are totally wrong brother. muslims are supposed to follow the sunna of the prophet(sal) and if he himself told that 72 sects will go to hellfire , you have no right to go against it. read the quran properly and in many places Allah(says) that the jews christians and all the kafirs are to hellfire.
          now, are you telling these ayats are all wrong? dear brother I have no right to say that a muslim who has accepted kalima will go to hell. that Allah(swt) will judge. You have misunderstaood my comment. what I said is, that the muslims who are following sufism,tabligh,kawarij,ikhwan, are moving to the path of hellfire. thease wrong things can lead them to hell. Allah will forgive any sin except shirk and kabr worship is shirk. this is the understanding of the people of salafiyya who are the saved group and are the ones who will go to jannah.

  7. Anver sahodaraya, mata naleem mahattayata kiyanna tiyenne,tabligh jamaat minisunwa genapu emanaya mokakda kiyala kiyanna puluwanda?? egolla muslimwarunwa emaan kiya aragena yanne SHAYTAAN ge maargayatay. nabi(sal) tumanan warak hadisayaka peli tunak anda eka peliyakdakunen,tawath peliyak wamen,anith peliya nabitumage pattata. nabi tuma eyage patte tibba peliya pennala kiwwa meka tamay mage maargaya.anek maargayan okkomagenma shaytan genek andagamin sitinawa kiyala kiyya. mama naleem mahattayagen illanne, obatuma obatumage email lipinaya metana danna. mama tabligh jammaath pilibanda tyana waradi atuwa teeka okkoma sakshittekka pennannam.
    Anver mahattayo, oba tumage islam danuma gena baladdi mata harima dukay. ay kiwwoth mamath muslimwarayek,nikanma nikan muslim warayek newey, yahamaga giya swargayatha yana kandayame aqeedawe inna kenek nisa. OBA TUMA PAHADILI LESA PILIGENA TIBENAWA OBATUMA IKHWANUL MUSLIMEEN KIYANA AYALE GIYA NIKAYE KENEKU BAWA. OBAGE MATAYATA ANUWA, ALLAH (SWT) WANDINA MUSLIM WARUN EKKA SHIVA,PAARVATHI,BUDDHA, KABR WANDINA OKKOMA AYA EKATA INDA GENA JOLLYEN INNA ONE KIYANA EKADA? HARI MAHATTAYO. OBA TUMA QURANEYA KIYAWANA KENEKUNAM. ALLAH(SWT) PAHADILILESA KIYA TIBENAWA NOWEDA JEWS SAHA CHRISTIANS EKKA YALU WENNA EPA, MUSHRIKH’S EKKA YALU WENNA EPA, ETA KOTA HADHITAYAN TIYANAWANE, BIDA KARANA AYA EKKA SAHABAGI WENNA EPA KIYALA? YAM YAM KARANAYAN WALATA WITHARAK ARENDA?

    1. මම ඉක්වාන් කියා එකක් දන්නේ නැහැ. ලංකාවේ එහෙම එකක් මම දැකලා නැහැ. මම කියපු දේවල් වලට වැඩියෙන් ඔබ ඇඩ් කරලා මෙතන දාලා තියෙනවා. මොකද එතකොට ඔබට මට ලේබල් ගහන්න පහසුයි. මම ඔබගේ දැක්ම දකින්නේ අන්තවාදයක් ලෙස. අද ලෝකේ ආගමික අන්තවාදය බිහිවෙලා තිබෙන්නේ මේ සංකල්ප වලින්. මට පුළුවනි මුහුණට මුහුණ හමුවුනොත් ඔබත් සමග තර්ක කරලා ඔබගේ ඔක්කොම තර්ක බිදින්න. නමුත් මට වෙලාවක් නැහැ. මට ඊට වඩා වැදගත් වැඩ තිබෙනවා. දැනට මෙහෙම හිතාගන්නකෝ අන්වර් ඉස්ලාම් දන්නේ නැහැ. එතකොට ඔයාගේ හිතට සනීපයක් එයිනේ?

      1. තව්ෆික් වගේ කට්ටිය කොච්චර බොලද ද කියලා කියනවානම් කුමන හදිසය කුමකට ආදේශකල යතුද කියලාවත් නොදනි. ඔහු විවේචනය කල හැකි බව පෙන්විම සදහා තොරා ගෙන ඇති හදිසයන් එයට කදිම නිදසුනකි. තවටික දවසකින් කියයි බොරැකීමටත් පුලුවන් කියා එයටත් හදිසයන් සදහන් කරයි. මෙවැනි ක්රියා ඉස්ලාමයට මඩ ගහන උදවියගේ ක්රියාවන්ට සමානය. ඔහුන් කරන්නෙත් කොහෙන් හරි හදිසයක් අරන් නොගැලපෙන එකකට ආදේෂ කර සිගිති ආර්තල් ගැනිමටය. SLTJ සාමාජිකයෙක් එක් අවස්තාවතාවක තෙරැවන් සරනයි කියන සංකල්පය මිත්යාවක් කියා නොදන්නා මගුලක් කතා කලා. මට එම සංකල්පය ගැන දැනුමක් නෑ එත් එයට පිලිතුරක් ලෙස සිංහල සහොදරයෙක් විඩියොවක් අන්තර් ජාලයේ දමා තිබුනේය එය දුටු මට හැගුනේ ඔහුන්ගේ විශ්වාෂය SLTJ කියා තිබෙන්නේ බේගලක්ය. යම් කිසි විෂයක් ගැන හරිහැටි දැනුමක් නැතිනම් එය ගැන දන්නා අයෙක්ගෙන් අසා දැනගනයුතුය. “මගේ ඊමේල් ලිපිය Thawfeeq ගේ ඊමේල් ලිපියට යවන මෙන් කතුවරයා ගෙන් ඉල්ලීම් කරන්නෙමි”

        1. Naleem mahayyato, mage email eka tamay, cjrises@yahoo.com kiyana email eka. mekata obage mataya prakashaya karanna. mama ekata pilturu dennam. mama pennapu hadeesayan kisima widiyakinwath wikurthi kara netha. oba tuma tabligh jammath kiyana nikayath ekka boru 3 daY jamath gihin igena gattha boruwala tarama tamay metanin mata penne. OBA TUMA DANNAWADA ISLAM DHARMAYATA ANUWA KARANA TUNAK SANDAHA BORU KIYANNA PULUWAN KIYALA NABI(SAL) TUMA KIWWA

          Umm Kulthum bint ‘Uqbah (radi Allaahu ‘anhaa) said: “the Prophet (sallAllaahu ‘alayhi wa sallam) allowed lying in three (situations): during war, in reconciling between people, and the speech of a man to his wife. {In another narration:} the speech of a man to his wife and the speech of a woman to her husband.”
          (silsilat ul-ahaadeeth is-saheeha-authenticated by sheikh albani)

          OYATA TABLIGH KARAYO KOHOMATAWATH HADIS GENA KYANNA. AY KIWWOTH, EGOLLANTATH HADIS KIYANNE MOKAKDA KIYALA TERENNE. EGOLLANGE MULU JEEEWITAYAMA TAALIM KIYANA BORU POTATH EKKAY. TAALIM KIYANA POTH WALA TIYANA SHIRK,KUFR,BIDAH MAMA OBATA KIWWOTH, OBA KALANTA DALA WETEY.

          1. තව්ෆික් සහෝදරයා වෙත මගේ ඉල්ලීම වන්නේ එක්කෝ සිංහලෙන් නැතිනම් ඉන්ග්රියෙන් ලියන ලෙසයි. mehema liyanna epa. එක්කෝ මෙහෙම, or like this.

      2. Anver sahodaraya, ikhwanul muslimeen kiyana nikaya lankawe prayogikawa natiwunath minisunge sithwala pahadililesa tiyana deyak. ikhwan eka patangatthe egyptuwe hasan al banna kiyana kawarijwrayay. eka ari obata dannawada? loke agamika sankalpa bihiwune anna me hasan al banna, sayyid qutb,mawdudi wage aya nisay megollange antawadaya tamay. osama biladen, isis wage aya pilipadinne. imam muhammad ibn abdul wahhab kiyana ahinsaka imamwarayage oluwe dammata, atta ekay. mama mechchara obatumata kiyanne obatuma mukuth dannethi nisay. mama kisima antawadayaka nehe. mama sathyawadhiyek. echcharay. mata kohomatawath ita ganna behe obatumata islam mukuthma danne kiyala. obatumata islam hariyata danne. mata pahadiliwama obatumage tarkayan siyallama binda helanna puluwan. habay oba tuma eken hadeyda? obatumata ikhwan mokakdawath kiyala dannethnam, mama ahannada prashneyak. me tabligh jammath kiyana kandayame arambakaya illyas kandhalwi sufida natda? eka witarak onda putha wage kiyanna balanna. magen monahari obata weradilawath sitha kedena widiye deyak kiwwanam sama wanna. makata witharak uttare denna.

        1. ඔබ තර්ක ගොඩනගන ආකාරය විහිලු සහගතයි. ඔබ හසන් අල් බන්නටයි. මවුලානා මව්දුදිටයි බැනලා. ඒ ගොල්ලන් අල් කායිදා ගොඩට දානවා. මම එකක් පැහැදිලිව කියන්නම්. ඔසාමා බින් ලාඩන් සහ අබුබකර් අල් බග්දාදි බිහිවුනේ ඔබලාගේ ඔය ඉගැන්වීම් සමග. ඔබලාගේ ඔය ඉගැන්වීම් වල අන්තවාදය තමයි ඒක. බොරුවට මිනිස්සුන්ට මවා පාන්න එපා. අයිසිස් අල්කායිදා දරණ මතයම තමයි ඔබත් මුස්ලිම් නොවන අය ගැන දරන්නේ. බොරුද? මං අහන්නේ? මම ඉතාමත් හොදින් ජාත්‍යන්තර මුස්ලිම් සංවිධාන වල අය ආශ්‍රය කරලා තියෙනවා. ඒවගේම අන්තවාදීන් එක්කත් කතා කරලා තියෙනවා. ඔවුන් අන්තවාදීන් වෙලා තියෙන්නේ කොහොමද කියලත් හදාරලා තියෙනවා. මුහම්මද් ඉබ්න් අබ්දුල් වහ්හාබ් එයාගේ කාලයේ ශ්‍රේෂ්ඨ හිටපු විද්වතෙක්. මම අනිති හැම විද්වතෙකුටම වගේ ඔහුටත් ගරු කරනවා. නමුත් අද අල්කායිදා අයිසිස් වැනි අන්තවාදීන් බිහිවෙලා තියෙන්නේ එම කදවුරෙන් බව පැහැදිලිව කියනවා. ඒකට ශේක් මුහම්මද් ඉබ්න් අබ්දුල් වහ්හාබ් තුමා පලි නැහැ. එතුමාගේ දර්ශනය වැරදියට වටහා ගැනීමයි ප්‍රශ්නය.

          ශේක් අබ්දුල් වහාබ්‍‍ගේ කාලයටත් වඩා අද තාක්ෂණය දියුණුයි. අද අපට ඉස්ලාමයේ දැනුම ඊටත් වඩා හොදින් ග්‍රහනය කරගැනීමේ අවස්ථාව තිබෙනවා. ඉල්යාස් රහ්මතුල්ලා තුමා සුෆිද නැද්ද? මට ගැටළුවක් නැහැ. මම එයාගේ අනුගාමිකයෙක් නෙමෙයි. මම ශේක් අබ්දුල් වහාබ්ගේ අනුගාමිකයෙක්ද නොවෙයි. මම කුර්ආන් සහ සුන්නාහ්ව අනුගමනය කරන සාමාන්‍ය මුස්ලිම්වරයෙක්. මගේ භාවිතාව තුල අරු සුෆිද? මු වහාබිද? බලන්නේ නැහැ. මට ඒවා වැඩක් නැහැ. මම හැමෝගෙම හොද දේට ගරු කරනවා. හසන් අල් බන්නා ගැනත් කියවලා තියෙනවා. මවුලානා මව්දුදි ගැනත් කියවලා තියෙනවා. නමුත් ඒ හැමෝටම තිබෙන්නේ එකම ගරුත්වයක් පමණයි. කාටවත් වෙනසක් නැහැ.

          ඔබට ඉස්ලාම් පැමිණ තිබෙන්නේ පරම්පරාවෙන්. පස්සේ කුමණ හෝ ආභාශයකින් සලෆි වෙන්න ඇති. නමුත් අපි ඉස්ලා‍මය සොයා පැමිණි අය. අපි ඉස්ලාම් වෙනුවෙන් ජීවිතයේ ගොඩක් දේ අතහැරලා ආපු අය. අපි කාගෙවත් ඊමානයකට ගරහලා නැහැ. නමුත් කාටවත් ලේබල් ගහලත් නැහැ. මට ඔයාලා මෙහෙම ලේබල් ගහන්න යනවිට ඔයාලා ගැන ඇති වෙන්නේ සිනහවක් පමණයි. ඔයිට වඩා තාර්කික වෙන්න. ඔයිට වඩා විචාර බුද්ධිය ඇතිකර ගන්න. ඉබ්නු අබ්බාස් රළියල්ලාහු අන්හු තුමා පවසනවා. අනුවනයන් දාහකට වඩා එක නුවනැත්තෙක්ව ෂෛයිතාන්ට වැරදි මාර්ගයට යොමු කරවන්න අමාරුයි කියලා නබි තුමා පැවසු බව.

          මට තවත් එකක් කියන්න අමතක වුනා. ලංකාවෙන් අයිසිස් එකට ගොස් මියගිය සර්ෆාස් නිලාම් මුහ්සින්ද මම පුද්ගලිකව හදුනපු කෙනෙක්. එයත් ඔයාලගේ සලෆි මන්හජ් එක ෆලෝ කරපු කෙනෙක්. මම දන්නේ නැහැ එයා කොහොම අයිසිස් එක හා සම්බන්ධ වුනාද කියලා. නමුත් ඒ පවුලම සලෆි මන්හජ් තමයි ෆලෝ කලේ.

          1. //ඔසාමා බින් ලාඩන් සහ අබුබකර් අල් බග්දාදි බිහිවුනේ ඔබලාගේ ඔය ඉගැන්වීම් සමග. //

            quoted for truth

          2. එයා එහෙම ආවොත් මම දෙන්නම්. මං ගාව බඩු ඇත. අල්කායිදා බිහිවන්නට පෙර බින් ලේඩන් සමග එකටම සිටි සලෆිවරයෙක් මම හදුනමි.

  8. Anver sahodaraya,
    obatuma, mage prashneyen penapena yanawa wage tamay penne. kamak ne. mama obatumawa apasu wena widiye mukuth kiyanne.
    osama bin laden ohugema katinma eka pakistanu jathika reporterwarayekuta pehediliwama kiwwa eyage wishwasayan okkoma awe sayyid qutbge poth kiyawalay kiyala. anwer al awlaki kiwwa ” mama e taram sayyid qutbge poth kiyewwe, mata denuna eya man gawa innawa wage” mata sakhshit tiyanawa. mama pehediliwama abiyogaya karanawa, wahabism or salafism nisa newey me aya trastawadeen une. megollo trastawadeen wune sayyid qutb,maududi saha hasan al bann kiyana ayage poth kiyawalay. mama kisima kenek andakameewa pilipadina keneku nowe. mama mata kisima labelayak danne ne. mama salafi newey, mama muslim. mama pilipadinne quranaya saha sahih wunu haditayan sahabawarun saha salaf warun kohoma understand karapu akarayatay. mama mata kiyaganne muslimwarayeku kiyay.
    ABU ALAMAWDOODILA TAMAY KIWWE RATAWAL ALLALA AYINSAKA,CHRISTIANS,JEWS,HINDUS WA MARANNA KIYALA. OBA TUMA EGOLLANTA SUDU UNU GANNA EPA. ALLAH(SWT( WISIN MAWAPU KISIMA KENEK WA NIRPARADE MARANNE TAHANAM. EKAY MAGE MATAYA. EKA MANUSSAYEK NIKAM MARUWOTH MULU MINIS SANHATIYAMA MARANAWA HA SAMANAY MEKAY ALLAH(SWT) QURANAYE KIYA TIBENNE. NABI(SAL) TUMANANUTH KIWWE
    “KAWURU ARI KENEKU DHIMMI(ISLAM PALANAYA YATATHE INNA NON MUSLIMS LA) KENEKU MARUWOTH, MAMA KIYAMATH DINAYEDI OHUGE WIRUDDAWADIYA WEMI” MEWANI KARUNAWEN SAHA DAYAWEN AHAPU DHARMEYAK WIKURTHI KARAPU MAUDUDI, QUTB WAGE PAPATARAYANTA KARUNAKARALA SUDU HUNU GANNA EPA. OBATUMATA WAHABISM MOKAKDA SAHA KAWARIJWARU KAWURUNDA KIYALA DENA GANNE ONE NAM MAMA LASTI BOHOMA KARUNIKAWA KIYALA DENNA.

    1. මට වහාබිසම් හෝ කවාරිජ් ගැන ඉගෙන ගන්න ඔබගෙන් අවශ්‍ය නැහැ. මට කෙ‍ලින්ම ශේක්ලගෙන්ම දැනුම ගන්න පුළුවන්. මොකද මම එයාලත් එක්ක එකට වැඩ කරන නිසා. මම ඔබ සමග පමණක් නොව එයාලත් සමගත් තර්ක කරනවා. මම එයාලටත් පෙන්නලා දුන්නා ඉස්ලාමය කුමක්ද? අරාබි සංස්කෘතිය කුමක්ද? කියලා. ඔසාමා බින් ලාඩන් හිටියේ සලෆි මන්හජ් ෆලෝ කරපු අය සමග බව මම දන්නේ එයාගේ සමකාලීනයන් තාමත් සවුදි වල ඉන්න නිසයි. ඒය අය සමග මම පුද්ගලිකව කතා බහත් කර තිබෙනවා. බින් ලේඩන්ව සවුදියෙන් පැන්නුවේ ඇමරිකාව කිවු පසුවයි. නමුත් ඔහුට සවුදියෙන් සල්ලි ගියා. ඒ කාගෙන්ද? ඉක්වාන් කට්ටියගෙන්ද? නැතිනම් සලෆි මන්හජ් ෆලෝ කරන කට්ටියගෙන්ද?

      ඔබ අන්වර් අල් අව්ලාකි ගැන සදහන් කළා. ඒ අය සෙය්යද් කුතුබ්ගේ පොත් කියෙව්වා කියන්නේ ඉක්වාන්ද? මෙතන ප්‍රශ්නය මුහම්මද් ඉබ්න් අබ්දුල් වහාබ් සවුදියේ දේශපාලනය සවුද් පවුලට උරුමයක් ලෙස දුන්නා. නමුත් ඔහුගේ නුතන අනුගාමිකයන්ට එය අනුමත කරන්න බැරිවුණා. ඔවුන් සෙයියද් කුතුබ්ගේ පොත් හරහා ඊට වඩා වෙනස් මගකට ගියා. මෙතන අල්කායිදා සහ ඉක්වාන් යන දෙකම එකම මග නම් ඔවුන්ට එක්වන්න බැරි ඇයි? එයට හේතුව අල්කායිදා සලෆි මන්හජ් ෆලෝ කරපු අයගෙන් කැඩිච්ච එකක් නිසා. නමුත් ඔබට අබුබකර් අල් බග්දාදි සහ ඔහුගේ ගෝලයන් ගැන එහෙම කියන්න බැහැ. ඔවුන්ගේ ඇදුමින් කතාවෙන් හැම අතින්ම සලෆි මන්හජ් ෆලෝ කරපු අය. අද සලෆි කට්ටිය එයාලා කවාරිජ් කියලා පෙන්නන්න ගහන්නේ මඩ. ශේක්ලා තමන්ගේ ගැලවිජ්ජාවට රවුම් කරලා ෆතුවා දෙනවා. ගෝලයන් ඒක උඩින්ම ගිලිනවා.

      එදා‍ ඊජිප්තුවේ මුර්සිලා බලයේ ඉන්න විට ඔවුන්ට විරුද්ධව සවුදියේ ශේක්ලා එකසිය ගානට ෆතුවා දුන්නා. අද ඊජිප්තුව ගැන මොනාද කියන්නේ? හ්ම් සද්දයක් නැහැ. ඇයි අද මොනවත් කියන්නේ නැත්තේ? ඒක මට මෙතන කියන්න බැහැ. මගේ කට අවුස්ස ගන්න එපා. සහෝදරයා ඔබ මෙතන තබ්ලීග් ගැන කතා කරන්න ගිහින් කරපු දේ බලන්න. මුල් කමෙන්ට් ඔක්කොම කියවලා බලන්න. ඔබට තේරෙන්නේ නැතිනම් තව කාගෙන් හරි අහලා බලන්න. මම කලේ හරි දෙයක්ද? කතා කලේ හරි තැනකද? කියලා. මම සාමාන්‍යයෙන් මෙවන් කතා වලට මැදට පනින්න කැමති නැහැ. නමුත් ඔබගේ භාවිතාව මාව ඒකට පෙලඹෙව්වා. ඔබගේ හිත රිදුනා නම් සමාවෙන්න. නමුත් ඔබ කිසියම් අනවශ්‍ය දෙයක් අනවශ්‍ය තැනක ඇද්ද නිසයි මේ දේ සිද්ද වුනේ.

  9. මට තවත් එකක් කියන්න අමතක වුනා. ලංකාවෙන් අයිසිස් එකට ගොස් මියගිය සර්ෆාස් නිලාම් මුහ්සින්ද මම පුද්ගලිකව හදුනපු කෙනෙක්. එයත් ඔයාලගේ සලෆි මන්හජ් එක ෆලෝ කරපු කෙනෙක්. මම දන්නේ නැහැ එයා කොහොම අයිසිස් එක හා සම්බන්ධ වුනාද කියලා. නමුත් ඒ පවුලම සලෆි මන්හජ් තමයි ෆලෝ කලේ
    EXAMPLE EKAK WIDIYATA:
    KENEK MUSLIM WELA INDALA, PASUWA, KAFIR KENEKU WELA ETA PASSE EYA ARA KAFIR WARUN EKKA EKATU WELA AHINSAKA MUSLIMWARUNWATH, KAFIRWARUNWATH MARUWOTH, EKATA ISLAM PALIDA???? UTTARA DENNA.
    OBA TUMA GEN NIKAMETA AHANNE, ATTATAMA SALAFI AQEEDA SAHA MANHAJ GENA ADINWEEMAK KARANNAKO BALANDA SAHODARAYA?

    1. කතාවෙන් පිට පනින්න එපා. ඔබ සලෆිවාදය උවමනා නැති ආකාරයට උස්සන්න ගිහින් දැන් කෙලවගෙන ඉන්නේ. අපේ කතාව මුලට යමු. ඔබ කිව්වේ අයිසිස් සහ අල්කායිදා ඉක්වාන් තුලින් ආවා කියලා. දැන් මම මෙයා සලෆි සංකල්පයෙන් ආපු කෙනෙක් කියලා කිව්වහම ඇයි පිට පනින්නේ? ඔයාගේ තර්කය දැන් බිදිලා ඉවරයි සහෝදරයා. වෙනත් දේවල් අරගෙන එන්න එපා මේක ඉවර කරලා ඉමු. කියන්න මෙයා හිටියේ ඉක්වාන්ද? සලෆිද?

      1. Sahodara anver,
        mama kisima tenaka isis or alqaeda, ikhwangen awa kiyala kiwwe ne, mama pehediliwama kiwwe, isis saha alqaedage wishwasaya kawarij wishwasayak kiyalay. obatuma mage kements eka ondin kiyewwoth obatumatha terey.O ba tumage tarkayan siyallama binda elunu nisa den obatuma mage comments tikath dannethi tenatha awith. kamak ne. oba tumawama apahasutawayakata path karanna mama asanethi nisa. mama example ekak kiyannam.
        WHAT WILL HAPPEN IF A KINDERGARDENER CHALLENGES A MATHS PROFESSOR ON THE TOPIC OF ALGEBRA? EVERYONE KNOWS WHAT WILL BE THE OUTCOME.

        1. ඔබ ඉතාමත් විශාල කමෙන්ට් එකක් එව්වා. දෙක ඔබ අනෙකුත් ඉස්ලාමීය ව්‍යාපාරයන් හෑල්ලුවට ලක් කළා. මම ඒකයි එම ප්‍රතිචාරයට ඉඩ නොදුන්නේ. අපේ ප්‍රතිපත්තිය කිසිදු ඉස්ලාමීය ව්‍යාපාරයකට මෙම බ්ලොගය තුල පහර නොදීමයි. අපි සිටින්නේ ඒ හැම ව්‍යාපාරයකම හොද දේ රැසක් ඇතැයි යන මතයේ. ඒ අයගෙන් කවුද ස්වර්ගයට යන්නේ කියලා තිරණය කරන්නේ අල්ලාහ් විසින්. ඔබලා වගේ අපි පෙරවිනිශ්චයකට යන්න කැමති නැහැ. මම පෙන්වා‍ දුන්නේ අල්කායිදා සහ අයිසිස් මුහම්මද් ඉබ්න් අබ්දුල් වහාබ්ගේ ගුරුකුලයෙන් කැඩී ආ අයයි කියලා. ඔබලා එයාලට වෙනම ලේබල් ගහන්නේ ඔබලාගේ ජාම බේරගන්න බව අපි දන්නවා.

          ඇත්තෙන්ම අද ‍මුස්ලිම් ලෝකය තුල මෙතරම් ප්‍රශ්න ඇති වීමට හේතුව සවුදිය සහ ඉරානය. විශේෂයෙන් සවුදි පාලකයන්ගේ භාවිතාව. ඒවගේම සවුදිය අස්සේ ඉදන් ෆතුවා දෙන විද්වතුන්ගේ භාවිතාව. ඔවුන් නිවැරදිව සවුදිය තුල ඉස්ලාමීය නැඹුරුවකට ඉඩ සැලසුවා නම් අද ලෝකය පුරා ඇතිවෙලා තිබෙන ප්‍රශ්න රැසක් මගහැරෙනවා. ඔවුන් එය කරන්නේ නැහැ. අරු කවාරිජ් මු කාෆිර් කිය කිය ෆතුවා දෙනවා‍. එතකොට සවුදි පාලකයා මොකෙක්ද කියලා කියන්නේ නැහැ. නිදසුනක් ලෙස ඔවුන් ලිබියාවේ ගඩාෆි ගැන ෆතුවා දුන්නා. ඊජිප්තුවේ මුර්සිට විරුද්ධව ප්‍රකාශ නිකුත් කළා. එතකොට සවුදි පාලකයා? ඒකට කියන්නේ කන්න ගියාම කබරගොයා තලගොයා කර ගැනීමේ න්‍යාය.

          මට ඔබත් සමග තර්ක කිරීම වැඩක් නෙමෙයි. නමුත් ඔබ මෙතන අනිත් මිනිස්සුන්ගේ විශ්වාසයන්ට ගරහනවා. මම කැමති නැහැ ඒකට. ඔබලාට අවශ්‍ය නම් ඒක කරන්න ඒකට වෙනම වෙබ් අඩවියක් ඒකට ඇරගන්න. හැබැයි බල්ලෙක්වත් ඒකට එයි කියලා මට ෂුවර් එකක් නැහැ.

          ඔබ මෙතන මට අපහාසයක් වෙන දෙයක් පලකර තිබෙනවා. මෙම වෙබ්අඩවියේ නීතිරීති අනුව එය පලකිරීම වැරදියි. නමුත් මම මෙය පලකළා. ඔබගැන අනිත් මිනිස්සු හිතා ගනියි.

    1. මම ඔබගේ ප්‍රතිචාරය මකා දැම්මා. මම කණගාටු වෙනවා ඔබ වගේ පුද්ගලයෙක් සමග තර්ක කරන්නට යාම. ඔබට තර්කනය දන්නේ නැහැ. අන්ධව හිතනවා. අන්තවාදීව කතා කරනවා. ඔබගේ දිග ප්‍රතිචාරයට මමත් දිගටම පිළිතුරු දෙන්නද? එතකොට මම මගේ වැඩේ නතර කරලා ඔබගේ ඕන්නැති දිග හෑලි වලට උත්තර දීලා මම මගේ කාලය විනාශ කරගන්නද? මම ඒකට උත්තර දුන්නාම ඔබ ඊටත් වඩා දිග එකක් එවයි. ඒකටත් උත්තර දෙන්න ඕනද? එම ප්‍රතිචාර මෙතන දාලා නැති ප්‍රශ්න ඇති කරන්නද? මම කලින්ම කිව්වේ අල්ලාහ්ගේ යහමග ලැබෙන්න කියලා පතනවා කියලා ඒකයි. යම් යම් ශේක්ලා උගන්නන දේ අන්ධව විශ්වාස නොකර ලෝකය සමග ගලපලා සසදලා එය පිළිගන්න. මම ඔබ තරම් උගතෙක් නොවෙන්න පුළුවන් නමුත් හැම මිනිහටම කාඩ් ගහලා එයාලව පහත් කරන්න තරම් මම අන්තවාදියෙක් නෙමෙයි.

  10. හොඳ සංවාදයක් සිදුකර ගෙන ගිහිල්ලා තියෙන බවක් පේනවා. ප්‍රමාද වෙලයි දැක්කේ. මං හිතන්නේ අපි සංවාද කලයුත්තේ විනයානුකූලව අනුන්ට කරදරයක් (irritate) නොවන ආකරයට. මං දැක්කා ඇතැමුන් තමන්ගේ (ජමාත්) දෘෂ්ටිවාදය උලුප්පලා පෙන්නන්න අනිකුත් ප්‍රතිපත්තීන් පදනමක් නැතුව විවේචනය කරලා තියෙනවා, ඒවගේම ඔවුන් සම්බන්ධයෙන් අල්ලාහ්ගේ අනාගත විනිශ්චයත් මොවුන් බාර අරන් තියෙනවා. මං නම් දකින්නේ ඔවුන්ට කුරානය හා හදීසය සම්බන්ධයෙන් තිබෙන දැනුම මදියි කියලායි. ඔවුන් බොහෝවිට කරන්නේ කුරානය හා හදීසය පොතක් විදිහට ගෙන පිලිපදින්නට යාම. ඒකේන් වෙන්නේ සංකීර්ණ ගැටලුවකදී පිලිතුරු නැතිව ප්‍රශ්ණයෙන් මගහැර යාම. මුස්ලිම් සහෝදරත්ව, ජමාත් ඉස්ලාමි වැනි නුතනත්වයට ලැදි සංවිධානයන් ඔවුන් අතින් විවේචනයට ලක්වන්නේ මේ නොහැකියාව නිසයි කියලයි මම හිතන්නේ. තබ්ලීග් ව්‍යාපරය සම්බන්ධයෙන් මගේ අදහස වෙන්නේ ඔවුන් පසුගාමී. ලෞකිකත්වයෙන් ඈත්වෙච්ච සංවිධානයක් විදිහටයි. අඩුපාඩු තිබුනත් ඔවුන්ගේ සමස්ත මෙහෙවර අපිට ප්‍රතික්ෂේප කල නොහැකි.

      1. Brother anverta anuwa yazidiwarun,zorostrawarun,shikhwaru, okkoma hari. Habay, mama wagey niweradi islam dharmaya adahana aya antawadee. mekata tamay kiyanne anda bawaya kiyala. mekata tamay kiyanne ikhwan ul muslimeen kiyala. mama Allah(swt) dua illanawa me ayata hidayath eka denna kiyala.

        1. මා නොකියු දේවල්ද එකතු කර මා වැරදිකාරයෙක් කිරීමට යත්ත දරා ඇති බව ඔබගේ ප්‍රතිචාරයෙන් පේනවා. නමුත් මේ කියවන අය ඉහලින් තිබෙන මගේ ප්‍රතිචාර කියවා මගේ පිළිවෙත හිතා ගනු ඇත. මෙසේ මධ්‍යස්ථ මතධාරීන්ට අභුත චෝදනා නැගීම අන්තවාදී ගතියයි. මම ඔබව හොදින් හදුනා ගෙන ඇති නිසා ඔබ පවසන දේ ගනන් නොගනිමි.

Comments are closed.