හාජ්ජියාර්, ශේක් සහ මවුලවිලා කියලා කොටස් ඉස්ලාමයේ ඉන්නවද?

හාජ්ජියාර්, ශේක් සහ මවුලවිලා කියලා කොටස් ඉස්ලාමයේ ඉන්නවද?

මම දවසක් කෙනෙකු ගැන කතා කරන විට අසවල් හාජි කියා තවත් කෙනෙකුට පැවසුවා. හාජි! එයා මොන හාජිද? ඔහු මගෙන් ප්‍රශ්න කළා. ඇයි ප්‍රශ්නයක්ද? මම පෙරළා ඔහුගෙන් ඇසුවා. එයා හජ් කරලා නැහැනේ!. අහා! හජ් කරාමද හාජි වෙන්නේ? ඇත්තටම මා සමග කතා කළ තැනැත්තා හජ් වන්දනාව ඉටුකළ කෙනෙක්. නමුත් මම අර හාජි කී තැනැත්තාට තවම හජ් කරගන්න බැරිවු කෙනෙක්. දැන් මෙයාට ප්‍රශ්නයක් මම අරයට හාජි කියපු එක. ඒක මෙයාගෙ තත්වෙට මදිකමක් වගෙයි.

ඇත්තටම හාජි කියන්නේ හජ් කරපු අයටද? හජ් කරපු අයට හාජි කියන්න ඉස්ලාමයේ පවසා තිබෙනවාද? එතකොට හජ් ඉස්ලාමයේ පස්වැනි කුළුණයි. ෂහදා කියපු අයට කියන්නේ මුස්ලිම් කියලා කියමු. එතකොට පස්වේල සලාතය කරන අයටත් වෙනම නම්බු නාමයක් තියෙනවද? මාසයක්ම නෝම්බි අල්ලපු එකට වෙනම නම්බු නාමයක් තියෙනවද? සකාත් හරියට ගෙවන අයට වෙනම නම්බු නාමයක් තියෙනවද? ඇත්තෙන්ම එහෙම දෙයක් ඉස්ලාමය දේශනා කරලා නැහැ. තමන් කරන යහ ක්‍රියාවන්ට මෙහෙදි නම්බු නාමයන් හොයන අයට විනිශ්චය දිනයේදී අල්ලාහ්ගේ ඉදිරියේ නම්බුව හිමිවේද? යන්න ඔවුන් සොයා බැලුවාද?

ඒ වගේම අද අපේ සමාජයේ මවුලවි කියා පිරිසක් බිහිව තිබෙනවා. එහෙම එකක් ඉස්ලාමයේ දේශනා කර තිබෙනවාද? නබිතුමාණන්ගේ කාලයේ ඉස්ලාම් විද්වතුන්ට පැවසු නම්බු නාමය කුමක්ද? මෞලවිද? ඇත්තෙන්ම මවුලවි කියන වචනය අරාබි බාසාවේ වචනයකුත් නෙමෙයි. නමුත් අද සමහරු තමන්ව හදුන්වා ගන්නේ තමන් අසවල් මවුලවි කියලයි. එයාට ගරුත්වය එයාම ලබා ගන්නවා. මෙය නබි මගට පටහැනි වු දෙයක්. කෙනෙකු ගෞරවය සොයා යෑම නරකයි. ගෞරවය ඔහු සොයා ආ යුතුව තිබෙනවා. ගෞරවය ඔහු සොයා පැමිණෙන්නේ කෙසේද? ඔහු ගෞරවය ගැන නොතකා යහ ක්‍රියාවන් සිදුකරන විටයි.

මට දිනක් ‍සහෝදරයෙක් ඔහුගේ මංගල ආරාධනා (මගුල් කාර්ඩ්) පත දුන්නා. මම ඒක දිහා හොදින් බැලුවා. ඒකේ එයාගේ නමට කලින් අස්-ශේක් කියලා ගහලා තිබුණා. මම ඒ සම්බන්ධව මුලින් නොපවසා මෙහෙම ඇසුවා. ෂහ්! ලස්සනට කාර්ඩ් එක ගහල තියෙනවා. කවුද මේක ප්ලෑන් කළේ? මමම තමයි! ඔහු ආඩම්බරෙන් පැවසුවා. හා! ඇත්තද? එ‍තකොට මේකේ අස්-ශේක් කියලා ගහගත්තෙත් ඔයාමද? මම අහපු ඒ ප්‍රශ්නයට ඔහුව සීතල වෙලා ගියා. එයාගේ වෙඩින් කාර්ඩ් එකේ එයාම අස්-‍ශේක් කියලා ගහගෙන. මේක හරිද? මම තවත් බොහෝ අයගේ විසිටින් කාර්ඩ් වල පවා දැකලා තියෙනවා එයාලම නමට කලින් අස්-ශේක්, මවුලවි කියලා ගහගත්තු. මේවා වැරදියි කියලා ගොඩක් මුස්ලිම් අයට දන්නෙ නැහැ. මොකද මේ වැරදි වැඩ කරන්නේ එයාලට ඉස්ලාම් උගන්වන අයමනේ!

මුහම්මද් නබි(සල්) තුමාණන් ඉතාමත් නිහතමානී ගතිගුණ තිබුණු උත්තමයෙක්. එතුමා කිසි දිනෙක මෙහෙම ගෞරවය සොයා ගිය කෙනෙක් නෙමෙයි. නබි වදන් වල සටහන් වෙලා තියෙනවා අපේ නබිතුමා එකල යන විට මිනිසුන් තමුන්ගේ ආසන වලින් පවා නැගිට සිටියේ නැහැ කියලා. එයට හේතුව අප නබිතුමා අකමැතිම දෙයක් නම් එතුමා යන විට මිනිසුන් ගරුත්වය සදහා නැගිට සිටීම බවට ඔවුන් දැන සිටි නිසයි.

 

 

 

6 Comments to “හාජ්ජියාර්, ශේක් සහ මවුලවිලා කියලා කොටස් ඉස්ලාමයේ ඉන්නවද?

  1. Assalmu alikum Akatama mata apa slmic school akata apu dawaswala oy mulavi, kiyanna nama mata nitarama ahica dayka. Avita mata tniwama siheyata naguna oykarnawa. Atakota apa nabi tama sama atinma anga smpurana oy hjji wandanawa etu karapu kanak attatama ahama ma ayata ahama nam iy a nawa nam nabi tumata tyanna manka nha Ai nabi tuma hama atima anga sanpurana danimak tibana niasa.

  2. ඇත්තෙන්ම සමාජයේ මෙවන් වචන බොහෝ දුරට ඇසිය හැකිය එවන් වචන බාවිතා කරන්නේ යම්කිසි පුද්ගලයෙක්ව හදුන්වන විට එම පුද්ගලයාව ගව්රව ලෙසින් ආමන්ඨරනය කිරිමටයි. අපේ පන්සලේ හාමුදුරැවන්ට ඉස්සර මුස්ලිම් මිනිස්සු කතාකරන්නේ සාදු කියාය ඒවගේම අපි පල්ලියේ මව්ලවි තුමන්ට කතාකලේ ලෙබ්බෙ කියා. අපි වෙසක් වලට දන්සැල් දිම සදහා එක් එක් කඩගානේ ගිහිල්ලා ආදාර එකතු කරනකොට මුස්ලිම් කඩයකට ගියගමන් අපි මුදලාලිට කියන්නේ හාජියාර් මහත්තයා කියලා.

  3. Islam dharmayata anuwa moulawi,sheikh wage nam dameemen kisima prashnayak nehe. mehema dana eke islam haram karalath nehe. Mama hithanney anver sahodarayata kawru hari maulawi warayek boot ekak deela athi ekay mechchara tarahen katakaranne.

    1. තව්ෆීක් මහත්තය ලේජ්ජ නැතිද මෙහෙම කතා කරන්න මොන පාසලටද ඔබ ගියේ

      1. Saudi mahatthaya, cool down. mama kiwwe atthe. Islam dharmayata anuwa maulawi,sheikh kiyannata puluwan. obage saha anver brotherge, tarkayata anuwa muhammad nabi(sal) tumata “nabi” kiyanaekath ehenam weradi. ay ekath pattamak ne. quranaya kiyawala balanna. Allah(swt) muhmin, muhsin, muslim kiyala pattam muslim warunta deela tiyanawa. etakota mekath weradi kiyalada kiyanne?

        1. අල්ලාහු තආලා මුහම්මද් නබිසල්ලල්ලාහු අලෛහිවසල්ලම් තුමාණන්ට තනතුරක් ලබා දුන්නා. ඒ රසුල් වරයෙකු ලෙසයි. ඒ ඇරෙන්න එතුමාගේ අනුගාමික සහබාවරුන් එකල හැදින්වුයේ ඔවුන්ගේ නමින්මයි. යා උමර්, යා අබුබකර් යනුවෙන් මිනිසුන් ඔවුන්ට කතා කළා. කවුරුත් කාටවත් ශේක් කියලා කතා කියලා සදහනක් නැහැ. මවුලවි කියලා වචනයක් අරාබි බසෙහි ඇත්තෙත් නැහැ.

          මුස්ලිම්, මුමින්, මුහ්සින් යනු මිනිසාට ලගා කරගත හැකි තත්වයන්ය. අල්ලාහ් විසින් මිනිසුන් මුමින් වරුන් ලෙස අමතා ඇත. නමුත් මිනිසුන් එකිනෙකා මෙම තත්වයන් තමන්ගේ නම්බු නාමයන් ලෙස භාවිතා කර නැත.

          මම මේ ප්‍රතිචාරය දැම්මේ තව්ෆීක් මහතාට නොව ඔහුගේ බොරු ඉගැන්වීම් වලින් රැවටෙන්න ඉඩ තිබෙන ජනතාවටයි.

Comments are closed.