ඉංජිනේරු තාක්ෂණයේ පුරෝගාමීන් වන අල්-ජසාරි Al-Jazari සහ බනු මුසා Banu Musa

ඉංජිනේරු තාක්ෂණයේ පුරෝගාමීන් වන අල්-ජසාරි Al-Jazari සහ බනු මුසා Banu Musa

අපි රෝබෝවරු නිශ්පාදනය කරන නුතන තාක්ෂණයේ සිට අති පැරණි වතුර පොම්ප සහ උපක්‍රම ක්‍රමවේදය දක්වාවු මාවත සොයා ගත්තා. කාර්මික විප්ලවය ලෝක ඉතිහාසය නව සංධිස්ථානයකට ගෙන ඒමට සමත් වෙලා තිබෙනවා. මනුෂ්‍යයාගේ නුතන හැසිරීම් රටාවේ සිට මිනිසාගේ අනෙකුත් සෑම පැතිකඩක් දක්වාම එය බලපා තිබෙනවා.

17 වෙනි සියවසේදී යන්ත්‍රසුත්‍ර හඳුන්වා දීම, බොහෝ විට ජලය හෝ වාෂ්ප මගින් බලගැන්වීම මගින් ආහාර නිශ්පාදනය, වෛද්‍ය ක්‍රමවේද, නිවාස සහ ඇඳුම් යන ක්ෂේස්ත්‍රයන්හි විප්ලවීය වෙනසක් ඇති කළා.

මෙම රූපරාමු මගින් විද්‍යාවේ රන් යුගය සම්බන්ධව, න්‍යායාත්මක භෞතිකවේදී ජිම් කලීල් theoretical physicist Jim al-Khalili විසින් අතීත මුස්ලිම් ලෝකය සංකීර්ණ ස්වයංක්‍රීය උපකරණ භාවිතා කළ ආකාරය අධ්‍යනය කරන්නේ එය වසර 800කට පමණ පසුව යුරෝපයේ ඇතිවු කාර්මික විප්ලවයට මග සැලසු බැවිනි.

ජිම් ඔහුගේ මෙම චාරිකාව ආරම්භ කරන්නේ ස්ථාවර වට්ටෝරු අනුව විවිධවු ආහාර පාන සකසන රෝබෝ මුළුතැන්ගෙයක සිට නුතන ස්වයංක්‍රීයකරණයේ වැදගත්ම සාධකය සමගයි. ජිම් මෙම නවීන ඉංජිනේරු තාක්ෂණය සමග සමානතාවයන් අතීතයෙන් සොයා ගන්නේ බනු මුසා සහෝදරයින් තිදෙනෙකු විසින් නම වන සියවසේදී රචිත කිතාබ් උල් හයිල්  Kitab al-Hiyal (The Book of Tricks) නම්වු ග්‍රන්ථයෙනි.

අපි රූප සටහන් මාත්‍ර සහ සංකීර්ණ ක්‍රමවේදයේ විස්තර ලබා ගන්නේ ජල සැකසුම් යන්ත්‍ර සහ විනෝදාත්මක උපකරණ මගිනි. ජිම් මේ සඳහා බනු මුසා සහෝදරයින් විසින් සොයාගත් ජනප්‍රිය නව නිපැයුමක් වන “ඉබේ හැඞවෙන නලාව” මගිනි.

එමෙන්ම අපි තුර්කි ඉංජිනේරු අල්-ජසාරිගේ නිපැයුම් වු නිවාස සහ ගොවිපොලවල් දක්වා ජලය සැපයෙන ජල පොම්ප/ජල උපකරණයන්හි ආකෘතීන් සොයා ගත්තා.

ඉංජිනේරු මහාචාර්ය අටිල්ලා බිර් අපට පෙන්වුවා අල්-ජසාරි විස්තර කරන හස්ති ඔරලෝසුව එනම් ආකර්ශණීය පෙනුමක් සහිතව වෙලාව දක්වන සංකීර්ණ යාන්ත්‍රණය. අල්-ජසාරි විසින් රචිත කිතාබ් ෆි මරිෆාත් අල් හියාල් අල් හන්දසියියා Kitab fi marifat al-hiyal al-handasiyya (කාර්මික උපකරණ ක්‍රියාත්මක කරවීම් දැනුමේ පොත) නම් වු පොතෙහි මෙම ඔරලෝසුවේ සැකසුම අඩංගුය. මෙම පොතෙහි පිටපතක් තුර්කියේ ඉස්තාන්බුල් නුවර සුලේමානියා පුස්ථකාලයේ තැන්පත් කර ඇත.

අවසානයේ ජිම් විසින් ගුවන් නියමුවෙකු සහ ගණිතඥයෙකු වන ඇන්ඩි ග්‍රීන් මහතාගේ සහය ලබා ගන්නවා. ඒ රන් යුගයේ තවත් ඉතාමත් වැදගත් හිමිකමක් පිලිබඳව සොයා බැලීමට. එනම් තමන්ට ගුවනින් යාම සඳහා අත්තටු සාදාගත් අන්දලුසියාවේ සහ ඉස්ලාමීය ස්පාඥ්ඥයේ නිර්මාපකයා වන අබ්බාස් ඉබ්න් ෆිර්නාස් Abbas Ibn Firnas ගේ කතාවයි.

 

 

අල් ජසීරා ඇසුරින්