හොර හරක් මස් හලාල්ද?

හොර හරක් මස් හලාල්ද?

අප වෙබ්අඩවිය පුවත් පලකරන්නට පටන් ගත්දා සිට හොර හරක් සම්බන්ධව පුවත් කිහිපයක්ම පලවිය. ඇත්තෙන්ම මාධ්‍ය තුල එවැනි පුවතක් පලවුවහොත් අනිවාර්යයෙන්ම අප විසින් එය පල කරමු. බොහෝ විට මෙම සිදුවීම් වලට ඈදෙන්නේ මුස්ලිම් නම්ගම් ඇති අයයි. මේ නිසා අපට පුද්ගලික පණිවිඩ මගින් බැණ වදින අයද නැත්තේ නොවේ. කෙසේ නමුත් හොර හරක් මස් හලාල්ද? යන්න අපගේ මුස්ලිම් සහෝදර/සහෝදරියන් සිතා බැලිය යුතු බව අපගේ අදහසයි. අප මෙහිදී කතා කරන්නේ නීති විරෝධී අයුරින් ගවයින් ප්‍රවාහනය කිරීම, අනවසරයෙන් ගව ඝාතණය වැනි දේ සම්බන්ධවයි.

ඇත්තෙන්ම අද ලංකාව තුල ගව ඝාතනය සම්බන්ධව සමහරු බොරු විරෝධයක් මතුකර ගවමස් ව්‍යාපාරය මෙන්ම පශු ගොවි ක්ෂේස්ත්‍රයද අසීරුතාවයට පත්කර ඇති බැව් සැබෑය. අප වෙබ්අඩවිය විසින් මෙම අන්තවාදීන්ට දැඩිලෙස පහර දුන්නෙමු. විශේෂයෙන් පසුගිය රාජපක්ෂ පාලන සමයේදී ආගමික අන්තවාදීන් විසින් විශාල වශයෙන් ගව ඝාතනාගාර වැසීම්, ගවමස් කඩ වසා දැමීම් මෙන්ම මෙම ව්‍යාපාරික ස්ථාන වලට පහර දීම්ද සිදුවිය. අප එහිදී ඒවාට එරෙහිව පෑන මෙහෙය වුයෙමු. ඒ එක් පැත්තකි. මෙහි අන්තවාදයේ තවත් පැත්තක්ද ඇත. ඇත්තෙන්ම දෙදිශාන්තයන්ම අන්තවාදය බව අප වටහා ගත යුතුය. පැහැදිලි සිංහලෙන් කියනවා නම් බොරු ආගමික හේතු දක්වා ගවමස් ව්‍යාපාරයට අකුල් හෙලන්නන් අන්තවාදීන් සේම නීතී විරෝධී අයුරින් හෝ ගවමස් කෑමට වෙර දරන්නාද අන්තවාදියෙකු බව පැවසිය යුතුමය.

ගව ඝාතනයට එරෙහි වන්නන් මුලින් විරෝධතා වලින් එය වැලැක්වීමට උත්සාහ දැරූ එය බැරි බව දුටු නිසා ගව ඝාතනය වලක්වන්නට නීතිරීති වල සහය ලබා ගැනීමට උත්සාහ දැරිණි. මේ අනුව ඔවුන් සමහර නගරසභා/ප්‍රාදේශීය සභාවන්හි ගවමස් කඩ ටෙන්ඩර මිලදී ගෙන එම ගවමස් ව්‍යාපාර වසා දමන ලදී. මර්වින් සිල්වා වැනි අමන මරිමෝඩ දේශපාලකයන්ද ඊට හවුල් විය. මෙහිදී මෙම තත්වය ජය ගැනීමට මගක් නීතියෙන් පාදා ගැනීමට හැකියාවක් තිබුණු නමුදු ඊට කිසිවෙකු ඉදිරිපත් නොවීය. ඇත්තෙන්ම පාරිබෝගිකයන් විසින් මුලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කළා නම් මෙය ජය ගැනීමට හැකියාවක් තිබුණු බව අපගේ වැටහීමයි. කෙසේ නමුදු මෙම තත්වය මත ගවමස් හිඟයකට මුහුණ දෙන්නට සිදුවී ඇත. මෙමගින් අතුරු ඵලයක් ලෙස ගවමස් මිලද ඉතාමත් දැඩිලෙස ඉහල ගොස් ඇත.

මේ නිසා සමහරු නීති විරෝධී ගවමස් ව්‍යාපාරයට අතගසා තිබෙන්නේ ආගමික හේතු මත නොව මුදල් හම්බ කිරීමට බව අප‍ගේ අදහසයි. ගවමස් මිල ඉහලයි. ඉල්ලුමත් ඉහලයි. මේ නිසා හොරෙන් හෝ හරකෙක් මරාගත්තොත් විකුණා හොද මුදලක් ලබාගත හැක. නමුත් මෙය ආගමානුකූලද? බිස්මිල්ලාහ් (අල්ලාහ්ගේ නාමයෙන්) යැයි කී පසුව අල්ලාහ් මෙය අනුමත කරයිද? ඇත්තෙන්ම රටක නීතිරීති කඩා ගවමස් කෑමට ඉස්ලාමයෙන් අනුමත කර නොමැති බව මොවුන් වටහා ගත යුතුය. එමෙන්ම සමහර පුවත්වලින් ගැබ්බර දෙනුන්ද මරා දැමීමට කළ උත්සාහයන් අප හෙළිකළෙමු. ගැබ්බර එළදෙනුන් මස් පිණිස මැරීම දහමකට එකගද? ගවමස් නොකෑවා කියා ඔබ මිය යන්නේ නැත. අඩුපාඩුවක් සිදුවන්නේද නැත. ප්‍රශ්නයට විසදුම නීතිරීති කැඩීම නොවේ. නීතිරීති තුලින්ම අපි අපගේ අයිතිවාසිකම් දිනා ගැනීමයි. එවැනි දේකට ලංකාවේ ඉඩකඩ ඇත. එමෙන්ම එයට බහුතර ජනතාවගේ සහයෝගයද දිනා ගත හැක. මන්ද බෞද්ධ ජනතාවගෙන්ද බහුතරයක් ගවමස් අනුභවයට ප්‍රියතාවයක් දක්වති. ඔවුන්ට ගවමස් ආහාරයට ආගමින් තහනමක් පනවා නොමැත.

ආගමික අන්තවාදීන්ට බයේ කිසිදා අපි අපගේ අයිතිවාසිකම් දිනා ගැනීමේ සටන් නොනවත්වමු. නමුත් අපගේ සටන සිදුවිය යුත්තේ සදාචාරාත්මක පසුබිමක බවද අවධාරණය කරමු. එය සිදුවිය යුත්තේ නීත්‍යානුකූල පදනමක් මතයි. ඊනියා ගව ඝාතන විරෝධීන්ට එරෙහිව ඔබ දක්වන විරෝධය හොර හරක්මස් ජාවාරම් කරුවන්ටත් දක්වන්න. අපගේ සටන සාධාරණ වන්නේ එවිට බව අපගේ අදහසයි.

 

 

 

6 Comments to “හොර හරක් මස් හලාල්ද?

  1. හොද ලිපියක්. ඇත්තෙන්ම ගව මස් කඩ නගර බද ස්තාන වල වැඩිවශයෙන් වියාපාර කරන්නේ මුස්ලිම් ඇත්තන්ය. ගම්බද ගව මස් කඩ අන්ය ආගමිකයන් බහුතරයක් වියාපාර කරති. නමුත් මෙම හොර හරක් මස් අන්ය ආගමිකයන් අනුබව කලාට කම්නැත මක්නිසාද කිවහොත් ඔහුන්ට හලාල් සන්කල්පයක් නැත, නමුත් මුසල් මානුවන් වන ඔබලාට එසේ නොවේ ඔබලාට හලාල් කමිටුවක් ඇත ඔහුන් සෑම අහාරයක් සදහාම සහතික නිකුත්කරති මෙවන් පසුබිමක හොර හරක් මරන්නන් ගැන මුස්ලිම් ජනතාව මෙයට වඩා වැඩි අවදානමක් යොමුකල යුතු සහ එවන් වියාපාරිකයන්ව නිතියේ රැහැනට හසුකල යුතුය.

  2. මුලින්ම මේ සිංහල බෞද්ධ රටේ හරක් මස් කෑම ආරම්භ කරන්න ප්‍රධාන හේතුවක් වුනේ මුස්ලිම් ජාතියකයන් විසින් මෙරට ආරම්භ කළ හරක් මස් කඩ නිසා බව තලතුනා උදවිය කියති. මුස්ලිම් අය ඌරු මස් නොකන නමුත් මස් ව්‍යාපාරය තුළින් බොහෝ ලාභ උපයා කෝටිපතියන් බවට පත්ව සිටිනුයේ මුස්ලිම් ව්‍යාපාරිකයන් බව නොරහසකි. අපට මුස්ලිම් අය සමඟ කිසිදු තරහක් හෝ පුද්ගලික අමනාපකමක් නැත. අපට ඇත්තේ අපේ සිංහල ජාතිය බෞද්ධ ආගම නැති වීම පිළිබඳව සැබෑ වේදනාවක් පමණකි. මෙහි මුස්ලිම් අය පමණක්ම ප්‍රතිචාර දක්වන බව පැහැදිලිව පෙනී යයි. මෙහෙම තැනකට ඇවිල්ලා අපේ සැබෑ අයිතිය වෙනුවෙන් මෙහෙම හරි හඬක් නැගුවාට මට ඊට විරුද්ධව බොරු මඩ ප්‍රචාර සහිතව ප්‍රති උත්තර ලැබීමට සිදු විය හැකි බව මම හොඳාකාරවම දනිමි. නමුත් කරන්නට දෙයක් නැත හෘදය ශාක්ෂියට එකඟව මෙසේ සටහන් කිරීමට සිදුවීම පිලිබඳව මා සමඟ උරණ නොවන ලෙස මුස්ලිම් අයගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එසේම මගේ සටහන පළ කිරීමට කාරුණික වන මෙන්ද ඉල්ලමි.

    1. නංගී ඔයත් එක්ක අපිට කිසිම තරහක් නෑ. ඒක ඔයාගේ මතය. අපි මෙතන කතා කලේ ගව ඝාතනය සම්බන්දවයි. ඔයා මෙතන කියනවා අපට ඇත්තේ අපේ සිංහල ජාතිය බෞද්ධ ආගම නැති වීම පිළිබඳව සැබෑ වේදනාවක් පමණක් කියා. මම දන්නෙ නෑ ඒක කොහොමද ගව ඝාතනයත් එක්ක සම්බන්ද වෙන්නෙ කියලා.

  3. මේ රටේ හොර හරක් මස්කඩ හොරට හරකුන් මැරීම සත්ව ඝාතනය වගේ පව්කම් මුලින්ම පටන් ගත්තේ කව්ද? සිංහල බෞද්ධයන්ට හරක් මස් කෑම පුරුදු කලේ කව්ද? මුස්ලිම්වරුන් සල්ලි හම්බ කරන්න මාංශ වෙළඳාම ආරම්භ කලා. අදටත් මේ ලංකාවේ වැඩිපුරම මස් මාංශ සහිත ආහාර වෙළඳ සැල් ව්‍යාපාරික මට්ටමෙන් ඉහළින්ම කරන්නේ කව්ද මුස්ලිම් ප්‍රජාව. එයාලා අනික් අයට හැකිතාක් මස් මාංශ අලෙවි කරලා හොඳ ලාබයක් උපයනවා. බුදුරදුන් බෞද්ධයන්ට මස් මාංශ වළඳන්න එපා කියලා නැහැ. කියලා තියෙන්නේ මස් මාංශ අලෙවි කරන්න එපා කියලයි. මස් මාංශ අලෙවිය බුද්ධ දේශනාව අනුව මිථ්‍යා ආජීවයට අයත් වැරදි ජීවිකා වෘත්තින් අතර එකක්. මස් පිණිස සතුන් අලෙවි කිරීමත් මස් මාංශ අලෙවි කිරීමත් මේ අනුව යහපත් බෞද්ධ ජනතාවක් ඉන්න මේ රටට කොහෙත්ම ගැලපෙන්නේ නැහැ. නමුත් ලාභ ලැබීමට ඇති ගිජුකම නිසාම මුස්ලිම් ව්‍යාපාරිකයන්ට මේකේ බරපතලකම වැටහෙන්නේ නැහැ. මුස්ලිම් ආගමේ කියන්නේ ලේ ගොඩාක් උඩ ඉඳලා හරකව මරන්න කියලයි. නමුත් මුස්ලිම් මිනිස්සු කරන්නේ මොනවාද රතු පාට තීන්ත ගාපු ලෑල්ලක් උඩ ඉඳලා හරකාව මරන එකයි. හරකාගේ ඔලුවට වැර යොදා පොරවෙන් කොටනවා කැතිවලින් පොලුවලින් ගහලා ඉතාම තිරිසන් විදිහට මස් මඬුවල හරක් මරනවා ඕන තරම් දැකලා තියෙනවා. මුස්ලිම් ව්‍යාපාරික ප්‍රජාවට මීට වඩා සාධාරණ කටයුත්තකට මුදල් ආයෝජනය කරන්න බැරිද? හරක් මරන එක කොයි තරම් පව්ද? ඝාතන සංස්කෘතිකට අනුබල ලබා දෙන මුස්ලිම් අය කොහොමත් සංවේදී නැති බව අපට අමුතු දෙයක් නොවෙයි.

    1. ඔයා හිටගෙන බොරු ලියනවා. මුස්ලිම් ආගමේ කියන්නේ ලේ ගොඩක් උඩ ඉදලා හරකව මරන්න! රතුපාට ගාපු ලෑල්ලක්! ඔළුවට වැර යොදා පොරවෙන් කොටනවා! කැති පොලුවලින් ගහලා! සාමාන්‍ය කුඩා මුස්ලිම් දරුවෙකු පවා දන්නවා ඔබ මෙතන ලියලා තියෙන්නේ පට්ට බොරු කියලා. මේවායින් කාවද රවටන්න හදන්නේ? කාටද මේ බොරු කියන්නේ? මෙවන් සහගහන බොරු දෙසන ඔබගේ දහම ගැන මිනිසුන්ට පහන් සිතක් ඇතිවේද?

      බෞද්ධයන්ට හරක් මස් කන්න පුරුදු කළේ මුස්ලිම් වරුන්ද? එතකොට ත්‍රිපිටකයේ මේ සම්බන්ධව මොනවද කියන්නේ? ඒ කියන්නේ බුදුහාමුදුරුවන්ගේ කාලයෙත් මුස්ලිම් අය හිටියද? ඔයා ලස්සනට ඔයාගේ ගොන්කම ප්‍රදර්ශනය කරලා තියෙන බව දැන් තේරෙනවද?

    2. එහෙනම් මේ ධීවර අමාත්‍යංශයක් හැදුවේ ලංකාවේ මුස්ලිම් වරුන්ද නෝනේ

Comments are closed.