කාන්තාවන්ට රිය පැදවිය නොහැකි සෞදි අරාබියට ගුවන් යානයක් පදවාගෙන ගිය මුස්ලිම් කතුන් තිදෙනා!

කාන්තාවන්ට රිය පැදවිය නොහැකි සෞදි අරාබියට ගුවන් යානයක් පදවාගෙන ගිය මුස්ලිම් කතුන් තිදෙනා!

සවුදි අරාබියේ කාන්තාවන්ට රිය පැදවීමට නීතියෙන් ඉඩක් නැහැ. නමුත් මුළුමහත් ලෝකයේම අනෙකුත් සියළුම මුස්ලිම් රටවල කාන්තාවන්ට රිය පැදවීමට තහනමක් නැහැ. අනෙක දියුණු මුස්ලිම් රටවල් රැසක කාන්තාවන් තමන්ගේම රිය පදවන ප්‍රතිශතය අපේ රටේ රියපදවන කාන්තා ප්‍රතිශතයට වඩා කිහිප ගුණයකින් වැඩි බවත් කිව යුතුයි. කෙසේ නමුත් සවුදි අරාබියට ගුවන් යානයක් පදවාගෙන ගිය මුස්ලිම් කාන්තා නියමුවරියන් තිදෙනෙකු ගැන විද්‍යා ගවේෂන බ්ලොග් අඩවිය අනාවරණය කර තිබුණා. මේ එම පුවතයි.

 

මුස්ලිම් කාන්තාවන්ට රියපදවන්නටත් තහනම් සෞදි අරාබියට ඩොලර් මිලියන 200ක අති නවීන ගුවන්යානයක් මගීන් 300ක් සමග පදවාගෙන ගොස් ගොඩබැස්වූ මුස්ලිම් කාන්තා ගුවන් නියමුවන් තිදෙනා!!

රාජකීය බෲනායි ගුවන් සේවයේ කපිතාන් ෂරීෆා හෂීම් (වමේ), ජ්‍යේෂ්ඨ පියාසර නිළධාරී නාදියා ඛෂෙයිම් (මැද), පියාසර නිළධාරී සරියානා නෝදින් (දකුණේ) ඔවුන්ගේ ඓතිහාසික පියාසැරියට පෙර සිය බෝයිං 787 ඩ්‍රීම් ලයිනර් ගුවන්යානයේ නියමු මැදිරියේ
බෲනායි රාජකීය ගුවන්සේවය මෙම පියාසැරිය සංවිධානය කලේ බෲනායි ජාතික දිනය සඳහා වන සැමරුමක් වශයෙන්. ධනවත් මුස්ලිම් රාජ්‍යයක් වන බෲනායි රාජ්‍යය සිය රටේ කාන්තාවන්ට දී ඇති අයිතිවාසිකම් හා වගකීම් ලොව හමුවේ විදහාදැක්වීම මෙම පියාසැරියේ අරමුණ වුනා.
කෙසේ වෙතත් අවාසනාව වන්නේ මෙම දිරිය කාන්තාවන් තිදෙනාට මගී ජීවිත 300ක වගකීම ගැනීමට හා ඩොලර් මිලියන 200ක් වටිනා අති නවීන අධිතාක්ශණික ගුවන් යානයක් බෲනායි සිට කිලෝමීටර් දහස් ගණනක් ඈතින් ඇති සෞදි අරාබියේ ජෙඩා ගුවන් තොටුපොලට පියාසර කරවාගෙන යන්නට අවශ්‍ය පුහුණුව, අවසරය හා සහයෝගය ලබාදීම බෲනායි රාජ්‍යය මෙන්ම ජාත්‍යන්තර නීති රාමුව ලබාදුන්නත් ඔවුන් ගොඩ බසින ලද සෞදි අරාබිය කාන්තාවන්ට කාරයක් පැදවීම පවා තහනම් රටක් වීමයි.
සංස්කාරක සටහන:
සවුදි අරාබියාව ඉස්ලාමීය ෂරියා පාලනයක් සහිත රටක් කියා ඔවුන් පැවසුවාට එය ඇත්තටම ඉස්ලාමීය ෂරියා පාලනයක් සහිත රටක් නොවන බව අප පවසන්නේ මෙවැනි කරුණු නිසයි. ඇත්තෙන්ම කාන්තාවන් රිය පැදවීම සම්බන්ධව අනුමැතියක් හෝ විරෝධයක් සෘජුව ෂරියාවෙහි දක්වා නැහැ. මේ නිසා විද්වතුන් විසින් කරන ලද ඉජ්තිහාද් සොයා බැලිය යුතුයි. එහිදී බොහෝ විද්වතුන් පෙන්වා දෙන්නේ නුතන යුගයේ කාන්තාවක මහරම් හෙවත් අනුමැතිය රහිත පුරුෂ රියදුරෙකු සමග රියක යනවාට වඩා තනිව වාහනය පැදගෙන යාම යහපත් බවයි.

9 Comments to “කාන්තාවන්ට රිය පැදවිය නොහැකි සෞදි අරාබියට ගුවන් යානයක් පදවාගෙන ගිය මුස්ලිම් කතුන් තිදෙනා!

  1. ඉස්ලාම් ආගම ගැන යමක් දන්නා මුස්ලිම් සගයන් පවසන්නේ;ඉස්ලාම් ආගම සෞදී අරාබියේ බිහිවුනාට දැන් එහේ තියෙන පාලනය සම්පූර්ණයෙන්ම ඉස්ලාමය විනිවිද පෙනෙනසුළු නොවේ. කොටින්ම රාජකීය පාලනයක් ඉස්ලාමයේ නොමැත.පරම්පරාවෙන් පරම්පරාවට එක පවුලක් රටේ පාලනය කරගෙන යාමට අනුකූලතාවයක් ඉස්ලාමයේ දී නොමැත. මුලම වරද්දාගෙන අනෙක් දේවල් හරි කියා කියාගන්නේ කෙසේද.කාන්තාවන් රිය පැදවීම කෙසේවෙතත් රජපවුලේ හා බවලත් ගණයට අයත් කාන්තාවන් ඇමෙරිකාවට ගොස් දාන සෙල්ලම් ෂරීආ නීතියට එකඟද?ඇමෙරිකාවේ රූකඩයෙක්වන සෞදී අරාබිය මෝඩයා කරගෙන ඉස්ලාමයට පටහැනි තීන්දු තීරණ ගැනීමට මෝඩ සෞදී අරාබියේ රජ්ජුරුවන් පොලඹවාගෙන ඉස්ලාමයට අපකීර්තියක් ගෙනදීමට යුදෙව්වන් සමග ඇමෙරිකාව මුලසිටම ක්‍රියාකරමින් සිටීම නොරහසක් බව දන්නේ උගතුන් පමණකි.

    1. I dont know why driving is banned in Saudi for women, may be it is connected with mahram. islamically a women cannot go out alone without a Mahram. (blood relations) If in case they go with a mahram they should be allowed. But this is a full ban which means there is no Islamic point of view. As far as I know Islam doesn’t ban driving by women. So Saudi cannot be ruled as a Islamic law country.

  2. “කෙසේවෙතත් රජපවුලේ හා බවලත් ගණයට අයත් කාන්තාවන් ඇමෙරිකාවට ගොස් දාන සෙල්ලම් ෂරීආ නීතියට එකඟද? ”

    Jilian මහත්තය ඔය කියන කතාව ඇත්තක්ද ?

    1. එම සෙල්ලම් wikileaks ලිපි වල සහ ඉඳහිට ප්‍රවෘත්ති වල පල වෙනවා. සෞදිය ඇතුලේ ඒවා බ්ලොක් කරලා ඇති.

  3. මම හිතනවා ඔබ දෙදෙනා නිරපරාදේ කාටවත් චෝදනා කරන්නේ නැහැ කියා එසේ කලානම් ඒක මහා පාපයක් වනවා

  4. මට නිකමට වගේ හිතෙනවා සවුදි අරාබියාවේ ඉස්ලාමීය ෂරියා පාලනයක් නැතිනම් ලංකාවෙද තියෙන්නේ කියා? ෂරියා නිතිය 100% ක්‍රියාත්මක වන රටක් ලොකයේ තියෙනවාද? දැන් ඔබ සදහන්කරන කාරනය තමා කාන්තාවන්ට රිය පැදවීමට තහනමක් නැහැ එත් සවුදි අරාබියාවේ තහනම් කරලා කියනදේ. මගේ දැක්මට අනුව ලංකාවේ බික්ෂුවකට අපි ගරු කරන ආකාරයට සවුදි අරාබියාවේ කාන්තාවන්ට ඔහුන් ගව්රවය කරනවා විය හැකිය. බික්ෂුවකට රියදුරු බලපත්රයක් දෙන්නෙ නැත්තේ ඇයි? දහමට අනුව රිය පැදවීම වරදක් නොවේ එහෙත් සමහරවිට බික්ෂුවක් රියපදවා යම්කිි අනතුරක් සිදු උවහොත් එම බික්ෂුවට දඩුවම් කිරිමට සිදුවේ එය බික්ෂු ගව්රවයට හානියකි එය මග හරවාගන්න බික්ෂුවකට රියදුරු බලප්‍රත්‍ර නොදෙනවා වියහැකිය. එම නිසා මෙවන් අදහසකින් සවුදි කාන්තාවන්ටත් රිය පැදවීම තහනම් කොට ඇත්දැයි මා නොදනිමි.

    1. නියම “ඉස්ළාමීය ෂර්යා”අනුව පාළනය වන කිසිදු රටක් අද ලෝකයේ නොමැත. නබිතුමා හා එතුමාගේ අනුගාමිකයින්ගේ පාළන කාළවලින් පසුව මුස්ළිම් ප්‍රජාව බහුතරය වුනු මැද පෙරදිග අරාබි හා ගිණිකොනදිග ආසියානු රටවල් “ඉස්ළාමීය ෂර්යා”වෙන් සීමිත උද්ධෘතයන් සිය රටේ දණ්ඩ නීති සංග්‍රහයට හඳුන්වා දීම පමණකි සිදුව ඇත්තේ.

  5. mokakda me darmaya, mama avihinsa wadee wemi, sathun nomarami, sathun mawa atte apata kemata nam, muwan sawun weni sathun apa lagatama paminya yutui kema sandaha. mama evani deyak daka nomatha. tawada sariya neethiya anuwa belikapeema magin minisun nivaradi kala nohaka. nivaradi avabodaya deema magin eya kala haka. samahara agam danya ras kireema sah puttu (sons) hadeema karanna kiya uganwanwa. lokaya tula sampath seemithai. lamai hadala hadala wed wuna data siyaluma dena wanda wee yanu atha .

    1. අවිහිංසාවාදී වීම යනුවෙන් ඔබ අදහස් කරන්නේ කුමක්දැයි මම නොදනිමි. නමුත් මිනිසාට පරපණක් නොනසා විසුමක් නැති බව පමණක් දනිමි. ඔබ කියන ආකාරයෙන් මුවන් වැනි සතුන් පමණක් නොව ගස්වැල් පවා හානි ඇතිකර ගැන්මට කැමැත්තක් නොදක්වන බව නුතන විද්‍යාව පෙන්වා දෙනවා. අනෙක පරපණක් නොනසා ඔබට අද එලවළුවක් හෝ වවාගත නොහැක.

      ශරියා නීතිය ගැන නොදන්නා මගුල් කතා කරන්නට එපා. ශරියා නීතිය යනු බෙලි කැපීම නොවෙයි. ඔබට අවශ්‍ය නම් මේ වෙබ්අඩවියේ පැරණි ලිපි කියවා ඒ සම්බන්ධව අවබෝධය ලබාගන්න.

      ඔබ අවසානයට පවසා ඇති ජනගහන ප්‍රශ්නය නුතන මිනිසුන්ට ගැටළුවක් වී නොමැත. ජනගහනය වැඩි වීම අවධානමක් වු දාට මිනිසුන් ඒ සම්බන්ධව කිසියම් තීන්දු තීරණ ගතහැක. රටක පාලනයක් විසින් එවැනි තීරණයක් ගතහොත් මුස්ලිම්වරයාට එයට අවනත වීමට ගැටළුවක් නැත. කරුණාකර තවත් දහමකට ගරහන්නට පෙර එය සම්බන්ධව නිවැරදි ලෙස හදාරා බලන්න. ඔබගේ ප්‍රතිචාරය අවසානයේ අල්ලාහ්ට අවමන් කරන වැකියක් තිබුණා. එය කපා දමා මෙම ප්‍රතිචාරය පලකලේ ඔබ මෙම අඩවියට නවකයෙක් නිසයි. කරුණාකර අන්දහම් වලටද ඔබේ දහම මෙන් ගරු කිරීමට ශිෂ්ඨ වන්න

Comments are closed.