නසීර් අහමඩ් සම්බන්ධව පක්ෂයෙන් විනය පරීක්ෂණයක්! හකීම් පරක්කු වෙලා කියයි!

නසීර් අහමඩ්, රවුෆ් හකීම්, Naseer Ahamad, Rauff Hakeem

නැගෙනහිර මහ ඇමති නසීර් අහමඞ් සාම්පූර්හිදී නාවික හමුදා නිලධාරියෙකුට බැණ වැදීම තමන් විසින් අනුමත නොකරන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක ඇමති රවුෆ් හකීම් මහතා පවසයි. මහනුවරදී පැවති උත්සවයක් අතරතුරුදී මාධ්‍ය වෙත අදහස් පල කරමින් අමාත්‍ය රවුෆ් හකීම් මහතා කියා සිටියේ මේ සම්බන්දයෙන් නැගෙනහිර මහ ඇමතිවරයාට එරෙහිව විනය පරික්‍ෂණයක් පක්ෂය තුල සිදු කරන බවයි.

නැගෙනහිර මහ ඇමති නසීර් අහමඩ් මහතා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නියෝජ්‍ය නායකයා ලෙස කටයුතු කරයි. නාවික හමුදා නිලධාරියාට බැණවැදීමේ සිදුවීම සම්බන්ධයෙන් පක්‍ෂ නායක ඇමති රවුෆ් හකිම් මහතා මාධ්‍ය වෙත අදහස් දැක්වූයේ පළමු වතාවටයි. හකීම් මහතා මෙලෙස ප්‍රශ්නයක් ඇති වු විට ඊට ඉතාමත් පරක්කු වී පියවර ගැනීම සම්බන්ධව ප්‍රසිද්ධ පුද්ගලයෙකි. පසුගිය ගංවතුර ආපදා තත්වය තුලදී කොලොන්නාව ප්‍රදේශයේ සංචාරයට ගිය ඔහුට ජනතාව බැනවැදුනේද සියල්ල සිදුවී අවසාන වු පසුව එහි පැමිණි නිසයි.

කෙසේ වෙතත් අපවෙත වාර්තා වන පරිදි මුස්ලිම් කොංග්‍රසයට නසීර් අහමඩ් මහතාට විරුද්ධව දැඩි ක්‍රියාමාර්ගයක් ගැනීමට අපහසු තත්වයක් ඇත. එයට හේතුව පක්ෂයේ දේපල සහ ආදායම් සම්බන්ධව වැඩි බලයක් තිබෙන්නේ නසීර් අහමද් මහතාට බවට වාර්තා වෙනවා.