නසීර් අහමඩ් කොන්දේසි විරහිතව සමාව ගත යුතුයි! රවුෆ් හකීම් පවසයි

රවුෆ් හකීම්, නසීර් අහමඩ්, Rauff Hakeem, Naseer Ahamad

ආන්දෝලනාත්මක සිද්ධියක් වන ත්‍රිකුණාමලය සාම්පුර් පාසල් උත්සවයක් අතරතුර නාවුක හමුදා අණදෙන නිලධාරියෙකු අපහසුතාවයට පත්වන අයුරින් සිදුකළ බව පැවසෙන ප්‍රකාශය සම්බන්ධයෙන් නැගෙනහිර පලාත් ප්‍රධාන අමාත්‍ය නසීර් අහමඩ් මහතා කොන්දේසි විරහිතව සමාව ගතයුතු බව ඔහු නියෝජනය කරන මුස්ලිම් කොංග්‍රසයේ නායක රාවුෆ් හකීම් මහතා අවධාරණය කර සිටිනවා.

අමාත්‍යවරයා ත්‍රිකුණාමලයේ කින්නියා ප්‍රදේශයේ උත්සවයක් අමතමින් ප්‍රකාශ කලේ ප්‍රධාන අමාත්‍යවරයා විසින් සමාව ගත් පසුව සිදුවු සිද්ධියට පාදක වු කරුණු සම්බන්ධව සොයා බැලිය හැකි බවයි.

ඇතැම් පිරිස් දේශපාලන වාසි ලබා ගැනීම සදහා මෙවැනි සිදුවීම් යොදා ගන්නා බවත් එවැනි පාර්ශව වලට ඒ සදහා අවස්ථාව දීමෙන් වැලකී සිටිය යුතු බවටත් අමාත්‍ය වරයා අවධාරණය කර ඇත.

අප සමග ගැටෙන්න සුදානමින් සිටින ඇතැම් පාර්ශව වලට අපම ගිහින් හසුවන එක සිදුනොවිය යුතුයි. දැන් සමාව ඉල්ලුවත් ඒ තුලම කොටුවී සිටින තත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා. මොකද මීට පිටුපසින් දේශපාලන අරමුණු තිබිය හැකියි.

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා විසින් මේ සම්බන්ධව නිසි පියවර ගනු ඇතැයි රවුෆ් හකීම් මහතා මේ අවස්ථාවේදී විශ්වාසය පලකළා.

පසුගිය මහමැතිවරණ සමයේදී අපි භුතයේ වල දැම්මා. ඔවුන් නැවත ජීවය ලබාගන්න දරණ උත්සාහයට ඉඩ සලසන්නේ නැතිව ඉන් මිදීමට මග සෙවිය යුතුයි.

මුස්ලිම් කොංග්‍රසයේ නායකයා වශයෙන් රටේ ස්ථාවරය, සුළු ජාතීන්ගේ සහ සෙසු සමාජයේ ගෞරවය පිලිබද අවධානය යොමු කොට තමා මීට මැදිහත් වු බව අමාත්‍ය වරයා වැඩි දුරටත් පවසා සිටියා.

මේ අතර එම සිදුවීම සම්බන්ධයෙන් නාවික හමුදා නිලධාරියා සහ තමා යන දෙපාර්ශවයම එකිනෙකාගෙන් සමාව ගත යුතු බවයි නැගෙනහිර පලාත් මහඇමති නසීර් අහමඩ් පසුගිය සෙනසුරාදා ජනාධිපති සහ අගමැති යන දෙපලට ලිපියක් යවමින් ප්‍රකාශ කර ඇත්තේ.

 

 

 

 

One Comment to “නසීර් අහමඩ් කොන්දේසි විරහිතව සමාව ගත යුතුයි! රවුෆ් හකීම් පවසයි

Comments are closed.