ඉස්ලාමෝපෝබියා යනු ඩොලර් මිලියන ගණනක ව්‍යාපාරයක්! වාර්තාවක් පෙන්වා දෙයි

ඉස්ලාමෝපෝබියා යනු ඩොලර් මිලියන ගණනක ව්‍යාපාරයක්! වාර්තාවක් පෙන්වා දෙයි

වාර්තාවකට අනුව 2008 සිට 2013 වසර දක්වා කාලය තුල ඇමරිකාවේ මුස්ලිම්වරුන්ට විරුද්ධව වෛරය සහ කෝපය ජනතාව අතර උත්සන්න කිරීමට විවිධ අන්තවාදී සංවිධාන විසින් ඩොලර් මිලියන 200කට වඩා වියදම් කර තිබෙන බවට පැවසෙනවා. මේ බව වාර්තා කරන්නේ ඇමරිකානු ඉස්ලාම් සම්බන්ධ කවුන්සිලය CAIR සහ බාර්කෙලි හි කැලිෆොර්නියා විශ්ව විද්‍යාල සමීක්ෂන කංඩායමක් විසිනි.

සදුදා පිටත් වුණු එම වාර්තාවට අනුව මෙයට සම්බන්ධ සංවිධාන 74ක් හදුනා ගෙන තිබෙනවා. මේ සංවිධාන අතර ස්ත්‍රීවාදී, කිතුණු, සයනිස්ත සහ ප්‍රසිද්ධ පුවත් ආයතන ඉස්ලාමෝපෝබියාව සදහා මුල්‍යාධාර කරඇති බැව් හෙළිවී තිබෙනවා.

“මෙය එක්තරා කර්මාන්තයක්. මේ තුලින් ඇතැම් පුද්ගලයින් විසින් ඉස්ලාමෝපෝබියාව ප්‍රවර්ධනය කිරීමෙන් වසරකට ඩොලර් මිලියන ගණනක් උපයනවා. ඔවුන් සමාජයට පෙන්නුම් කරන්නේ තමන් ඉස්ලාම් ක්‍රියාකාරිත්වය සම්බන්ධව හසල දැනුමක් සහිත අයවලුන් ලෙසයි.” CAIR හි මාධ්‍ය ප්‍රකාශක විල්ෆ්‍රර් අම්ර් රුයිස් අල්ජසීරා වෙත පැවසුවා.

ඔවුන් ඇමරිකානු ජනතාවට ඒත්තු ගන්වමින් සිටින්නේ මුස්ලිම්වරුන් යනු හොද මිනිසුන් නොවන බවත් ඔවුන් කිසිදා ඇමරිකාවට පක්ෂපාත පුරවැසියන් නොවනු ඇති බවත්ය. කයිර් හි මාධ්‍ය ප්‍රකාශකයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ඔවුන්ගේ පුධාන ඉලක්කයන් දෙකක් බවයි. එනම් මුස්ලිම්වරුන්ට විරුද්ධ ද්වේෂ ප්‍රහාර සමාජය තුල වැඩි කිරීමත් සහ මුස්ලිම්වරුන්ට විරුද්ධ නීතිරීති වැඩිකිරීමත් බවයි.

නිදසුනක් ලෙස පසුගිය වසරේ පමණක් ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ පමණක් මුස්ලිම්වරුන්ට එරෙහිව ද්වේෂ ප්‍රචන්ඩ ක්‍රියාවන් 500%ක ප්‍රතිශතයකින් ඉහල ගොස් ඇතැයි ඔහු පෙන්වා දෙනවා. මුස්ලිම් පල්ලි වලට විශාල තර්ජන සහ මුස්ලිම් සමුහයන් වෙත බෝම්බ ප්‍රහාර එල්ල කරන තර්ජන රැසක් වාර්තා වී තිබෙනවා.

ෆ්ලොරිඩාවේ පාලනාධිකාරිය පවා ඉස්ලාමීය ඉතිහාසය පෙන්නුම් කරන පොත්පත් අධ්‍යාපන විෂයන් වලින් ඉවත් කර තිබෙනවා. ඔවුන්ට අවශ්‍ය ඉස්ලාමීය ඉතිහාසය වසා දමන්නයි.

2013 වසර දක්වා බලන කල රටතුල නීති සම්පාදනය කිරීමේදී මුස්ලිම්වරුන්ට එරෙහිව නීතිරීති රැසක් සම්පාදනය කර තිබෙනවා. මෙම නීතිරීති 81 ක් ඉස්ලාමීය වත්‍පිළිවෙත් වලට බාධා පැමිණවීමේ අරමුණින් කර ඇති ඒවා වන අතර එම නීතිරීති වලින් 80ක්ම ඉදිරිපත් කර තිබෙන්නේ අැමරිකානු රිපබ්ලිකන් පක්ෂයෙන් බවද වාර්තා වෙනවා.

 

 

 

2 Comments to “ඉස්ලාමෝපෝබියා යනු ඩොලර් මිලියන ගණනක ව්‍යාපාරයක්! වාර්තාවක් පෙන්වා දෙයි

Comments are closed.