රමදාන් කරීම්ද? අල්ලාහ් කරීම්ද?

රමදාන් කරීම්ද? අල්ලාහ් කරීම්ද?

බොහෝ දිනක් නිදහස් අදහස් තීරයට යමක් ලියන්නට බැරි වුණා. ඉතිං මේ රමදාන් කාලය නිසාත්, රමදාන් මුබාරක්ද? රමදාන් කරීම්ද? යන්න ගැන ප්‍රශ්නයක් සමාජයේ ඇති නිසාත් ඒ ගැන ලියන්නට සිතුණා. ඇත්තටම රමදාන් කරීම්ද? මම කියනවා ඔව්! නමුත් ඒ එක්තරා පිරිසකටයි. ඒ කාටද? බිස්නස් කාරයන්ට! ඇත්තටම අද බිස්නස් කාරයින්ට රමදාන් කරීම් වෙලා.

කරීම් යන නාමය අල්ලාහ්ට අයිති නාමයන් එනම් අස්මාඋල් හුස්නාවේ එන නාමයන් 99න් එකක්. එහි අර්ථය අධිත්‍යාගශීලී සහ අතිවිශිෂ්ඨ යනුවෙන් සිංහලෙන් පරිවර්තනය කරන්න පුළුවන්.  ඉතිං රමදාන් කරීම් වෙන්නේ කාටද? සැබෑ මුස්ලිම්වරුන්ට නම් අල්ලාහ් කරීම් ලෙස අපට පවසන්නට පුළුවන්. කෙනෙකු තමන්ගේ දරුවෙකුට කරීම් යන නාමය යොදන්නේ නම් අබ්දුල් කරීම් හෙවත් කරීම්ගේ සේවකයා ලෙස තබා ගන්නවා විනා සෘජුවම කරීම් යැයි නොතබයි. ඒ අල්ලාහ්ට කරන ගරු කිරීමක් වශයෙන්.

බිස්නස් කාරයන්ට නම් රමදාන් මාසය අධිත්‍යාගශීලී මාසයක් වෙලා. ඇයි? ඒ අයගේ බඩු භාංඩ සියල්ලම අධික මිලකට විකුණාගත හැකි වෙලා. ඇත්තටම මම රමදාන් මාසයේදී මට පුද්ගලිකව ඇදුම් ගන්නේම නැහැ කියන්න පුළුවන්. එයට හේතුව ෂර්ට් එකක සහ කළිසමක සාමාන්‍ය මිල රමදාන් මාසයේදී මිල අධික වෙනවා. අනික හොද තත්වයේ ඇදුම් ගන්නත් හරි අමාරුයි. මොකද බොහෝ දෙනෙකු ඇදුම් ගන්න නිසා තොග ඉක්මණින් ඉවර වෙනවා. ඉතිං බහුතරයක් මිනිස්සුන්ට සාප්පු ගියාම ගන්න වෙන්නේ තේරිච්ච ඇදුම්.

මම ඒ නිසා බොහෝ විට ඊද් දිනයට අදින්නේ තිබෙන හොදම ඇදුමක් මිසක් අලුතෙන්ම ගත්ත ඇදුමක් නෙමෙයි. නමුත් මට ගැලපෙන, මගේ මුදලට පෑහෙන ඇදුමක් දැක්කොත් ඕනම වෙලාවක මිලට ගන්න මම පැකිලෙන්නෙත් ‍නැහැ. මම මෙහිදී කියන්න උත්සාහ කරන්නේ ඇදුම් ගන්න මට රමදාන් කියා වි‍ශේෂයක් නැති බව පමණයි. මේකෙදි සමහරුන් මාව විවේචනය කරන්නත් පුළුවන්. ඒකට මට ප්‍රශ්නයක් නැහැ. මොකද මම ආවේ සැබෑ ඉස්ලාමය සොයා ඒක පිළිපදින්න මිසක් මුස්ලිම් සංස්කෘති සම්ප්‍රදායන් රකින්න නෙමෙයි.

මට පුද්ගලිකව රමදාන් මාසය කියන්නේ ආහාර අඩුවෙන්ම ගන්න මාසයක්. ඒ නිසා රමදාන් මාසයේ පුද්ගලික වියදම ඉතාමත් අඩුයි. නමුත් අපේ බහුතරයක් මුස්ලිම් සහෝදර/සහෝදරියන්ට නම් රමදාන් මාසය අනිකුත් මාස වලටත් වඩා වියදම් අධික මාසයක්. ඒ ඇයි? බත් මාලු වලට මුදල අඩු වුනාට කට්ලට් පැටිස් වලට වැඩියෙන් සල්ලි යනවනේ! ඒත් එක්ක කෝඩියල්, ෆලුඩා! මෙකී නොකී රසකැවිලි බීම! මේ ඔක්කොම වියදම් යනකොට සාමාන්‍ය මාසයන්ට වඩා රමදාන් මාසයේ වියදම අධික වෙලා. ඉතිං බිස්නස් කාරයන්ට රමදාන් කරීම් වෙලා. ඒක ඇත්තනේ!

මේවා ගැන මම කතා කරනකොට බහුතරයක් අය කියන්නේ “ඉතිං මේක අපේ සංස්කෘතියක් වෙලානේ! දැන් මේක වෙනස් කරන්න අමාරුයි.” එතකොට මගේ හදවත ඔවුන්ට නොකියා කියන්නේ “ඉතිං ගොම්බූරුවෝ ඉස්ලාම් එකේ නැති මගුල් සංස්කෘති කරගෙන ඉන්නේ තොපිලනේ! තොපි එකා එකා මේ සංස්කෘතියෙන් ඈත් වෙනවනම් මුළු සමාජයම වෙනස් වෙනවනේ!”

 

 

 

 

10 Comments to “රමදාන් කරීම්ද? අල්ලාහ් කරීම්ද?

  1. Okkomatama issella, oba ramazan mase hariyata patan gattada? local moonsighting eke indagena me wage articles oba liyanawa. taraweeh rakat keeyakda pray karanne oba? muslimwarun okkoma bidah tika karagena Allah(swt) gen ramalan anisansath labay kiyala itana wada?

    1. ඒකට ඔයා පංඩිතය වෙන්න එපා. ලංකාවේ අයට දෙන්න ඕන දේවල් අල්ලාහ් දෙයි. මම ලංකාවේ නෙමෙයි ඉන්නේ. මගේ දේවල් ඔබ හොයන්න යන්න එපා. ඒවගේම අනුන්ගෙ රෙද්දවල් හොයන්නත් එපා. ඔබගේ දේ පමණක් හොදින් හොයා බලන්න.

      1. Oba mekata witarak uttara dennako. local moonsighting eka bidahda natda? yes or no . echcharai mata dena gannata one.

        1. ඒක අහගන්නව රිස්වි මුෆ්තිගෙන් හරි වෙන කාගෙන් හරි. මට අදාල දෙයක් නෙමෙයි. මම මේ රටේ ජීවත් වෙන කෙනෙක් නෙමෙයි.

          1. Oba me rate jeewath wena ekada natthda eka nemey metana tiyenne. oba muslimwarayek. oba pilipadiya yutte rizvy muftiwa nemey Allah(swt) saha rasool(sal) wa. Oba lankawe kenek nathnam ay lankawe prashna gena witarak obe blog eke liyanne

          2. ඔව් මම ලංකාවේ ප්‍රශ්න ගැන ලියනවා. නමුත් ඔබගේ පුද්ගලික ප්‍රශ්න නෙමෙයි ලංකාවේ ප්‍රශ්න. ඔබගේ පුද්ගලික ප්‍රශ්න මට අදාල නැහැ. මම ලියන්නේ ජාතික ප්‍රශ්න ගැන පමණයි. මම ඔබට නැවතත් කියන්නේ ඔබටයි සිල්මිටයි තිබෙන ප්‍රශ්න මට ප්‍රශ්නයක් නෙමෙයි. ඔබට ප්‍රශ්නයක් තියනවා නම් ඒක සිල්මිගෙන් අහගන්න.

  2. තවුෆික් සහෝදරය මෙතන මාතෘකාව රමදාන් කරිමිද අල්ලාහ් කරින්මිද? ඵම මාතෘකාව යටතේ දක්වාඅැති කරැනුද.ඉතා යහපත් හා බුද්ධිමත්බවද පෙනේ. නුඹට අැති ගැටලුව රමදාන් අාරමිභය ඡාතියන්තරද නැද්ද. කියලනේ.මෙම රමදාන් මාසය ඹබ අාරමිභකලේ කුමණ ක්‍රමයටද (ලංකාවට සිමාවිද. නැත්නමා ඡාතියන්තර වද කියලා කියන්නකෝ. )

Comments are closed.