බංගලාදේශ ප්‍රහාරයේදී කුරාන් වැකි කියා බේරීමට අවස්ථාව තිබියදීත් මිතුරන් වෙනුවෙන් දිවිදුන් ෆරාස් හොසේන්!

බංගලාදේශ ප්‍රහාරයේදී කුරාන් වැකි කියා බේරීමට අවස්ථාව තිබියදීත් මිතුරන් වෙනුවෙන් දිවිදුන් ෆරාස් හොසේන්!

බංගලාදේශයේ ඩකා අගනුවර අවන්හලකට පසුගිය දා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය පිරිස අතර තම මිතුරන් වෙනුවෙන් දිවි දුන් වීර මිතුරෙකු පිළිබඳ වාර්තා වෙනවා. ෆරාස් හොසේන් Faraaz Hossein නම් මෙම විසි හැවිරිදි තරුණයා තවත් මිතුරන් දෙදෙනෙකු සමඟ අවන්හලක සිටින අවස්ථාවේ ඒ තුළට කඩා වැදුණු ත්‍රස්තවාදීන් ඔවුන් ප්‍රාණ ඇපයට ගත් අතර කුරානයේ ඇති පාඨයක් මතකයෙන් කීමට හැකි පුද්ගලයින්ව නිදහස් කිරීමට කටයුතු කර තිබුණි.

ඉස්ලාම් බැතිමතෙකු වූ නිසා එසේ නිදහස් වීමේ අවස්ථාව ෆරාස්ට පහසුවෙන් හිමි වී ඇති නමුත් ඔහු සමඟ සිටි අනෙක් මිතුරන් දෙදෙනාට ඒම අවස්ථාව අහිමි වී ඇත. ෆරාස් මේ පිළිබඳව විමසූ අවස්ථාවේදී තමන්ට නිදහස ලැබුණද තම මිතුරන් කුරානයේ පාඨය නොදන්නා බැවින් මරා දමන බව පවසා ඇත.

ඔහු එයට අභීතව මුහුණදී කියා ඇත්තේ ඔවුන් නිදහස් නොකරන්නේ නම් තමාවද මරන ලෙසයි. ඒ කිවූ ලෙසම ත්‍රස්තයන් ඔවුන් තිදෙනම මරා ඇත. මේ නිසා ෆරාස් ගැන දැන් ලෝකයම කතා කරයි.

විදෙස් උසස් අධ්‍යාපන ආයතනයක අධ්‍යාපනය හදාරමින් සිට නිවාඩුවක් සඳහා බංගලිදේශයට පැමිණී සිටි ෆරාස් හුසේන් අගෝස්තුවේ නැවත ඇමරිකාව බලා යාමට නියමිතව තිබුණ අතර මෙම අනපේක්ෂිත සිද්ධිය නිසා මිය ගියේය.

FARAZ-HOSSAIN WITH FRIENDS, ෆරාස් හොසේන්‍ මිතුරන් සමග
FARAZ-HOSSAIN WITH FRIENDS, ෆරාස් හොසේන්‍ මිතුරන් සමග

 

 

 

 

 

4 Comments to “බංගලාදේශ ප්‍රහාරයේදී කුරාන් වැකි කියා බේරීමට අවස්ථාව තිබියදීත් මිතුරන් වෙනුවෙන් දිවිදුන් ෆරාස් හොසේන්!

  1. marunu muslim nowana aya gana sokaya pala karala lipiyak sakas karanna tawama bari unada?

  2. අන්තවාදී ඉස්ලාම් භක්තිකයන් අතර අන්තවාදී නොවන මැදහත් ලෙස කටයුතු කල හැකි ඉස්ලාම් භක්තිකයනුත් සිටින බව මෙයින් පැහැදිලියි. එනමුත් ශුද්ධවූ කුරාණයේ නාමයෙන් මෙලොව කොතෙකුත් ඝාතන සිදුවී ඇත්ද? ඉදිරියටත් කොතෙකුත් සිදුවෙයිද? එහෙයින් බහුතර අන්‍ය ආගමිකයිනට තේරුම් යන්නේ කුරාණය අකුරක් නෑර පිළිපදින්නා අන්තවාදියෙකු බවයි. අන්තවාදී නොවන ඉස්ලාම් භක්තිකයන් කුරාණය හරි හැටි නොපිළිපදින බවයි.

    1. ඔබගේ ප්‍රතිචාරය මම දකින්නේ කරුණු හරිහැටි අධ්‍යනය නොකර විනිශ්චයකරුවෙකු දුන් තීන්දුවක් ලෙසයි. කරුණාකර නැවත කරුණු කාරනා හරිහැටි සොයා බලා නිගමනයකට එන්න. ලොව හැම දහමකම අන්තවාදීන් ඇත. නමුත් ශාස්තෘවරුන් අන්තවාදයක් දේශනාකොට නැත.

Comments are closed.