තිස් අවුරුදු සාපයට නැවත අතවනන බෞද්ධ නාමයෙන් ක්රියාත්මක වෙන අන්තවාදී ප්රවණතා! චානක තිලකරත්න

චානක තිලකරත්න, Chanaka Thilakarathne

ගණනින් අතළොස්සක් ලෙස සැලකිය හැකි වුවද රජයේ රැුකවරණය හා අනුග්රහය ලැබෙන බව පෙනෙන බෞද්ධ නාමයෙන් ක්රියාත්මක වෙන අන්තවාදී ප්රවණතා කිහිපයක් නැවත රට ලේ විලකට තල්ලූකිරීමේ බිහිසුණු උත්සාහයක යෙදී සිටින බව පෙනේ. අතීතයේදී එවැනි බලවේගයන් ඉලක්ක කොට ගත්තේ දෙමළ ප්රජාවය. වර්තමානයේ ඔවුන් ඉලක්ක කොටගෙන තිබෙන්නේ මුස්ලිම් ප්රජාවය.

83 කළු ජූලිය

83 කළු ජූලිය දෙමළ ජනතාව වෙත එල්ල කරන ලද බිහිසුණු හා මෘග ප්රහාරයක් පමණක් නොවීය. එය රටේ ගමන් මග කෙරෙහි තීරණාත්මක බලපෑමක් ඇති කරන ලද සංසිද්ධියක් විය. ඊට පෙරද මතභේද තිබුණා වුවත් සිංහල ජනයා සමග එකට ජීවත්විය නොහැකියැ’යි කියා සිතන තත්ත්වයකට දෙමළ ජනතාව තල්ලූ කිරීමට දෙමළ ජනතාවට මහා විනාශයක් ඇති කළ එම සිද්ධිය බලපෑවේය.

අනෙක් අතට එම සිද්ධිය දෙමළ ජනතාවගේ දේශපාලන ගමන් මාර්ගයේද මූලික වෙනසක් ඇති කළේය. කළු ජූලියට පෙර ඊලමක් වෙනුවෙන් පෙනී සිටින සන්නද්ධ කල්ලි උතුරේ තිබුණද ඒවාට දෙමළ ජනතාව අතර පිළිගැනීමක් නොතිබුණි. එහෙත් කළු ජූලියෙන් පසු දෙමළ තරුණ තරුණියන් තොග ගණනින් එම කල්ලිවලට එකතු වන තත්ත්වයක් ඇතිවීම නිසා සන්නද්ධ අරගල මාවත දෙමළ ජාතියේ ප්රධාන සටන් මාවත බවට පත්වූයේය.

ලංකාවේ දෙමළ ප්රශ්නය ජාත්යන්තරකරණයට ලක්වූ ප්රශ්නයක් බවට පත්වන්නේද ඒ සමගය. කළු ජූලියේදී ඇතිවූ අවලස්සන සිදුවීම් අසල්වැසි දකුණු ඉන්දියාවේ දෙමළ ජනතාව අතර මහත් කම්පනයක් ඇති කිරීමට හේතුවී දකුණු ඉන්දියාව ලංකාවේ දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් හැඟීම්බරව බලවත් ලෙස පෙනී සිටින තත්ත්වයක් ඇතිවිය. දකුණු ඉන්දියාවේ ඇතිවන එම ආවේගකාරී වටාපිටාව ඉන්දියාවට ලංකාවේ අභ්යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීමේ හැකියාව ලබා දුන්නේය. සන්නද්ධ කල්ලි තමිල්නාඩුව ඊලාම් අරගලයේ මූල කඳවුර බවට පත්කරගන්නා විට ඉන්දියාව ඔවුන් පුහුණු කරන අතර ඉන්දියාව ලංකාවේ දෙමළ ජනතාවගේ අයිතිවාසිකම්වල නිල භාරකරුවා ලෙස ක්රියාකරන තත්ත්වයකටද පත්විය.

83 කළු ජූලිය උතුරේ තරුණ සන්නද්ධ කැරැුල්ලක් ඇති කිරීමට අවශ්ය ශක්තිමත් වටාපිටාවක් ඇති කරනවාට අතිරේකව දකුණේද තරුණ කැරැුල්ලකට වටාපිටාව ඇති කළේය. 71 කැරැුල්ලෙන් පසු ප්රජාතන්ත්රවාදී ප්රවාහයට එකතු වී සිටි ජනතා විමුක්ති පෙරමුණ 83 කළු ජූලිය හේතුවක් කරගනිමින් තහනමට ලක්කිරීමෙන් පසු රහසිගත දේශපාලනයකට තල්ලූ වී ඒ ගමන කෙළවර වූයේ විනාශකාරී කැරැල්ලකිනි.

කළු ජූලිය කරළියට ගෙනා එම විශේෂ දේශපාලන වටාපිටාව රට දීර්ඝකාලීන ප්රචණ්ඩත්වයකට තල්ලූ කිරීමට හේතුවිය. ඒ නිසා විශාල දේපළ විනාශයක් වූවා සේ ම ලක්ෂ ගණනකගේ ජීවිත ද විනාශ විය. උතුරේ ඇතිවූ ප්රචණ්ඩත්වය පරාජය කිරීමට ගතවූ කාලය වසර 25කි. ප්රභාකරන්ගේ ප්රචණ්ඩ ව්යාපාරය පරාජය කොට වසර පහක් තරම් කාලයක් ගෙවී ඇතත්, 83 කළු ජූලියෙන් ලොකු මහත් වී ප්රචණ්ඩ අරගලයක් ලෙස පිපිරී ගිය දෙමළ ප්රශ්නයට පිළිගත හැකි සාධාරණ විසඳුමක් ලබාදීමට අසමත්වීම තුළ රට බරපතළ ප්රශ්න කිරීම්වලට, ජාත්යන්තර පරීක්ෂණවලට ලක්වූ හා ජාත්යන්තර පිළිගැනීම හා ගෞරවය බොහෝ දුරකට අහිමි කරගත් රටක් බවට පත්ව තිබෙන්නේය.

ඒ තත්ත්වය එසේ තිබියදී මුස්ලිම් ආරාවුලක්ද ඇතිකර ගන්නා තැනකට ගියහොත් එය රටට ඇති කරන ප්රතිඵල දෙමළ ආරාවුල රටට ඇති කර තිබෙන ප්රතිඵලයටත් වඩා ඉතාමත් විනාශකාරී විය හැකිය.

අභ්යන්තර යුද්ධයක් අවසන්කිරීමෙන් පසු රජයන් වෙත පැවරෙන ජාත්යන්තර වගකීම් සම්පූර්ණ කිරීමට අසමත්වීම නිසා ලංකාව කෙරෙහි පීඩාකාරී ජාත්යන්තර බලපෑමක් ඇති කිරීමට හේතුවන තත්ත්වයක් ඇතිවී තිබෙන්නේ දෙමළ ඩයස්පෝරාවෙන් එල්ල වී තිබෙන ක්රියාකාරී බලපෑමෙනි. ලෝක මට්ටමෙන් දෙමළ ජනතාව හිමිකරගෙන සිටින තත්ත්වයට වඩා මුස්ලිම් ජනතාව හිමි කරගෙන තිබෙන තත්ත්වය ඉතාමත් බලවත්ය.

ලෝක වටාපිටාව

ලෝක මට්ටමෙන් ගත්විට දෙමළ ජනගහනය මිලියන 79කි. ලෝක මුස්ලිම් ජනගහනය මිලියන 1619කි. ලෝක මුස්ලිම් ජනගහනයේ ප්රමාණය ලෝක දෙමළ ජනගහනයේ ප්රමාණය මෙන් විසි ගුණයකටත් වඩා විශාලය. දෙමළ ජනයා ලෝක ජනගහනයෙන් සියයට 1.14ක් වනවිට මුස්ලිම් ජනයා ලෝක ජනගහනයෙන් සියයට 23කි. ක්රිස්තියානි ගණයට වැටෙන ආගම් අදහන ජනයා හැරුණු විට (එම ආගම් අදහන ජනයාගේ ප්රමාණය ලෝක ජනගහනයෙන් සියයට 31කි.* ලෝකයේ වැඩිම ජනගහනයක් අදහන ආගම වනුයේ මුස්ලිම් ආගමය. දෙමළ බහුතරයක් සිටින එකුදු රටක්වත් ලෝකයේ නැත. එහෙත් මුස්ලිම් බහුතරයක් සිටින රටවල් 49ක් ලෝකයේ තිබෙන්නේය. රටේ ජනගහනයෙන් සියයට 80කටත් වැඩි මුස්ලිම් ජනගහනයක් සිටින රටවල් සංඛ්යාව සියයට 38කි. ලෝකයේ වැඩිම මුස්ලිම් ජනගහනයක් ජීවත්වන්නේ අරාබි හෝ මැදපෙරදිග රටවල නොව අප ජීවත්වන කලාපය ලෙස සැලකිය හැකි දකුණු හා අග්නිදිග ආසියාවේය. එම කලාපයේ පමණක් ජීවත් වන මුස්ලිම් ජනයාගේ සංඛ්යාව බිලියනයකටත් වඩා වැඩිය.

ඉන්දුනීසියාව ලෝකයේ වැඩිම මුස්ලිම් ජනගහනයක් සිටින රට වන අතර එහි වෙසෙන මුස්ලිම් ජනගහනයේ ප්රමාණය මිලියන 204කි. ඊළඟට වැඩිම මුස්ලිම් ජනගහනයක් ජීවත්වන්නේ පාකිස්තානයේය. ඒ ගණන මිලියන 178කි. ඊළඟට ලොකුම මුස්ලිම් ජනගහනය සිටින්නේ අපේ අසල්වැසි රට වන ඉන්දියාවේය. එය ගණනින් මිලියන 177කි. ඊළඟට වැඩිම මුස්ලිම් ජනගහනයක් ජීවත්වන්නේ බංගලිදේශයේය. එහි සිටින මුස්ලිම් ජනගහනය මිලියන 148කි.

අප ලංකාවේ දෙමළ ජනයා සම්බන්ධයෙන් අනුගමනය කළ පීඩාකාරී කුඩුකේඩු පිළිවෙත් ලෝක දෙමළ ප්රජාව කෙරෙහි බලපෑවේය. අසල්වැසි දකුණු ඉන්දියාව කෙරෙහි ආවේගකාරී ලෙස බලපෑවේය. අප ලංකාවේ ජීවත් වන මුස්ලිම් ජනයා සම්බන්ධයෙන් ද එවැනි පිළිවෙත් අනුගමනය කළහොත් ඒ තත්ත්වය පෙරළා මුස්ලිම් ලෝක ප්රජාව කෙරෙහි බලපාන්නේය.

අප කොතරම් ලොකු දේවල් ගැන කයිවාරු ගැසුවද ලංකාව මේ තත්ත්වයෙන් හෝ ජීවත්වන්නේ ප්රධාන කොට මැදපෙරදිග රටවල සේවය කරන්නන්ගෙන් ලැබෙන සංක්රාම ආදායමෙනි. විදේශීය රටවල සේවය කරන්නන්ගෙන් ලැබෙන සංක්රාම ආදායම ලංකාව විදේශ විනිමය උපයන ප්රධානම මාර්ගය වේ. ඇඟලූම් කර්මාන්තයෙන් හෝ වෙනත් අපනයන මාර්ගවලින් උපයන ශුද්ධ විදේශීය ආදායම සංක්රාම ආදායමෙන් උපයන විදේශීය ආදායමට වඩා පුංචිය. රටේ ජීවත්වන මුස්ලිම් ජනතාව පීඩාවට හා නින්දාවට පත්කරන ප්රතිපත්තියක් අනුගමනය කළහොත් එය මුස්ලිම් ලෝකයේ දැඩි විරෝධයට හේතුවිය හැකි අතර ඒ තත්ත්වය අපේ රටේ ආර්ථිකය කෙරෙහිද විනාශකාරී ලෙස බලපෑ හැකිය.

දැන් අප ක්රියාත්මක කරමින් තිබෙන්නේ ප්රධාන ලෝක බලවේගයන් සතුරු කරගන්නා ප්රතිපත්තියකි. බටහිර ලෝකය අපේ නිෂ්පාදන භාණ්ඩ මිලදී ගන්නා ප්රධාන ගැනුම්කරුවාව සිටියදීත් අපට බටහිර ලෝකය සමග තිබෙන්නේ ගැටුමකි. ඉන්දියාව අපේ ළඟම අසල්වැසි රටව තිබියදීත් අපට ඉන්දියාව සමග ඇත්තේද ගැටුමකි. අප ඒ ගොන්නට මුස්ලිම් ලෝකයද එකතු කරගතහොත් ඒ නිසා අපට එල්ල විය හැකි බලපෑම ඉතාමත් විනාශකාරී විය හැකිය.

සමාජ විකාශනය

සිංහල, දෙමළ, මුස්ලිම් යන ලංකාවේ ජීවත් වන ප්රධාන වර්ග තුනම විවිධ කාලවකවානුවලදී විදේශ රටවලින් ලංකාවට සංක්රමණය වී දීර්ඝ කාලයක් ලංකාවේ ජීවත් වීම නිසා අලූත් හැඩයකට හැඩගැසුණු ලාංකිකයන් බව අප අමතක නොකළ යුතුය. ලංකාවේ මිනිසුන් අදහන ප්රධාන ආගම් හතරද විදේශිකය. දැන් මේ රට ඒ සියලූදෙනාගේම රට වන අතර භේදයකින් තොරව ඒ සියලූදෙනා සමාන අයිතිවාසිකම් ඇතිව හා සමාන ගෞරවයක් ඇතිව මේ රටේ ජීවත්වීමට පුළුවන්කමක් තිබිය යුතුය. වර්ගය, ආගම හෝ කුලය අනුව ඇනකොටාගන්නා තත්ත්වයකට ගියහොත් එය විනාශකාරී ලෙස බලපාන්නේ මුළු රටටමය.

මෙතෙක් රටේ සිදුවී ඇති වර්ගවාදී කලකෝලාහලවලින් රටට විනාශයක් මිස කිසිදු සෙතක් වී නැත. අන්ය වර්ගවලට අයත් වෙළෙඳ ව්යාපාර හෝ කර්මාන්තශාලා විනාශ කිරීමෙන් හානි සිදුවන්නේ රටේ ආර්ථිකයටය. විදේශ ආයෝජකයන් ගෙන්වා ගැනීමට වෙර දරන අතර දේශීය ආයෝජකයන්ගේ ව්යාපාර ඒවාහි හිමිකරුවන්ගේ වර්ගය හෝ ආගම අනුව සලකා විනාශ කරන ප්රතිපත්තියක් අනුගමනය කරමු නම් ඒ හානිය බලපාන්නේ රටටය. වර්ගාන්තර ගැටුම් කෙරෙහි කිසියම් අංශයකදී කිසියම් වර්ගයක් විශේෂ දියුණුවක් අත්පත් කරගෙන සිටී නම් ඒ දියුණුව පිළිබඳව අනෙක් වර්ග අතර තිබෙන ඊර්ෂ්යාකාර හැඟීම්ද බලපායි.

බි්රතාන්ය යුගයේදී සිංහල වර්ගයාට දියුණුවීමට විවිධ මාර්ග විවර වුණි. එහෙත් උතුරේ දෙමළ ජනතාවට අධ්යාපනය හැර දියුණුවීමට සිංහලයන්ට මෙන් වෙනත් මාර්ග නොතිබුණි. ඒ පසුබිම මත උතුරේ දෙමළ ජනතාව දියුණුවීමට උත්සාහ කළේ අධ්යාපනයට මුළු බර යොදන ප්රතිපත්තියක් මගිනි. ඒ නිසා පසුකලක විද්වත් වෘත්තිකයන් අතර දෙමළ අනුපාතිකය ඔවුන්ගේ ජනගහනයේ අනුපාතිකයට වඩා ඉහළ මට්ටමක තිබුණි. ඒ තත්ත්වය පසුකලෙක සිංහලයන්ගේ ඊර්ෂ්යාවට සේ ම විරෝධයට බලපාන සාධකයක් ලෙස බලපෑවේය. සිංහල දෙමළ ගැටුම කෙරෙහි එයද වැදගත් සාධකයක් ලෙස බලපෑවේය.

සමහර ව්යාපාරික අංශවලදී මුස්ලිම් ජනයා අත්පත් කරගෙන තිබෙන දියුණුව තරගකාරී සිංහල ව්යාපාරිකයන්ගේ ඊර්ෂ්යාවට සේ ම විරෝධයට ද හේතුවී තිබෙන්නේයැ’යි කිව හැකිය. වෙළෙඳාමට තිබෙන හැකියාව මුස්ලිම්වරුන්ගේ ජානවලින්ම එන විශේෂ දෙයක් ලෙස සැලකිය හැකිය. ඔවුන් ඈත ඉතිහාසයේ සිටම අපට හමුවන්නේ වෙළෙඳුන් වශයෙනි. ලංකාවේ ඉපැරණිතම වෙළෙන්දෝ වූවෝද ඔවුහුය. පෘතුගීසීන් ලංකාවට එනවිට ලංකාවේ අභ්යන්තර හා බාහිර වෙළෙඳාම හිමිකරගෙන සිටියෝද ඔවුහුය. සිංහලයන් පෘතුගීසීන්ට එරෙහිව නැගී සිටින්නට පෙර මුස්ලිම්වරුන් පෘතුගීසීන්ට එරෙහිව නැගී සිටියේද තමන් අත තිබූ වෙළෙඳ ඒකාධිකාරය පෘතුගීසීන් අතට පත්වනවා දකින්නට අකමැති වූ නිසාය.

පෘතුගීසී හා ලන්දේසි යුගය ලංකාවේ මුස්ලිම්වරුන්ට නරක යුගයක් විය. පෘතුගීසීන් මුස්ලිම්වරුන්ට විරුද්ධ වූයේ ආගම නිසා නොව වෙළෙඳාම නිසාය. ඒ නරක යුගවල ලංකාවේ මුස්ලිම්වරුන්ට රැුකවරණය ලැබුණේ උඩරට සිංහල රජුගෙනි. උඩරට ඇතැම් ප්රදේශවල බොහෝදුරට මුස්ලිම්වරුන්ට සීමාවූ ජනාවාස ඇතිවූයේද නැගෙනහිර මුස්ලිම් ජනාවාස ඇතිවූයේද ඒ කාලයේදීය. ඊට පෙර මුස්ලිම් ජනාවාස ගොඩනැගී තිබුණේ වෙරළබඩ තොටුපළ ආශ්රයෙනි.

රැල්ෆ් පීරිස්ට අනුව මහනුවර යුගයේදී මුස්ලිම් ජනයාටද සිංහල කුලයකට දෙනු ලබන කාර්යාංශයක් (මඩිගේ කාර්යාංශය) දී තිබුණද ඔවුන්ට කුලයක් හිමි නොවූයේ තමන් අදහන ආගම අත්නොහැරීම නිසාය. ඒ කාලයේ පිටස්තර ජන කණ්ඩායමක් සිංහල වර්ගයට හෝ දෙමළ වර්ගයට එකතු වූයේ බුද්ධාගම හෝ හින්දු ආගම වැළඳ ගැනීමෙනි. ආගම වැළඳගත් පසු එසේ අලූතෙන් එකතුවන කණ්ඩායමට සුදුසු කුලයකට හෝ අලූතෙන් ඇති කරනු ලබන කුලයට එකතු කරනු ලැබීය. ඉන්පසු ඒ කණ්ඩායම නව වර්ගයේම කොටසක් ලෙස සලකන ලදි. මුස්ලිම්වරුන් ලංකාවට එනවිට පිරිමින් වශයෙන් පැමිණියා මිස කාන්තාවන් සමග පැමිණ නැත. ඔවුන් ප්රධාන කොට ගත්තේ සිංහල හෝ දෙමළ කාන්තාවන්ය. සිංහල හා දෙමළ වාසගම් ඇති මුස්ලිම්වරුන් දුලබ නැත. ඒ අර්ථයෙන් බලන විට ලංකාවේ මුස්ලිම්වරුන්ගෙන් එක අර්ධයක් එක්කෝ සිංහලය. නැතිනම් දෙමළය.

සලාගම කුලය හා මුස්ලිම්වරුන්

ආනන්ද කුමාරස්වාමිගේ මතය අනුව සමහර කීර්තිමත් පුද්ගලයන්ද (මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි වැනි) සලාගම කුලයේ ආදිතමයන් පැමිණ ඇත්තේ දකුණු ඉන්දියාවෙනි. ‘‘සියුම් රෙදි විවීමේ කලාවට නව පණක් දීමට රිසිවූ දඹදෙණියේ තුන්වැනි විජයබාහු රජතුමා මීරා ලෙබ්බේ නමින් වන මුස්ලිම් කෙනෙකුට සන්නස් හා පඬුරු පාක්කුඩම් දී දකුණු ඉන්දියාවට යැවීය. එම ලෙබ්බේ පෙහෙර ඇදුරන් අටදෙනෙකු මෙහි ගෙනාවේය. රජතුමා ඔවුන්ට ගම්බිම් හා තාන්නමාන්න දී භාර්යාවන්ද සලසා දුන්නේය. මොවුන්ගෙන් පැවත එන්නන් උඩරට රජුගේ අප්රසාදයට ලක්වී මැද රට අත්හැර නිරිතදිග වෙරළ අවට පදිංචියට බලකරන ලද්දෝය. රජුගේ අවශ්යතා සඳහා කුරුඳු තලා සකස් කිරීමේ හිමිකම ඔවුන්ට පවරා දෙන ලදි.

මෙම පෙහෙර ඇදුරන් අටදෙනා ගෙන්වා දුන් මීරා ලෙබ්බේටද රජු බේරුවලින් ගම්වරයක් ලබා දුන් බව සන්නසක සඳහන් වේ. ඒ ගම්වර පසුකලක මුස්ලිම් ජනාවාස බවට පත්වන්නට ඇතැ’යි සිතිය හැකිය. ඉන් පෙනෙන්නේ සලාගම කුලයේ ආරම්භයට ලංකාවේ මුස්ලිම්වරුන්ගේද සම්බන්ධයක් තිබෙන බවය.

සලාගම කුලය පමණක් නොව මුහුදුබඩ කුල ගණය වැටෙන කරාව හා දුරාව යන කුලවල ආදිතමයන්ද විටින් විට දකුණු ඉන්දියාවේ සිට මෙහි පැමිණ බුද්ධාගම හෝ හින්දු ආගම වැළඳ ගනිමින් සිංහල හෝ දෙමළ සමාජයට එකතු වී ඇති අය බව බ්රයිස් රයන්, රැල්ෆ් පීරිස්, මයිකල් රොබට්ස්, ජයසේකර වැනි සමාජ විද්යාඥයන්ගේ මතය වී තිබේ. සෙලස්තිනා ඩයස්ගේ ජීවිත කතාව ලියා ඇති මානෙල් තම්පෝ ඒ ගැන වන කදිම විස්තරයක් එම කෘතියට ඇතුළත් කර තිබේ.

ආනන්ද කුමාරස්වාමිට අනුව නවන්දන්න කුලයේ ආදිතමයෝද දකුණු ඉන්දියාවෙන් පැමිණි ද්රවිඩ සම්භවයක් ඇති අය වෙති. ඔවුන්ගේ පෙළපත්වලට බොහෝවිට ඇත්තේ රාජේශ්වර, දේවසුරේන්ද්ර වැනි හින්දු නම්ය. ඔවුහු අදත් නේත්රමංගල්යය වැනි හින්දු චාරිත්ර විධි පවත්වති. ඔවුන් පාවිච්චි කරන වචන අතර ද්රවිඩ වචන සුලබය.

මේ මිශ්ර බව සිංහලයන්ගේ බහුතර කුලය ලෙස හැකි ගොවි කුලයටද අදාළය. සමහර පවුල් අද දක්වා භාවිත කරන පෙළපත් නාම ඔවුන්ගේ පැරණි දෙමළ සම්භවය කියාපායි. සිංහල ජනතාවගේ පළමු පෙළේ වීරයකු වන හා උඩරට රදළයකු වන මොනරවිල කැප්පෙටිපොළ අයත් කැප්පෙටිපොළ පරපුරේ ආදිතමයා මලබාර රජ කෙනකු සමග ලංකාවට පැමිණි දකුණු ඉන්දියානු පරපුරකින් පැවත එන්නකු බව රැුල්ෆ් පීරිස්ගේ මතය වී තිබේ. ලංකාවේ සිංහල දෙමළ හා මුස්ලිම් වර්ගවලට අයත් ජනයා කිසිවකු වාර්ගික වශයෙන් පිරිසිදු නැත. සිය දහස් වාරයක් මිශ්රිතය. ඔවුන්ට ආවේණික මේ මිශ්රිත බව තේරුම් ගැනීම අපට වැදගත්වන්නේ ඒ මගින් අපට අපගේ බහුත්වාදී ආකල්ප පෝෂණය කරගැනීමට පුළුවන්කම ලැබෙන නිසාය.

ඊර්ෂ්යාව

ලංකාවේ වෙළෙඳ කටයුතුවල බලවත්ම දියුණුවක් ඇතිවන්නේ බි්රතාන්ය යුගයේදීය. ලංකාවේ සිංහලයෝ හා දමිළයෝ වැඩවසම් යුගයේදී වෙළෙඳාම පිළිකුල් කළෝය. ඔවුන් වෙළෙඳාමට අවතීර්ණ වන්නේ ලන්දේසි යුගයේදී හා බි්රතාන්ය යුගයේදීය. වෙළෙඳාම සඳහා වන ඔවුන්ගේ ආගමනය අලූත් දෙයක් වූ අතර මුස්ලිම්වරුන්ට එය අලූත් දෙයක් නොවීය. බි්රතාන්ය යුගයේදීද වෙළෙඳාමේදී ලංකාවේ ප්රබලතම තත්ත්වයක් හිිිමිකරගෙන සිටියෝ මුස්ලිම්වරුය. කුමාරි ජයවර්ධන විස්තර කර තිබෙන ආකාරයට 1880දී යුරෝපීය නොවූ සිල්ලර වෙළෙඳාමේ ආධිපත්යය පැවතුණේ සහල් සහ රෙදිපිළි වෙළෙඳාමේ යෙදුණු හෙට්ටි සමාගම් 86ක් හා විවිධ පාරිභෝගික භාණ්ඩ වෙළෙඳාම් කළ මුස්ලිම් වෙළෙඳුන් 64 දෙනකුගෙනි. මේ කණ්ඩායම් දෙකට පිටකොටුවේ සිල්ලර වෙළෙඳාම සම්පූර්ණයෙන්ම වාගේ අයත්ව තිබුණි. අලූතෙන් වෙළෙඳාමට එකතු වූ සිංහලයන් වැඩිම උනන්දුවක් දැක්වූයේ අරක්කු වෙළෙඳාමටය. හේතුව ඒ මගින් උපයාගත හැකිව තිබූ අතිවිශාල ලාභ නිසාය. අරක්කු වෙළෙඳාම බොහෝදුරට සිංහලයන්ගේ වෙළෙඳාමක් වූ අතර ආගමික තහංචි නිසා කිසිවිටෙකත් මුස්ලිම්වරුන් අත නොගැසූ වෙළෙඳාමක්ද විය.

මුස්ලිම්වරුන්ට වෙළෙඳාමේදී තිබෙන ලොකුම ශක්තිය ලෙස සැලකිය හැක්කේ ඔවුන්ගේ ආගම අනුව පොලියට දීම හා පොලියට ගැනීම තහනම් කර තිබීමය. හැමවිටම මුස්ලිම්වරුන්ගේ ප්රාග්ධනය පොලියට ලබාගත් ණය අරමුදල්වලින් තොරය. සිංහල ව්යාපාරිකයන්ගේ ආයෝජනයන් මුළුමනින් හෝ ඉන් වැඩි පංගුවක් පොලියට ලබාගත් ණය අරමුදල්වලින් යුතුය. වෙළෙඳාමේදී සිංහලයන්ට හා දමිළයන්ට නැති ජානවලින්ම එන පළපුරුද්දක් මුස්ලිම්වරුන්ට තිබෙන නිසාත් ඔවුන්ගේ වෙළෙඳ අරමුදල්වලට පොලියට ලබාගත් අරමුදල් ඇතුළත් නොවන නිසාත් වෙළෙඳාමේදී සිංහලයන්ට හෝ දමිළයන්ට තමන් සමග තරග කළ නොහැකි තත්ත්වයක් පවත්වාගෙන යෑමට ඔවුන් සමත් වී තිබේ. ඒ ගැන ඔවුන් කෙරෙහි ඊර්ෂ්යාවක් ඇතිකර ගැනීම තේරුමක් නැති දෙයකි.

 

 

චානක තිලකරත්න

 

 

 

 

 

2 Comments to “තිස් අවුරුදු සාපයට නැවත අතවනන බෞද්ධ නාමයෙන් ක්රියාත්මක වෙන අන්තවාදී ප්රවණතා! චානක තිලකරත්න

  1. koi agama adahana minhageth waradi tiyenawa sinhala demala muslim kageth eka pirisakata witarak waradda patawanna epa

    1. Methana waraddata wadiya prashne hodin thamange paduwe jeewathwena minihata paaduwe inna nodeema bawa kanishka obata watahenne nadda?
      Mula sitama sinhala pawulawala hoda pawul watapitawak saha owun sathuwa depola watinakamin pohosath udawiyak una. Owunge dariwan saha ema daruwange daruwan hugak kale mutthage ho seeyage depola kada wada ganeema saha ewain jeewath weema. Samahara aya ewa bukthi widina athara depola aragala sahaodara warun athara una. Owunta mudal awashya una owun depola wikunuwe tawme polee mudalalita nathnam salli tibba muslim kenekta ehemath nathnam wenath agamikayekuta. Melasin owun kale depola wikuna kaama misak ema depola wadidiyunu mireema nowe. Awunge tawath aluth parapure daruwanta anthimata ithiri une inna ge pamani. Ithin ema daruwan anith agam wala daruwan saha owunge pawul wala gewana diwiya gana daka waira badinnatath ewata uda gedi dena dwesha sahagatha marga walin bbs wani ayagen owun maomulawee giyeya. Itin owun prachanda une mulika hethuwa owunge atheethaya tak diwa yai. Anthimata ahinsaka manussayekge mahansiyen hamba kala niwes kada sappu kada bida dama thamange doladuka niwaganeemata me unmanthaka dwesha sahagata samajaya katayuthu kaleya. Waradi nokarannawath waradi karannata owun maga padanneya. Mokada keewoth hama manussayatama iwaseemak atha a wagema ehi seemawada pitupa gos daragatthu minisun nagiteema daraganeeta samajayata nohKi wanun atha kimada owun manasin anith pudgalayan abibawa shakthimathya.

Comments are closed.