කාදියානිවාදීන් ඉස්ලාමයෙන් වෙන් වන්නේ කෙසේද? කාදියානිවාදය (අහ්මද්) පිළිබද අපගේ හෙළිදරව්ව 1

කාදියානිවාදීන් ඉස්ලාමයෙන් වෙන් වන්නේ කෙසේද? කාදියානිවාදය (අහ්මද්) පිළිබද අපගේ හෙළිදරව්ව 1

කාදියානිවරුන් යනු කවුද? කාදියානිවරුන් යනු මිර්සා ගුලාම් අහමද් කාදියාන් නම් තැනැත්තා විසින් අරඹන ලදැයි පැවසෙන කාදියානි හෙවත් අහ්මදියා නැමති ආගමික කොටසකි. මොවුන් වර්තමානයේ ශ්‍රී ලංකාව තුලද කුඩා පරිමානයෙන් සිටිති. මොවුන් ලංකාව තුලට පැමිණෙන්නේ පකිස්ථානයේ සිටයි. එක්සත් ජාතින්ගේ කූඨ උපක්‍රමයක් මගින් ලංකාවේ සරණාගත නීතිරීති වල හිල් අස්සෙන් රිංගා ලංකාවට පැනගත් මොවුන් අද ඔවුන්ගේ විකෘති කරන ලද ඉගැන්වීම ලංකාවේ ප්‍රචලිත කිරීමට උත්සාහ දරති.

කාදියානි Qadianis (Ahmadi) වරුන්ගේ ඇදහිල්ලේ ශික්ෂා පදයන්ට අනුව අහ්මදිවරයෙකු ලෙස ජීවත් වීමේදී මිර්සා ගුලාම් Qadiani ගේ අධ්යන පිළිගැනීමට හා ක්රියා, “හෙලිදරව් කිරීම්(වහී)” සහ ලිපිලේඛන අනුගමනය කිරීම අත්‍යවශ්‍ය වේ. ඔවුන්ගේ පොත්පත් වල මිර්සා ගුලාම්ගේ හෙළිදරව් කිරීම් වලට අනුව ඉස්ලාම් විශ්වාස කිරීම ඔවුන්ගේ අනුගාමිකයන් මත අනිවාර්ය කෙරේ.  ඇත්තෙන්ම  ඔවුන්ගේ මතවාදයට අනුව මිර්සා ගුලාම් කාදියානි ඊසා අලෛහිසලාම් සහ ඉමාම් මහ්දි ලෙස නොපිලිගන්නා‍ ඉස්ලාමයෙන් ඉවතට යන බවක් පැවසේ.

ඔවුන් ඔබවෙත පැමිණෙන්නේ ඔබත් මුස්ලිම් මාත් මුස්ලිම් යනුවෙනි. නමුත් පසුව ඔබ මිර්සා ගුලාම් නොපිලිගන්නේ නම් සත්‍යවු ඉස්ලාමයෙන් පිටතට යන බව කියනු ඇත. නමුත් ඒ වන විට ඔවුන් සන්දර්භයෙන් පිටත වු අල් කුර්ආන් වදන් සහ විකෘති කරන ලද නබිවදන් තුලින් ඔබගේ මනස වියවුල් කර තිබෙන්නට ඉඩ ඇත. ඇත්තටම බොහෝ දෙනෙකු මෙම කාදියානිවරුන්ගේ බොරු ඉගැන්වීම් සහ මුලධර්ම පිළිබදව නොදැනීම කණගාටුවට කරුණකි.

කාදියානිවාදීන් ඉස්ලාමයට සමානකම් පෙන්වන්නේ ඔවුන් ඉස්ලාම් පරිභාෂිත ශබ්දමාලාවේ බොහෝ වදන සොරකම් කර ඇති බැවිනි. මේ නිසා කාදියානි බැතිමතුන් සිතන්නේද තමන් සිටින්නේ ඉස්ලාමීය ඉගැන්වීම් තුල බවයි. එහෙත් ඔවුන් අන්ධව ඔවුන්ගේ කාදියානි නායකත්වයට උදව් කරනවා. එහිදී ඔවුන් සිතන්නේ ඔවුන් ඉස්ලාමයට සහය දෙන බවයි. නමුත් ඇත්තෙන්ම යථාර්තය නම් ඔවුන් ඉස්ලාමයෙන් පිටතට ගිය කල්ලිවාදයකට සහය දෙන අය බවයි.

බොහෝ කාදියානි අනුගාමිකයන්ට සැබෑ ඉස්ලාමය ගැන නිවැරදි දැනුමක් නොමැත්තා සේම ඔවුන්ගේ නායකයා වන මිර්සා ගුලාම් අහමද්ගේ ඉගැන්වීම් ගැනද නොදන්නේ ඒවායින් බහුතරයක් උර්දු භාෂාවෙන් වන බැවිනි. මේ නිසා ඔහු විසින් පැවසු ගැටළුකාරී ප්‍රකාශයන් ගැන අනුගාමිකයන් නොදනිති.  අප විසින් මෙහිදී කාදියානි හෙවත් අහ්මදි සහ මුස්ලිම් ජනතාව අතර තිබෙන වෙනස්කම් කිහිපයක් සාරාංශගතව පෙන්වා දී ඇත.

1.     කාදියානිවාදය මුහම්මද් නබි(සල්) තුමාණන්ගේ දෙවැනි දියුණු පුනරුත්පත්තිය යන විශ්වාසය මත පදනම් වුවකි.

2.     කාදියානිවරුන් මුහම්මද් නබි(සල්) තුමාණන්ගේ අවසාන නබිත්වය පිළිනොගනී. මෙහිදී ඔබවෙත එන ඔවුන් තමන් මුහම්මද් නබිතුමාණන්ගේ නබිත්වය පිළිගන්නා බව ප්‍රකාශ කළත් ඔවුන්ගේ නබි මිර්සා ගුලාම් කාදියානිව නොපිලිගන්නා අය ඔවුන් ප්‍රකාශ කරන ඉස්ලාමයෙන් පිටතට යන බව පවසන බැවින් මුහම්මද් නබිතුමාණන්ගේ අවසාන නබිත්වය ප්‍රශ්න ගතවේ.

3.     කාදියානිවරුන් ඔවුන්ගේ ශාස්තෘ මිර්සා ගුලාම් කාදියානි අල්ලාහ්ගේ වක්තෘ කෙනෙකු එනම් නබි සහ රසුල් වරයෙකු ලෙස පවත්වාගෙන යයි.

4.     අල් කුර්ආනය අල්ලාහ්ගේ අවසාන වදන් හෙවත් ආයාවන් ලෙස නොපිලිගනී.

5.     කාදියානිවාදීන් මිර්සා ගුලාම් අහමද්ගේ හෙළිදරව්(පොත්) පෙර හෙළිදරව් එනම් අල් කුර්ආනය, බයිබලය සහ තෝරාහ්වට සමාන බව පිළිගනියි.

6.     කාදියානිවරුන් මිර්සා ගුලාම් අහමද්ගේ ඉගැන්වීම් වලට පටහැනි හදීස් සහ තෆ්සීර් මගහැර යන අතර කුර්ආනයට වැරදි අර්ථකතනයන් ලබාදෙන වැරදි පරිවර්තනයන් නිර්මානය කර ඇත.

7.     කාදියානිවරුන් ඔවුන් ඉස්ලාමීය මතයට එරෙහි වෙමින් යේසුස් තුමන් එනම් ඊසා අලෛහිසලාම් කුරුසියේ ඇණගැසු බව පිළිගන්නා අතර කිතුණුවන්ගේ ඉගැන්වීමටද බැහැර වෙමින් එම තුවාල තුලින් මියගිය බවක් පිළිනොගනී. ඒ වෙනුවට එතුමා එම තුවාල සුවකරගෙන කාශ්මීරයට පලාගිය බවත් එහිදී අවුරුදු 86ක් ජීවත්ව මියගොස් එහි භූමදානය කළ බවත් පිළිගනී.

8.     ඉස්ලාමයට අනුව ඊසා (යේසුස්) අලෛහිසලාම් තුමා ශ්‍රේෂඨ වක්තෘවරයෙක්, මිර්සා ගුලාම් කාදියානි විසින් එතුමාගේ අනන්‍යතාවය සොරා ගැනීම තුල එතුමාගේ සහ එතුමාගේ මව වන මරියම් තුමියගේ ගෞරවයට හානි සිදුකරයි.

9.     ඔවුන් ඊසා (යේසුස්) අලෛහිසලාම් තුමා අවසාන මෙසායාහ් ලෙස විනිශ්චය දිනයට පෙර නැවත මෙලොවට ඒම ප්‍රතික්ෂේප කරයි.

10.      කාදියානිවරුන් මිර්සා ගුලාම් කාදියානි අවසාන කාලයේ එන බවට පොරොත්තු වන මහ්දි අලෛහිසලාම් බව ප්‍රකාශ කරයි.

11.      කාදියානිවරුන් මිර්සා ගුලාම් කාදියානි හින්දු දහමෙහි පැමිණේ යැයි බලාපොරොත්තු වන දෙවියන් වන ක්‍රිෂ්ණා බවට විශ්වාස කරති.

12.      කාදියානි ඉගැන්වීම් වලට අනුව මිර්සා ගුලාම් අහමද්ව නොපිලිගත් අය විශ්වාසයෙන් බැහැර වු අය බවටත් ඔවුන් අපායට යන බවත් විශ්වාස කරයි. කාදියානි නායකත්වය නොපිලිගන්නා අනෙකුත් සියළුම මුස්ලිම්වරුන් අභක්තිකයන් ලෙස ප්‍රකාශයට පත්කර ඇති අතර ඔවුන්ගේ දියණියන් මුස්ලිම්වරුන්ට විවාහ කර නොදීමටත්, මුස්ලිම්වරුන් පිටුපස නැමදුම් ඉටුනොකිරීමටත්, මියගියවුන් උදෙසා නැමදුම් වලට සහභාගී නොවීමටත් උපදෙස් දී ඇත.

13.      කාදියානිවරුන්ගේ ඉගැන්වීම් වලට අනුව ජිහාදය වෙනස් අර්ථකතනයකි. මෙහිදී ධර්මය උදෙසා සහ දේශයේ උන්නතිය උදෙසා හෝ ආරක්ෂාව උදෙසා කරන අරගල හරාම්ය.

14.      කාදියානිවරුන් බිහිවුයේ ඉන්දියාවේ බ්‍රිතාන්‍ය පාලන යුගයේය. මෙහිදී බ්‍රිතාන්‍ය රජයට උපරිම පක්ෂපාත වීම ඔවුන්ගේ විශ්වාසයේ අංගයක් විය. ජනතාව නිදහස තකා අරගල කරද්දී කාදියානිවරු ඔවුන්ගේ ශ්‍රමය සහ ධනය බ්‍රිතාන්‍ය පාලනයේ පැවැත්ම උදෙසා යොදවන ලදී. කාදියානිවරුන්ගේ වත්මන් මුලස්ථානය තිබෙන්නේද බ්‍රිතාන්‍යයේය.

15.      කාදියානිවරුන්ට අනුව ඉන්දියාවේ කාදියාන් සහ පකිස්ථානයේ රබ්වාහ් මුස්ලිම්වරුන්ගේ මක්කාහ් සහ මදීනා නගර මෙනි. මුස්ලිම්වරුන් හජ් නැමදුම මෙන් ඔවුන් මෙම ස්ථාන වන්දනාවේ යෙදෙති.

16.      කාදියානිවරුන් විශ්වාස කරන්නේ ඔවුන්ගේ මිර්සා ගුලාම් කාදියානි සියළුම නබිවරුන්ට වඩා උසස් බවයි.

17.      ඔවුන් මිර්සා ගුලාම් කාදියානිගේ සමකාලීනයන් සහාබිවරුන් ලෙසත්, ඔහුගේ බිරියන් උම්මහාතුල් මුමිනීන් හෙවත් විශ්වාසිකයන්ගේ මව්වරුන් ලෙසත් පවත්වාගෙන යති.

18.      කාදියානිවරුන් විශ්වාස කරන්නේ ශුද්ධවු අල්කුර්ආනයේ මුහම්මද් නබිතුමාණන් උදෙසා පහලකළ ඇතැම් වදන් ඔවුන්ගේ මිර්සා ගුලාම් කාදියානි වෙනුවෙන් පහලවු ඒවා බවටයි.

19.      කාදියානිවරු විශ්වාස කරන්නේ ඉන්දියාවේ කාදියාන්හි තිබෙන මිර්සා ගුලාම්ගේ  පල්ලිය මස්ජිදුල් අක්සාව මෙන් කියායි.  ‍

 

කාදියානිවරුන් සම්බන්ධව අප විසින් සොයාගත් වෙනස් කම් අප ඉහතින් පෙලගැස්වුයෙමු. ඔබවෙත එන වැරදි ඉගැන්වීම් කරුවන්ගේ කූඨ බස්, තෙපලුම් සහ ඉරියව් කෙරෙහි පරීක්ෂාකාරී වන්න. ඔවුන් ඔබවෙත පැමිණ ශුද්ධවු අල් කුර්ආනයේ වදන් රැසක් සන්දර්භයෙන් තොරව ඉදිරිපත් කරනු ඇත. සහයට ඇතැම් විකෘති කරන ලද නබිවදන් සහ කටකතා වෙන් පැමිණි වදන් භාවිතා කරනු ඇත. මේ නිසා මෙම වැරදි ඉගැන්වීම් සම්බන්ධව ඔබගේ විශ්වාසවන්ත ඉස්ලාම් විද්වතෙකුගෙන් කරුණු දැනගන්න.

 

 

 

 

11 Comments to “කාදියානිවාදීන් ඉස්ලාමයෙන් වෙන් වන්නේ කෙසේද? කාදියානිවාදය (අහ්මද්) පිළිබද අපගේ හෙළිදරව්ව 1

  1. //එක්සත් ජාතින්ගේ කූඨ උපක්‍රමයක් මගින් ලංකාවේ සරණාගත නීතිරීති වල හිල් අස්සෙන් රිංගා ලංකාවට පැනගත් මොවුන් අද ඔවුන්ගේ විකෘති කරන ලද ඉගැන්වීම ලංකාවේ ප්‍රචලිත කිරීමට උත්සාහ දරති.//

    මේක නානාසාර ගනයේ වෛරය පැතිරීමක්. ඔවුන් පකිස්තානයේ සිට සරණාගතයන් ලෙස පැමිණෙන්නේ ඒ රටේ ඔවුන්ව අධික ලෙස පීඩා හිංසනයට ලක් කරන නිසයි. මේ සරණාගත තත්වය තුල (බටහිර) කුමන්ත්‍රණයක් දැකීමත්, නානාසාරගේ කොරහේ කිඹුලන් දැකීම අතර වෙනස කුමක්ද?
    https://en.wikipedia.org/wiki/Persecution_of_Ahmadis

    //ඔවුන් ඔබවෙත පැමිණෙන්නේ ඔබත් මුස්ලිම් මාත් මුස්ලිම් යනුවෙනි.//

    සුන්නි ඉස්ලාමයට අනුව ඔවුන් මුස්ලිම් නොවන බව සැකයක් නැත. මුහම්මද් (සල්) තුමාගෙන් පසුව වෙනත් නබි වරයෙක් ඇතැයි කීම කෙනෙකු ඉස්ලාමයෙන් පිට ගෙන යාමට ප්‍රමාණවත්. ඒත් මෙතන කියන්න උත්සහ දරන්නේ මොනවද? පකිස්තාන සරණාගතයන් දාවා කරන බවද?

    1. මෙයත් හරියට එදා පලස්තීනයට යුදෙව්වන් පැමිනෙන විට පලස්තීන සහ අරාබි ජනතාව නිද්රාශීලි පිලිවෙතක් අනුගමනය කලාක් මෙනි. එදා සරනාගතයන් ලෙස මෙරටට පැමිනි ඔවුන් අද මෙරට ඉස්ලාම් ඉගැන්වීම් වලට පහර දෙති. ඔබ ඇතුලු සමාජය එදා පලස්තීනුවන් මෙන් නිද්රාශීලිය. කොටින්ම ඔබට වන දේවත් ඔබ නොදනී. ඔවුන් සරනාගතයන් ලෙස මෙරටට පැමිනීම ගැටලුවක් නොවේ. ගැටලුව වන්නේ එජා සංවිදානය එකම ජනවර්ගයක විශාල පිරිසක් සියල්ලන්ම නොදැන පදිංචි කිරීමයි.

      1. පළමුව ප්‍රශ්නය මොනවාදැයි කියන්න. ලිපියට අනුවනම් ඔබ කියන්නේ කාදියනි අය හොරෙන් දාවා කරලා මුස්ලිම් ය නොමග යවන්න ඉඩ තියෙන බවයි. දැන් ඔබ කියන්නේ අනාගතයේ මුස්ලිම් ජන සංයුතිය ගැන ප්‍රශ්නයක් ඇති වෙන බවයි. ඔබ මොනවා කිව්වත් කමක් නැහැ, කියන දෙයට සාධක තියනවනම්.

        ප්‍රශ්නය ජන සංයුතිය නම්, අපට ඉදිරිපත් කරන්න කොපමණ කාදියානි සරණාගතයන් ලංකාවට ඇවිත් තියෙනවද, සහ UN එක ඔවුන්ව වෙන මොන රටවල් වලට යවනවද කියල.
        ප්‍රශ්නය හොර දාවා නම් අපට සාක්ෂි ඉදිරිපත් කරන්න ඔවුන් ලංකාවේ මුස්ලිම් පුද්ගලයන් කීයකට දාවා කරලා තියෙනවද කියල.

        ඒ ප්‍රශ්න වලට වඩා වැදගත්ම ප්‍රශ්නය වෙන්නේ මේ සරණාගතයන් සරණාගත තත්වයට පත් වුනේ ඇයි කියල. ඔබ පවසන්නේ කාදියානි ජනගහනයට පකිස්තානයේ දැඩි තාඩන පීඩා නැති බවද? නොඑසේනම් ඔවුන් පීඩාවට පත්වුනත් සරණාගතයන් ලෙස ලංකාවට ගෙන්වීම නොසුදුසු බවද?

        1. මම ජනසංයුති මගුලක් ගැන කතා කලේ නැහැ. මම කතා කලේ එක් ජනකොටසත් පමණක් ඉතාමත් අසාධාරණ ලෙස රටේ ආගමන නීතිරීති අස්සෙන් රිංගා මේ රට තුල පදිංචි කර ඇති බවයි. මෙය ජන සංයුති ප්‍රශ්නයක් නොවේ. මෙමගින් අනාගතයේ ආගමික වියවුලකට මග පාදයි. ඔවුන්ට අවැසි ඒකයි. ඔබ මීගමුවට ගොස් බලන්න. කවුද මේ සරණාගතයන්ට ලංකාව තුල පදිංචි වීමට උදව් උපකාර කරන්නේ කියලා. මෙම එන්ජීඕ ආයතන කුමන ආගමකට අයත් ඒවාද? කියලා.‍ මට ‍ඒක ප්‍රසිද්ධියේ කිව නොහැක්කේ තවත් ආගමකට ඇගිල්ල දිගුවන බැවින්.

          දෙවැනි ප්‍රශ්නය ඔබ ගොසින් ඔබම සොයාගන්න. මේක මට ඇති ප්‍රශ්නයක් නොවේ. ඔවුන් අභියෝග කරන්නේ මගේ ඉස්ලාමීය විශ්වාසයට නොවේ. මගේ ඉස්ලාම් විශ්වාසයට ඔවුන්ට අභියෝග කල නොහැක. ඔවුන් අභියෝග කරන්නේ ඔබටය. ඔබගේ ඥාතීන්ටය. දිනක මෙරට ගැටුම් ඇතිවන්නේ මා සමග නොවේ ඔබගේ ඥාතීන් සමගය. එදාට පිරිසක් බලලුන් ලවා කොස් ඇට බාවා සතුටු වනු ඇත.

          තුන් වැනි ප්‍රශ්නය ඉතාමත් ගොන් ප්‍රශ්නයක්. ඔබ මේ රටේ හෝ අන්තර්ජාලයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධව නොදැනුවත්භාවය මෙමගින් පිළිබිඹු කරවයි. මම මේ තුලට අත දැමුවේ යම්කිසි අවධානමක් දැනුනු හෙයිනි. මට ඔබට සංඛ්‍යා ඉදිරිපත් කළ නොහැක. ඔබ ඔවැනි ප්‍රශ්නයක් ඇසීම පිළිබදව කණගාටු වෙමි.

          ඔවුන්ට පකිස්ථානයෙන් දැඩි අසාධාරණයක් සිදුවීම මම පිළිගනිමි. නමුත් ඒ අසාධාරණයට ලංකාව තනිවම කරගැසිය යුතුද? පකිස්ථානයට අසල්වැසි රාජ්‍යයන් තිබියදී ලංකාව පමණක් තෝරාගන්නේ ඇයි? ලංකාව ඔවුන්ගේ ලගම ඇති රාජ්‍යයද? ඔවුන් ලංකාවට එවීම නොසුදුසු යැයි නොපවසමි. නමුත් ඔවුන් ඔක්කොම ලංකාවට එවීම සුදුසුද?

      2. Dear Anver this may be not reference to your article and about your false statement of Israel. From the very beginning of Israel at 1947 December Arab countries and Muslim leaders in Israel
        (Palestine) hardly fought against them but Israel the new born child defeated all threats very cleverly. Please read the book “Exodus” of Leon Uris for more information. You people should be shame on what’s the Muslims have done in history.
        Palestine problem totally occurred due to Muslims attitude towards the peace , education and harmony. All of you must read that book and there are lots of lessons for you.
        My Last question why almighty Allah let them to win the poll of UN to create Israel.

        1. ඔබ පලමුවෙන් බලන්න මෙම පිරිස එනම් යුදෙව්වන් පලස්තීනයට පැමිණෙන්නට පෙර සිටියේ කොහේද? ඔවුන් පලස්තීනයට බලහත්කාරයෙන් ඇතුළු වෙනවා. ඉන්පසුව ඔවුන් රාජ්‍යයක් ප්‍රකාශයට පත් කරනවා. ඉන්පසුව ඔවුන් එම භුමියේ 100% ක්ම බලය පතුරවනවා. අද පලස්තීන ජනතාව එහි කිසිදු අයිතියක් නැති ජාතියක්. ඔවුන්ගෙන් සාතිශය බහුතරය අද සරණාගතයන්. මෙම තත්වය සාධාරණද? ඔබ අන්තවාදී කිතුණුවෙකු හෝ මුස්ලිම් විරෝධියෙකු නොවේ නම් සාධාරණත්වය පිළිබදව අදහසක් ඔබට ලැබෙනු ඇත.

  2. wahabwadiyo wage tamai mata nam oya kokath ekai namuth adahana agama wiswasa karana labdiya mata minisun wargikaranaya kirima anumata karanna baha

  3. Anver, metana kadiyaniwarun Islamayen wen wena eka dala tibunath, owun kafir kiyala piliganne ne. meka samaharakwita anver ikhwanul muslimeen matayata namburu kenek nisa wannata puluwan.

    1. නිකායවාදීන් අන්‍යයන්ද නිකායවාදීන් ලෙස දකින්නෝය. මම කරුණු ඉදිරිපත් කර තිබෙන්නේ මාතෘකාවට අදාලවයි. මෙතන කතා කරන්නෙ ඉස්ලාමයෙන් බැහැර විම සම්බන්ධවයි.

Comments are closed.