මට ක්‍රිකට් බඩු අරන් දෙන්න තාත්තා මේසන් වැඩ කළා! කුසල් මෙන්ඩිස්

මට ක්‍රිකට් බඩු අරන් දෙන්න තාත්තා මේසන් වැඩ කළා

අද දිනයේදී සංචාරක ඔස්ට්‍රෙිලියානු කණ්ඩායමට එරෙහිව  සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කිරීමට යොවුන් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් සමත් වුණා.

ඔහුගේ මෙම ශතකය ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු අඩුම වයසකදී ඔස්ට්‍රේලියාවට එරෙහි ශතකයක් ලබාගත් අවස්ථාවද වනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් නිළ පිටුවේ කුසල් මෙන්ඩිස් පිළිබඳ යම් සටහනක් මීට සුලු මොහොතකට පෙර පලකර තිබුණා.

කුසල් මෙන්ඩිස් සිය අතීතය හෙළිකරන අයුරු එහි දැක්වේ. එය මෙසේයි.

වයස 21 දීම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පැමිණීමට හැකිවීම පිළිබඳ මා සතුටු වෙනවා. මා හැදී වැඩුනේ ක්‍රිකට් ක්‍රීඩාවට,බයිලා සංගීතයට මෙන්ම දැව භාන්ඩ වලට ප්‍රසිද්ධියක් උසුලන මොරටුව නගරයේයි.
කුඩා කල සිටම ක්‍රිකට් ක්‍රීඩකයෙකු වීමේ සිහිනය මට තිබුණා.ඒ වෙනුවෙන් කැපවුණා. මා අඩු ආදායම් ලාභි පවුලක සාමාජිකයෙක්. අපේ පවුලේ ප්‍රධාන ආදායම වුනේ තාත්තාගේ වඩු කර්මාන්තයයි.
ඒ වගේම ඔහු නිවසේ අවශ්‍යතා සැපියිමට මෙන්ම මා හට අවශ්‍ය ක්‍රිකට් උපකරණ මිලදී ගන්න පෙදරේරුවෙක් ලෙසද වැඩ කළා.

තාත්තා මට අරන් දුන්න බැට් එක මට තාම මතකයි. එය පකිස්ථානයේ නිෂ්පාදිත ඉර්ෆාන් වර්ගයේ බැට් එකක්.ඒ මොහොතේ ඉදන් ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන සිහිනය පසුපස මම ආවා. එංගලන්තයේදී අර්ධ ශතක කිහිපයක් ලබාගැනීමට හැකිවිම මා හට ධෛර්යයක් ගෙන දුන්නා.

One Comment to “මට ක්‍රිකට් බඩු අරන් දෙන්න තාත්තා මේසන් වැඩ කළා! කුසල් මෙන්ඩිස්

  1. ඔබ ශ්‍රී ලාංකේය තරුණ පරපුරට විශාල ආදර්ශයක්. ඔබට ජයෙන් ජයම අත්වේවා යැයි පතමි

Comments are closed.