ලංකාව ජය පෙනෙන මානයේ!

ලංකාව ජය පෙනෙන මානයේ

තරගය ජය ගැනීම සඳහා ශ්‍රී ලංකාවට අවශ්‍යව ඇත්තේ තවත් කඩුලු 02ක් පමණි.

මේ වනවිට ඔස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 08ක් දැවී ලකුණු 161ක් රැස්කරගෙන සිටියි. ඒ අනුව තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාවට අවශ්‍යව ඇත්ත් තවත් කඩුලු 02ක් පමණි.

කෙසේ නමුත් ඔස්ට්‍රේලියාවට ජයග්‍රහණය සදහා තවත් ලකුණු 107ක් ලබාගත යුතුව ඇත. මේ වනවිට කාලගුණයද යහපත් වී ඇත.

මේ අතර ශ්‍රී ලංකාවේ පැවති ටෙස්ට් තරගයක වාර්තාවූ ඉහළම කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවීම් ප්‍රමාණය පල්ලෙකැලේ දී මේ වන විට පැවැත්වෙන තරගයෙන් වාර්තා වෙයි.

මෙම තරගයේ දී කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවීම් 14ක් ලෙස ඉහලගොස් තිබේ.