රංගන හේරත්ගෙන් කඩුලු ත්‍රිත්වයක්! ඕස්ට්‍රේලියාව දැඩි අර්බුදයක

රංගන හේරත්ගෙන් කඩුලු ත්‍රිත්වයක්! ඕස්ට්‍රේලියාව දැඩි අර්බුදයක

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාන්ගනයේදී පැවැත්වෙන ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා දෙවන ටෙස්ට් තරඟයේ පළමු ඉනිමේදී කඩුලු ත්‍රිත්වයක් දවාගන්නට රංගන හේරත් මීට ටික වෙලාවකට පෙර සමත්වුණා.

මේ අනුව රංගන ඉතිහාසයට එක්වුණේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් කඩුලු ත්‍රිත්වයක් දවාගත් දෙවන පන්දු යවන්නා ලෙසයි. මීට පෙර ශ්‍රී ලංකාව වෙනුවෙන් කඩුලු ත්‍රිත්වයක් ලබා ගත්තේ නුවන් සොයිසා.

එම කඩුලු ත්‍රිත්වය දවා ගැනීමත් සමඟ ඕස්ට්‍රේලියාව දැඩි පසුබෑමකට ලක්ව සිටින අතර ඔවුන්ගේ පළමු ඉනිම සටහන් වන්නේ කඩුලු 8ක් දැවී ලකුණු 89ක් ලෙසටයි.