සිංහල රාවයට කුලියාපිටියේදී මුස්ලිම් ප්‍රහාරයක්! පුවතෙහි ඇත්ත නැත්ත!

සිංහල රාවය නම්වු අන්තවාදී කංඩායමට කුලියාපිටියේදී මුස්ලිම් ප්‍රහාරයක් එල්ල වී ඇතැයි අන්තවාදී වෙබ්අඩවි සහ සමාජජාල වාර්තා කරනවා. මේ සම්බන්ධව අප විසින් තොරතුරු සොයා බැලුවා. පලමුවෙන් ඔවුන්ගේ පුවත ඉදිරිපත් කර ඉන්පසුව අප සොයාගත් කරුණු ඉදිරිපත් කරන්නම්.

 

උපුටා ගැනීම

සිංහල රාවයට මුස්ලිම් ප්‍රහාරයක්

කුලියාපිටිය වැවගම ප්‍රදේශයේදී පැවති සිංහල රාවය ජාතික සංවිධානයේ රැස්වීමක් සංවිධානය කල දෙදෙනෙකුට මුස්ලිම් පිරිසක් විසින් අද (7) සවස ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

වැවගම ප්‍රදේශයේ සිංහල ජනතාවගේ ප්‍රශ්න පිලිබදව සිංහල රාවය සංවිධානයේ මුලිකත්වයෙන් සාකච්චාවක් පවත්වා ඇති අතර සවස 6.30 ට සාකච්චාව අවසන් වී නිවෙස් බලා යමින් සිටි සංවිධායකයින් දෙදෙනෙකුට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනකු විසින් මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කර පලා ගොස් ඇත.

මෙම සිදුවීම පිලිබදව සිංහල රාවය සභාපති පුජ්‍ය අක්මීමන දයාරතන හිමි විසින් රාත්‍රී 8 ට පමණ ගිරිඋල්ල පොලිසියට පැමිණිලි කර ඇත.

උපුටා ගැනීම අවසන්

 

අපට ලැබුණු විස්තරය මෙසේය.

මෙම සිදුවීමට පාදක වුනු වැවගම සිංහල ගම්මානයට අල්ලපු ගම බුම්මාන නම්වු ගමයි. එහි පදිංචිව සිටින්නේ මුස්ලිම් ජනතාවයි. මෙම මුස්ලිම් ජනතාවගේ දරුවන් සදහා වෙනම පාසලක් ගමේ ඇත. ගැටළුව පැන නගින්නේ මෙම පාසලේ පිට්ටනිය සදහායි. සිද්ධිය පටන් ගන්නේ වැවගම සිංහල ගම්මානයේ පිරිසක් පසුගිය අවුරුදු කාලයේ බක්මහ උළෙලක් සදහා මුස්ලිම් පාසලේ පිට්ටනිය ඉල්ලු පසුවයි

එවිට මුස්ලිම් පාසල භාර විදුහල්පති තුමා විසින් පවසා ඇත්තේ අධ්‍යාපන බලධාරීන්ගෙන් ඒ සදහා අවසර ලබාගන්නා ලෙසයි. නමුත් මේ සදහා අධ්‍යාපන බලධාරීන් අවසර ලබාදී තිබෙන්නේ සවස 6.00 දක්වා පමණි. එමනිසා ඔවුන්ට මෙහි සංගීත සංදර්ශනයක් පැවැත්වීමට නොහැකි  වු නිසා සිත් අමනාපයක් තිබී ඇත. කෙසේ නමුත් මෙම පාසලට මීටර 100කට එහායින් සිංහල පාසලක්ද ඇති නමුදු එම විදුහල්පතිවරයා මෙවැනි කටයුතු වලට එම පාසලේ පිට්ටනිය ලබා නොදෙයි.

ඉන්පසුව පාසල විසින් මෙම පිට්ටනියට වැට ගැසීමට හදන වෙලාවේ ගමේ අය ඊට එරෙහි වෙයි. ඔවුන්ට අවශ්‍ය එය පොදු පිට්ටනියක් බවට පරිවර්තනය කර ගැනීමටයි. මේ වන විට ඔවුන් එම පිට්ටනියට නඩු දමා වැට ගැසීමට අධිකරණයෙන් තහනම් නියෝගයක් ගෙන ඇත. නමුත් මේ පාසල රජයේ එකක් නිසා මෙම පිට්ටනිය අත්පත් කරගැනීමට අපහසු බව ඔවුන් දනිති.

මෙම ගැටළුව ජාතිවාදයට හැරවෙන්නේ ඉන් අනතුරුවයි. සිංහල ගමේ සිටින ජාතිවාදීන් කිහිප දෙනෙකු විසින් සිංහල රාවය කැදවා රැස්වීමක් සංවිධානය කරනවා. ඊයේ දිනයේ පැවැත්වුනේ එම රැස්වීමයි. එම රැස්වීමට කිසිදු ගැටළුවක් ඇතිවුයේ නැහැ. නමුත් පසුව දෙදෙනෙකු සිංහල රාවයේ අක්මීමන දයාරත්න නම්වු ජාතිවාදී භික්ෂුව සමග ගිරිඋල්ල පොලීසියට ගොස් පැමිණිල්ලක් දමා තිබෙන්නේ මෝටර් බයිසිකලයකින් පැමිණි දෙදෙනෙකු තමන්ට මිරිස්කුඩු ගැසු බවයි. ගමේ කිසිවෙකු මෙවැනි සිද්ධියක් දැක නැත.

නමුත් ඔවුන් පවසන්නේ බයිසිකලයෙන් පැමිණි දෙදෙනා හෙල්මට් දමා සිටි නිසා අදුනා ගැනීමට බැරිවු බවයි. එහෙත් සිද්ධිය සම්බන්ධව සිංහල ගම්මානයේ සාමයට ලැදි ජනතාව පවසන්නේ මෙම පුද්ගලයන් දෙදෙනාගේ කල්ක්‍රියාව හොද නැති බවත් ඔවුන්ට මිරිස්කුඩු තමන්ගේ ඇගේ හලාගෙනම පොලීසියට ගොස් පැමිණිලි කිරීමේ හැකියාව ඇති අයවළුන් බවයි.

කෙසේ නමුත් සිද්ධිය  තවදුරටත් වර්ධනය වෙන බව පෙනී යන්නේ මෙම සිද්ධියට අදාල ප්‍රදේශයේ තිබෙන පංසලකට තව දින කිහිපයකින් බොදුබලසේනාවේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ද පැමිණීමට නියමිත බව අපට වාර්තා වීම නිසයි. ඔවුන්ට දැන් අවශ්‍ය කර තිබෙන්නේ ඥානසාර හිමි පැමිණීමට පෙර මෙම සිදුවීම ගැටුමක් දක්වා දුරදිග ගෙනගොස් ජාතිවාදී ගැටුමක් නිර්මාණය කර ගැනීමයි.

 

 

 

 

 

9 Comments to “සිංහල රාවයට කුලියාපිටියේදී මුස්ලිම් ප්‍රහාරයක්! පුවතෙහි ඇත්ත නැත්ත!

  1. මචන් ඥානසාර ඔබට ජාතියකුත් නෑ ජන්මයකුත් නෑ. කරුමෙට චිවරයක් පොරවගෙන පිස්සු කෙලින් නැතුව මනුෂ්යෙක් වෙන්න බලපන්. අක්මීමන දයාරත්න ඔබව වැඩු අම්මට පව්නොදි පැත්තකට වෙලා හිටපල්ලා ඔහොම ගියොත් වැඩිදුර යන්න කලින් ඔබලට කන්න වෙන්නේ සිංහලයගෙන් බොලව්.

  2. මම නම් කියන්නේ මෙහම සිවුර ඇඳගෙන බොරු කියන එවුන්ට කරන්න තියන්නේ නීතිය ක්‍රියාත්මක කර ඇප නොදී මුළු ජීවිත කාලයම හිරේ දාන්න කියන එකය්
    හැම දෙයකින්ම සීමාවක් තියනවා මොවුන් සිවුර මුවාවෙන් සීමාව ඉක්මවලා යනවා

  3. We have to educate our people not to fall their trap. Let the law enforcement authorities to do their part. Then they never can be able to succeed.

  4. ධර්මය රකින්නා ,ධර්මයෙන් රැකෙයි
    අධර්මිෂ්ඨයාට ධර්මයෙන්ම දඬුවම් ලැබෙයි ,
    ඉවසන්න ඉවසීමෙන් සැනසීම ලැබෙනවාමයි…..

  5. මේ පරයන් සිවුරු දාගෙන චන්ඩිකම් කරන එක නවත්වන්න මේ රටේ පොලිසියට හා රජයට බැරිද ? මුන්ට බුදුන් වහන්සේ කියලා තියෙන්නේ ගැටුම් ඇති කර ගන්නද ?
    සාසනය තුළ හිදිමින් සාසනය වනසන මේ වනචාරීන්ට සින්හල බෞද්ධයන් විසින් පාඩමක් ඉගැන්විය යුතු කාලය දැන් එලබී ඇත ..

Comments are closed.