බොදුබල සේනා ගැන අැමෙරිකානු මතය මෙන්න!

බොදුබල සේනා ගැන අැමෙරිකානු මතය මෙන්න

සිංහල බෞද්ධ ජනයා උත්කර්ෂයට නැංවීමත්, එමගින් සුළුතර ජාතීන් සතුරු කොට සැලකීමත් ප්‍රවර්ධනය කිරීමේ කාර්යය බොදුබල සේනා සංවිධානය විසින් අඛණ්ඩව කරගෙන යන බව අැමෙරිකා එක්සත් ජනපදය පවසයි.

2015 ජාත්‍යන්තර ආගමික නිදහස සම්බන්ධයෙන් අැමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ වාර්තාවක මේ බව දැක්වෙයි.

රටේ බුදු දහම අන්තවාදයක් කරා රැගෙනයමින් බොදුබල සේනා මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් නිරන්තරයෙන් නිවේදන නිකුත්කොට ඉස්ලාමීය හා ඇතැම් ක්‍රිස්තියානි ආගමික ප්‍රජාව කෙරෙහි වෛරීය ආකල්ප පතුරුවන බව එම වාර්තාවේ සඳහන්ය.

කොළඹින් පිට ඇතැම් ප්‍රදේශවල දේශපාලන බලඅධිකාරියේද සහය ඇතිව මුස්ලිම් හා ක්‍රිස්තියානි ආගමික ස්ථාන වසාදැමීමට ඇතැම් භික්ෂුන් විසින් ක්‍රියා කර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් සොයා නොබැලීම අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍යංශයේ අඩුපාඩුවක් බවත් එම වාර්තාවේ දැක්වෙයි.

ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රිස්තියානි ඉවැන්ජලික සන්ධානයේ ලියකියවිලිවලට අනුව ඉකුත් වසරේ ආගමික පල්ලිවලට පහරදීමේ සිදුවීම් 87ක් වාර්තාවී ඇති බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ වාර්තාව මගින් උපුටා දක්වයි.

ඉකුත් වසරේ මුස්ලිම් ජනයාට එරෙහි වෛරීය ප්‍රකාශ,පහත් කොට සැලකීමේ ක්‍රියා,ඉස්ලාමීය ආගමික වැඩසටහන් කඩාකප්පල්කිරීම් ආදී සිදුවීම් 82ක් වාර්තාවී ඇති බව මුස්ලිමුන් සඳහා ලේකම් කාර්යාලය පවසන බව පෙන්වාදෙන මෙම වාර්තාව ඉකුත් වසර හා සසඳා බලන විට අන්‍යාගමිකයින්ට එරෙහි ක්‍රියාවන් ප්‍රතිශතයක් ලෙස 62%ක් පමණ මේවන විට අඩුවී ඇති බවද එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන්ය.

One Comment to “බොදුබල සේනා ගැන අැමෙරිකානු මතය මෙන්න!

  1. ඔය කාගෙ කාගෙත් කිල්ලෝට වල හුණු ඩිOග ඩිOග තියෙනවා
    ඇමෙරිකාව බොදු බලේ ගැන කිව්වට
    එයාල කරන්නෙත් මුස්ලීම් රටවලට ,ජනතාවට උපරීමයෙන් හිරිහැර කරනවා,මේ හැදෙම අල්ලාහ් ම බලාගනියි…..

Comments are closed.