බොදුබල සේනාව ගුවන්විදුලි සංස්ථාවේ මුස්ලිම් වැඩසටහන් වලට බොරු චෝදනා එල්ල කරයි!

බොදුබල සේනාව ගුවන්විදුලි සංස්ථාවේ මුස්ලිම් වැඩසටහන් වලට බොරු චෝදනා එල්ල කරයි

බොදුබල සේනා සංවිධානය ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාට ලිපියක් යවමින් ගුවන් විදුලි සංස්ථාවේ මුස්ලිම් වැඩසටහන් වලට බොරු චෝදනා එල්ල කර තිබෙනවා.

ලිපිය යවමින් කියා සිටින්නේ ගුවන් විදුලි සංස්ථාව වහබ්වාදයට යටවී ඇති බවයි. එම ලිපිය පහතින්.

 

2016 අගෝස්තු 11

බොදු බල සේනා
44 ඒ , හයිලෙවල් පාර, කිරුළපණ
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා
ජනාධිපති කාර්යාලය
කොළඹ 1
ගරු ජනාධිපතිතුමනි,

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මුස්ලිම් අන්තවාදයේ තොටිල්ලක්..

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව තුල දැනට වසර කිහිපයකට පෙර සිට මුස්ලිම් අන්තවාදීන් විසින් වහාබ් වාදය ප්‍රවර්ධනය කිරීම කරගෙන යනු ලබයි. ISIS පන්නයේ මානසිකත්වයක් මුස්ලිම් ජනතාව හා විශේෂයෙන් තරුණයින් හා කාන්තාවන් ඉලක්ක කර ප්‍රවර්ධනය කිරීම කාලයක සිට මෙම රජයේ ගුවන් විදුලිය විසින් සිදු කරනු ලබයි.

මේ සඳහා විදේශ ආධාර ලබා ගනු ලබන ඉස්ලාමික සංවිධාන පිටුපස සිටින අතර එක්තරා මුස්ලිම් කතක්ද මෙහිදී පුරෝගාමීව කටයුතු කරනු ලබයි.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සමයේදී හිටපු සභාපති හඩ්සන් සිල්වා මහතාට තර්ජනය කරමින් බියගන්වා සිය අන්තවාදී වැඩසටහන් ප්‍රවර්ධනය කිරීමට ඔවුන් සමත් විය.

මේ පිලිබඳ මුලින්ම හෙලිදරුව් කරනු ලැබුයේ 2013 දී බොදු බල සේනා සංවිධානය විසිනි. 2013 මුල්භාගයේදී හිටපු ජනාධිපතිවරයා හමු වූ විට මේ ගැන පැමිණිලි කල අතර එහිදී මුලින් එවැන්නකට ඉඩ නොමැති බව ප්‍රකාශ කලද , හිටපු සභාපතිවරයා කැඳවා විමසීමේදී මුස්ලිම් පිරිස් වල තර්ජන හමුවේ එසේ ඔවුන්ට ඉඩ දී නිහඬ වීමට සිදු වූ බව පිළිගන්නා ලදී.

මේ වන විට තත්වය තවදුරටත් වර්ධනය වෙමින් පවතින අතර මේ තත්වය තවදුරටත් ඉදිරියට පැවතුනහොත් මේ වන විට යම් පමණකට විවෘත මනසකින් හා නිදහස්ව කටයුතු කරන මුස්ලිම් පිරිස් මුස්ලිම් වහාබ් වාදයේ ගොදුරු බවට පත් වීමත්, ISIS පන්නයේ ත්‍රස්තවාදය ප්‍රවර්ධනය වීමත් වැලැක්වීම අතිශය දුෂ්කර වනු ඇත.

මුස්ලිම් නොවන බහුතර පිරිසකගේ බදු මුදලින් නඩත්තු වන ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මෙලෙස ඉස්ලාමික අන්තවාදීන්ගේ ප්‍රචාරක නාලිකාවක් වීම ගැන අපගේ අතිශය කණගාටුව හා විරෝධය පලකරනු ලබන අතර මෙම තත්වය නැවත්වීම උදෙසා අදාළ ඇමතිවරුන්, ගුවන් විදුලියේ සභාපති ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයට උපදෙස් ලබා දෙන ලෙසත්. පසුගිය කාලය තුල කරන ලද මෙම ප්‍රවර්ධන කටයුතු, ඒවාට සම්බන්ධ වූ දේශකයින් හා පිරිස් ISIS වැනි ත්‍රස්ත සංවිධාන සමග ඇති සම්බන්දය හා ඔවුන්ට ආධාර දෙනු ලබන දේශීය හා විදේශීය සංවිධාන පිලිබඳ සොයා බැලීමට පොලිස්පතිවරයා ඇතුළු අදාළ බලධාරීන් දැනුවත් කරන ලෙසත් ඔබතුමාගෙන් ඉල්ලා සිටිමු.

ස්තුතියි

තෙරුවන් සරණයි

කථිකාචාර්ය දිලන්ත විතානගේ
ප්‍රධාන විධායක නිලධාරී- බොදු බල සේනා
සභාපති- බොදු ජන පෙරමුණ

5 Comments to “බොදුබල සේනාව ගුවන්විදුලි සංස්ථාවේ මුස්ලිම් වැඩසටහන් වලට බොරු චෝදනා එල්ල කරයි!

  1. නාන සාර කියන දෙයක් කරුණු ඇතුව ඔප්පු කරනවා නම් වඩා හොදයි. ඔහු කියන ආකාරයේ වැඩසටහනක් ප්‍රචාරය කළ දිනය සහ වෙලාවත් මේ ලිපියට දැමිය යුතු නොවේද? කොහෙවත් නැති මගුල් කතා නොකර තමන්ගේ දහම හරියට කරානම් හොඳටම ප්‍රමාණවත්ය. ඔහු කරපු වැරදි ඔහුටම මතක නැත. ඉතාමත් නින්දිත ආකාරයට සිදු කරන ලද වැඩ පිළිවෙලක් නිසා අලුත්ගම බොහෝ කඩ සාප්පු සහ නිවාස විනාශ විය. දැන් තවත් කුනුහරුයක් පටලවාගෙන ඇත. මොළය හොඳ කෙනෙක් මෙලෙස ක්‍රියා කරයිදැයි මට නම් සැකයක් පවතී.

  2. ඔය කියන වැඩසටහන් සිංහලට පරිවර්තනය කරලා තේරුම් දැනගෙන බුරනවා ඕය්.බොහොමයක් වැඩසටහන් වෙළඳ ආයතනවලින් ගුවන් විදුලි සංස්ථාවට මුදල් ගෙවල කරන්නෙ… පව් හඩ්සන් සිල්වා මහත්තය අන්තවාදීන්ට භයවෙලා ඒ දවස්වල තොවිලෙකුත් කරලා තමය් යාන්තං පණ බේරගත්තෙ. දිලන්ත විදානගේ කථිකාචාර්යවරයට තමන්ගේම දියණිය රාත්‍රී සමාජ ශාලාවල අනඟ රැගුම් දාගෙන ඇවිදින එක නවත්වගන්න බැරිවුනාට ලෝකෙට කථිකාචාර්ය වැඩකරන නියම බෞද්ධයෙක්…අනේ විධායක නිලධාරිතුමෝ ඔබගේ කුපාඩි නඩයට අභසරණය්…ඔය ආචාර්ය, කථිකාචාර්ය, රාජකීය පණ්ඩිතලා කරන්නෙම බෞද්ධ දර්ශනයට විරුද්ධ කුපාඩි වැඩ. අහිංසක මිනිස්සු උසිගන්වල ගැටුම් ඇතිකරලා තෘප්තියක් ලබන එක ඔය කණ්ඩායමේ කුප්ප වැඩ.අනික් ආගම් පිළිබඳව අභ ඇටයක තරම්වත් දැනුමක් නැතිව සම්පූර්ණයෙන් කියවල තේරුම්ගන්නේ නැතිව කෑල්ලක් දෙකක් අල්ලගෙන බෙරිහන් දෙනවා. රටගියාම අතට පයට ගෑණු, කටට රසට මස්, සොමියට විස්කි බ්‍රැන්ඩි මෙහාට ආවට පස්සෙ නියම උපාසක මහත්වරු, නියම බුද්ධ පුත්‍රයෝ… අනේ අනිච්චං පන්සල්වල සිද්ධවෙන කුපාඩි වැඩ දැක්කම රාජකීය පණ්ඬිතලගේ වැඩ ගැන කුමන කථාද…..

  3. බොදු බලේට මුසාවෙන් තොර විකල්පයක් නෑ. අන්තිමට වෙන්නේ මේ ආත්මෙත් කාලකන්නි වෙලා මතු ආත්මයෙත් සදා සොත්ති බවන්තුතේ තමයි.

Comments are closed.