කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පලමුව පන්දුවට පහරදෙයි!

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පලමුව පන්දුවට පහරදෙයි

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ  ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිබේ.

අද තරගය කොළඹ එස්.එස්.සී ක්‍රිඩා පිටියේදී පැවැත්වෙයි. තරගාවලියේ මීට පෙර පැවති පළමු තරග දෙකම ජයග්‍රහණය කරමින් තරගාවලිය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විටත් සමත්ව තිබෙනවා.

කෙසේවෙතත් අද ආරම්භ වන තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයද ජයග්‍රහණය කරමින් තරගාවලිය තුනට බිංදුවක් ලෙස ජයගැනීම තම කණ්ඩායමේ අරමුණ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා පවසා තිබේ.