ධනංජය හා චන්දිමාල් ඉතා අගනා පිිතිහරඹයක!

ධනංජය හා චන්දිමාල් ඉතා අගනා පිිතිහරඹයක

ඔස්ට්‍රේලියාව සමගින් පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී පළමු දිනය නිමා වන විටදී ශ්‍රීලංකාව සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුළු 5 ක් දැවී ලකුණු 215 ක් ලබා සිටියි. නොදැවී කඩුල්ලේ රැඳී සිටින ධනංජය ද සිල්වා ලකුණු 116 ක් හා දිනේෂ් චන්දිමාල් ලකුණු 64 ක් බැගින් රැස් කරගෙන සිටියි.

ඔහුන් දෙදෙනා මේ වන විටදී පළමු කඩුල්ල වෙනුවෙන් නොබිඳුනු ලකුණු 189 ක සබඳතාවක් පවත්වා ගෙන සිටියි. මෙය ඔස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකාව ටෙස්ට් තරගයකදී හයවැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද ඉහළම ලකුණු සංඛ්‍යාවයි. මීට පෙර 2011 වර්ෂයේදී ගාල්ලේදී පැවති තරගයකදී මහේල ජයවර්ධන හා ඇන්ජලෝ මැතිව්ස් හයවැනි කඩුල්ල වෙනුවෙන් දැක්වූ ලකුණු 142 ක සබඳතාව ඉහළම ලකුණු ප්‍රමාණය ලෙසින් දැක්විිණි.

මිචෙල් ස්ටාක් කඩුළු 3 ක් හා නේදන් ලයන් කඩුළු 2 බැගින් බිඳ හෙලා ඇත.

තරගයේ කාසියේ වාසිය දිනා ගනිමින් ශ්‍රීලංකාව පළමුවෙන් පන්දුවට පහර දිමට තීරණය කළද ශ්‍රී ලංකා පළමු කඩුළු 5 ලකුණු 26 කදී බිඳ හෙලීමට ඔස්ට්‍රේලියානු පන්දු යවන්නෝ සමත් වූහ.

හෙට (14) තරගයේ දෙවැනි දිනයයි