ධනංජයද සිල්වා මංගල ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කරයි!

ධනංජයද සිල්වා මංගල ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කරයි

සංචාරක ඔස්ට්‍රේලියාව සමගින් පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා පිිතිකරු ධනංජය ද සිල්වා සිය මංගල ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කිරීමට සමත් විය. පන්දු 94 කදී වාර්තා වූ එම අර්ධ ශතකයට හතරේ පහර 8 ක් අන්නතර්ගත විය. ධනංජයට අනගි සහයක් ලබා දෙන දිනේෂ් චන්දිමාල් මේ වන විට නොදැවී ලකුණු 28 ක් ලබා සිටින අතර ඔවුන් දෙදෙනා 6 වැනි කඩුල්ල සඳහා නොබිඳුනු ලකුණු 83 ක සබඳතාවක් තබා ගෙන සිටි. මේ වන විට ශ්‍රී ලංකා ඉනිම කඩුළු 5 ක් දැවී ලකුණු 154ක් ලෙසින් සටහන් වී ඇත.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රිලංකාව පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ හ. කෙසේ වෙතත් පෙර තරගයන්හි මෙන්ම මෙවරද ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් දෙදෙනාට වැඩි වේලාවක් කඩුල්ලේ රැඳී සිටිමට වේගපන්දු යවන්නන් ඉඩ ලබා නොදුන් අතර ශ්‍රී ලංකා ඉනිම ලකුණු 2 ක් වන විටදී කෞෂාල් සිල්වා දවා ගැනීමට මිචෙල් ස්ටාක් සමත් විය.

ඉන් අනතුරුව ශ්‍රි ලංකා ඉනිම ලකුණු 21 ක් ලෙසින් සනිටුහන් වද්දී කුසල් ජනිත් පෙරේරා ද ක්‍රීඩාගාරයට හරවා යැවීමට නේදන් ලයන් සමත් විය.

කෙසේ නමුත් ලකුණු පුවරුවට තවත් ලකුණු 5 ක් එක් වද්දී තවත් ශ්‍රී ලංකා මැදපෙළ පිතිකරුවන් තිදෙනෙක්ම දවා ලීමට ලයන් හා ස්ටාක් සමත් වූ අතර

පළමු තරග ද්විත්වයේදීම සාර්ථක වූ කුසල් මෙන්ඩිස් එක් ලකුණකට සීමා කිරීමට මිචෙල් ස්ටාක් සමත් වූයේ ශ්‍රී ලංකා බලාපොරොත්තු තවදුරටත් අවම කරමිනි.

ඔහු දැවී යන විටදී ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 26 ට කඩුළු 5 ක් ලෙසින් සනිටුහන් විය.