ධනංජය සිල්වාගේ ශතකයත්, චන්දිමාල්ගේ සුපිරි ඉනිමත් සමග ලංකාව ජයග්රහනය අභියස! (video)

ශ්රී ලංකාව ජයග්රහනය අභියස

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර තුන්වන ටෙස්ට් තරගයේ දෙවන දිනය කොළඹ එස් එස් සී ක්‍රීඩාංගණයේදී මේ වනවිට පැවැත්වෙනවා.

සිය පළමු ඉනිම වෙනුවෙන් ක්‍රීඩා කරන ශ්‍රී ලංකාව කඩුලු 7 ක් දැවී ලබාසිටින ලකුණු සංඛ්‍යාව 274 ක්.

මෙම තරගයේදී සිය මංගල ශතකය ලබාගත් ධනංජය ද සිල්වා ලකුණු 129 කට දැවී ගියා.

දිනේශ් චන්දිමාල් නොදැවී 94 යි. කුසල් පෙරේරා සහ දිල්රුවන් පෙරේරා ලකුණු 16 බැගින් ලබාගත්තා.

පන්දු යැවීමේදී මිචෙල් ස්ටක් සහ නේතන් ලයන් කඩුල 3 බැගින් බිඳහෙලා තිබෙනවා. මෙම ටෙස්ට් තරගාවලියේ පළමු තරග දෙක ජයගත් ශ්‍රී ලංකාව තරගාවලිය ජයග්‍රහණය කර අවසන්.

වීඩියෝ