තටු නැතිව පියාඹන බෝල්ට් ගේ කතාව! (video)

තටු නැතිව පියාඹන බෝල්ට් ගේ කතාව

ලොව වේගවත්ම මිනිසා, කළු කඟවේනා වැනි විරුදාවලි ලබා සිටින ජැමෙයිකානු ජාතික යුසේන් බෝල්ට් ලොව සිටින ජනප්‍රියතම ක්‍රීඩකයෙකු ය.

බෝල්ට් ජනප්‍රිය වන්නේ ඔහුගේ අපූරු ක්‍රීඩා හැකියාවන් වලටම පමණක් නොවේ. ඔහුගේ විනෝදකාමී, මිත්‍රශීලී හා සරල ගතිපැවතුම් නිසාවෙනි.

තෙවැනි වරටත් පිරිමි මීටර 100 තරග ඉසව්ව සඳහා ඔලිම්පික් රන් පදක්කමක් දිනාගැනීමට බෝල්ට් පසුගියදා සමත් විය.

මේ සමගම බෝල්ට් ගේ ජීවිත කතාව ඇසුරෙන් තැනුනු අපූරු සජීවීකරණ කෙටි චිත්‍රපටයක් යළිත් සමාජ ජාල වෙබ් අඩවි වලට එක්ව තිබේ.

‘ද බෝයි හූ ලර්න්ට් ටු ෆ්ලයි’ ලෙස නම් කර ඇති මෙම වීඩියෝව පහත දැක්වේ.

වීඩියෝව