දිමුත් කරුණාරත්නගේ දැවීයාමේ නීතිමය තත්ත්වයේ ඇත්ත කතාව මෙන්න!(video)

දිමුත් කරුණාරත්නගේ දැවීයාමේ නීතිමය තත්ත්වයේ ඇත්ත කතාව මෙන්න

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දෙවන ඉනිම අතරතුර දිමුත් කරුණාරත්න ස්ටම්ප් කිරීමකට හසුකර ගන්නට ඕස්ට්‍රේලියා කඩුලු රකින ක්‍රීඩක පීටර් නෙවිල් සමත්වුණා.

නමුත් එම ස්ටම්ප් කිරීම විවාදයට තුඩු දුන්නා, ඊට හේතුවුනේ කරුණාරත්න දවා ගන්නා විට පන්දුව අජීවී පන්දුවක් වී ඇති බවට ඇතැම් ක්‍රීඩා ලෝලීන් අදහස් පළ කිරීමයි.

කෙසේ වෙතත් මේ දවා ගැනීම සම්බන්ධයෙන් ක්‍රිකට් විනිසුරුවරයා ප්‍රකාශ කළේ මෙවැනි දැවී යාමක් පිළිබඳව අවසන් තීරණය පවතින්නේ ක්‍රීඩාංගනයේ සිටින විනිසුරුවරයන් දෙදෙනා මත බවයි.

කෙසේ වෙතත් පන්දුව අජීවී පන්දුවක් බවට පත්වන්නේ කඩුලු රකින්නා පන්දුව රැකගෙන ඔහු පන්දුව වෙනත් ක්‍රීඩකයෙකුට යොමු කිරීමෙන් අනතුරුවයි.

මේ දැවී යාමෙදී කඩුලු රකින්නා පන්දුව වෙනත් ක්‍රීඩකයෙකුට යොමු නොකිරීමත්, පන්දුවට පහරදීමෙන් අනතුරුව දිමුත් කරුණාරත්න කඩුලු රකින්නා අතේ පන්දුව පවතින මොහොතේ සීමා ඉරෙන් ඉවත් වීමත් සමඟ දවා ගැනීම හේතුවෙන් මෙම දවාගැනීම නිවැරදි බවයි ජේෂ්ඨ විනිසුරුවන් ප්‍රකාශ කරන්නේ.

වීඩියෝව