බෝල්ට් 9වන රන් පදක්කමත් දිනයි! (වීඩියෝ)

බෝල්ට් 9වන රන් පදක්කමත් දිනයි

ජැමෙයිකාවේ උසේන් බෝල්ට් අද (20) සිය 9 වන ඔලිම්පික් රන් පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් වුණා.

ඒ, ඔහු නියෝජනය කරන ජැමෙයිකානු කණ්ඩායම මීටර් හතර වැඩි කිරීම සියය සහය දිවීමේ ඉසව්ව ජයග්‍රහණය කිරීමත් සමඟයි. මෙවර රියෝ ඔලිම්පික් උළෙලේදී මෙන්ම පසුගිය ඔලිම්පික් තරගාවලි දෙකකදී උසේන් බෝල්ට් එම දස්කම දැක්වීමට සමත් වුණා.

ඒ, මීටර් 100, 200 සහ හතර වැඩි කිරීම සියය සහය දිවීමේ ඉසව්වෙන් ජයග්‍රහණය කිරීමෙන්.

29 හැවිරිදි උසේන් බෝල්ට් එම දස්කම දැක්වූ ප්‍රථම ක්‍රීඩකයා බවට පත්වනවා. මීටර් 4 වැඩි කිරීම සියය සහාය දිවීමේ ඉසව්වේ රිදී පදක්කම ජපානයට හිමි වීම විශේෂත්වයක්.

ඇමරිකාව යෂ්ටි හුවමාරුවේදී නුසුදුස්සන් බවට පත්වීම නිසා ලෝකඩ පදක්කම හිමිවූයේ කැනඩාවටයි.

එම අවස්ථාවේ වීඩියෝ පහතින්.