ෂෙඩ් එකක් ලඟදී බවුසරයක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන අළු වේ! video

ෂෙඩ් එකක් ලඟදී බවුසරයක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන අළු වේ

මහනුවර තෙල්දෙණිය නගරයේ පිහිටි ඉන්ධන පිරවුම් හලක නවතා තිබූ තෙල් බවුසරයක ඊයේ (20) පස්වරුවේ ගින්නක් හටගෙන තිබෙනවා. මේ හේතුවෙන් මහනුවර – මහියංගනය ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයටද බාධා වී ඇත.

තෙල්දෙණිය නගරයේ පිහිටි ඉන්ධන පිරවුම් හලකට තෙල් රැගෙන ආ බවුසරයක මෙම ගින්න හටගෙන තිබෙනවා. ඒ, ඉන්ධන පිරවුම් හලේ තෙල් ටැංකිවලට අදාළ බවුසරයෙන් ඉන්ධන පුරවමින් සිටි අවස්ථාවේය.

මේ සම්බන්ධයෙන් මහනුවර ගිනි නිවීම් අංශයට දැනුම් දී ඇති අතර, පොලිසිය සහ ප්‍රදේශවාසීන් කඩිනමින් ක්‍රියාත්මක වී තිබෙනවා. පසුව පැමිණි මහනුවර ගිනි නිවීම් අංශය ගින්න සම්පූර්ණයෙන්ම මැඩපැවැත්වීමට සමත්වී තිබෙනවා.

ගින්නෙන් තෙල් බවුසරය සම්පූර්ණයෙන්ම විනාශයට පත්වී ඇති  අතර ඒ අසල තිබූ තවත් බවුසරයකටද හානි සිදුවී තිබෙනවා.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ. සිද්ධිය වූ අවස්ථාවේ වීඩියෝව පහතින්.

 

One Comment to “ෂෙඩ් එකක් ලඟදී බවුසරයක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන අළු වේ! video

  1. Lankawe ginnak unama fire rescue eka eddi okkoma wela iwarai..samahara wita eka thattu geyak nam ki denekge jeewitha ahimi weida danne na.
    Mulinma lankawe hama town ekakama fire station ekak sthapita karanna one.

Comments are closed.