බම්බලපිටියේ මොහොමඩ් සකීම් සුලෙයිමන් නම් ව්‍යාපාරිකයෙක් පැහැර ගනී! (video)

බම්බලපිටියේ මොහොමඩ් සකීම් සුලෙයිමන් නම් ව්‍යාපාරිකයෙක් පැහැර ගනී

බම්බලපිටියේ ධනවත් රෙදිපිළි ව්‍යාපාරියකු (29) නානදුන පිරිසක් විසින් පැහැර ගන්නා ලදැයි ඔහුගේ බිරිඳ අද (22) බම්බලපිටිය පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

මෝටර් රියකින් පැමිණි පිරිසක් බම්බලපිටිය කොතලාවල මාවතේ ඔහුගේ නිවස ඉදිරිපිට දී පැහැර ගත් බව ද ඇයගේ පැමිණිල්ලේ සඳහන් වේ.

පැහැරගත් ව්‍යාපාරිකයා මොහොමඩ් සකීම් සුලෙයිමන් බවත්, ඔහුගේ අත් ඔරලෝසුව නිවස අසළ තිබී සොයා ගත් බවත්, එම පෙදෙසේ ලේ පැල්ලම් කිහිපයක් තිබූ බවත් පොලිසිය පවසයි. ලේ සාම්පල පරීක්ෂණ සඳහා ලබා ගත් බව ද පොලිසිය පවසයි.

වීඩියෝව