රත්නපුරේ පැවති සම්මන්ත‍්‍රණයක් අතරතුර සරසවි සිසුන් තිදෙනෙක් පහරකා රෝහලේ! (video)

රත්නපුරේ පැවති සම්මන්ත‍්‍රණයක් අතරතුර සරසවි සිසුන් තිදෙනෙක් පහරකා රෝහලේ

රත්නපුරයේ ඊයේ පැවති සම්මන්ත‍්‍රණයක් අතරතුර ගැමුණු විජේරත්න මහතා ඇතුලූ පිරිසක් පහරදුන් බව කියන සිද්ධියෙන් තුවාල ලැබූ සිසුන් තිදෙනෙක් තවමත් රත්නපුර මහ රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබන බව වාර්තා වෙනවා.

පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය අපේ රටට අවශ්‍ය ඇයි යන්න තේමා කරගනිමින් විද්වත් වෘත්තිකයන් පිරිසකගේ සහභාගීත්වයෙන් රත්නපුරේ පැවති සම්මන්ත‍්‍රණයක් අතරතුර ඊයේ මෙම උණුසුම් තත්ත්වය ඇතිවුණා. එම සම්මන්ත‍්‍රණයට සහභාගී වූ සබරගමුව විශ්ව විද්‍යාල කි‍්‍රයාකාරීන් පිරිසක් සම්මන්ත‍්‍රණයේ දේශකයන් පළකල අදහස්වලට විරෝධය දැක්වීමත් සමග මෙම ගැටුම හට ගෙන තිබෙනවා.

මෙහිදී ගැමුණු විජේරත්න ඇතුලූ පිරිසක් තමන්ට පහරදුන් බවට චෝදනා කරමින් සිසුන් තිදෙනෙකු රත්නපුර මහ රෝහලට ඇතුලත්ව තවමත් නේවාසිකව ප‍්‍රතිකාර ලබමින් සිටින සිටිනවා. සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශණය කරමින් පවතිනවා.

වීඩියෝව