එංගලන්ත මුහුදේ දිය නෑමට ගිය ලංකාවේ තරුණයින් පහක් මරුට! (video)

එංගලන්ත මුහුදේ දිය නෑමට ගිය ලංකාවේ තරුණයින් පහක් මරුට

එංගලන්තයේ නැගෙනහිර සසෙක්ස් හි කැම්බර් මුහුදේ දිය නෑමට ගිය තරුණයින් 5දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඩේලි මේල් වෙබ් අඩවිය අනාවරණය කරන්නේ ඔවුන් පස්දෙනා ශ්‍රී ලාංකිකයින් බවයි.

මොවුන් මුහුදු රකුසාට බිලිවන අවස්ථාව වන විට කිසිදු මුහුදු ජීවිතාරක්ෂක කණ්ඩායමක් සිටියේ නැති බවයි එම ස්ථානයේ සිටි පුද්ගලයින් ප්‍රකාශ කරන්නේ.

මරණයට පත්වූ මේ තරුණයන්ගේ මළසිරුරු සෙවීමට ලන්ඩන් ආරක්ෂක අංශ නිලධාරීන් හෙළිකොප්ටර් යානා ද යොදාගෙන පරීක්ෂා කර තිබෙනවා.

මේ පිරිස ලන්ඩනයේ සිට විනෝද චාරිකාවක් පැමිණි පිරිසක් බවයි විදෙස් මාධ්‍ය වර්තාකරන්නේ.

ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයන්ගේ මළසිරුර දියේ සිට ගොඩට ගෙන එන විටත් ඔවුන් කොට කළිසම් සහ ටී-ෂර්ට් ඇද සිටීම නිසා මේ අය නීති විරෝධී සංක්‍රමණිකයින් ලෙස ලන්ඩන් ආරක්ෂක අංශ සැක පළකර වැරදි සැක පළකිරීමක් කර ඇති බව ඩේලි මේල් වෙබ් අඩවිය අනාවරණය කරනවා.