බම්බලපිටියේ පැහැරගත් ව්‍යාපාරික මොහොමඩ් සකීම්ගේ මළ සිරුර සොයා ගැනේ! ඝාතනයට සැක 5 දෙනෙකුට විදෙස් ගත වීමට තහනම්!(video)

බම්බලපිටියේ පැහැරගත් ව්‍යාපාරික මොහොමඩ් සකීම්ගේ මළ සිරුර සොයා ගැනේ! ඝාතනයට සැක 5 දෙනෙකුට විදෙස් ගත වීමට තහනම්

බම්බලපිටියෙන් අතුරුදහන්ව ඝාතනයට ලක්ව සිටියදී මාවනැල්ල ප්‍රදේශයෙන් සිරුර හමුවූ කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ශාකිබ් සුලෙයිමාන්ගේ ඝාතනය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය හා කෑගල්ල පොලීසිය ඒකාබද්ධව පොලිස් කණ්ඩායම් 8ක් යොදවා ති‍බේ.

ව්‍යාපාරිකයාගේ දේහය සම්බන්ධයෙන් මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය මාවනැල්ල මහේස්ත්‍රාත් එල්.කේ මහින්දගේ විසින් සිදුකළ බව වාර්තා වේ.

එයින් අනතුරුව මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කෑගල්ල මූලික රෝහලට ගෙන ආ බවත්,එහි විශේෂඥ වෛද්‍යවරයෙකු විසින් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකරන බවත්,මේවන විට ව්‍යාපාරිකයාගේ සමිපතම ව්‍යාපාරිකයින්ගෙන් හා මිතුරන් රාශියකගෙන් පොලීසිය විසින් ප්‍රශ්න කිරීම් සිදුකර ඇති බවත් ‍වාර්තා වේ.

ව්‍යාපාරිකයා අතුරුදහන්වීමෙන් පසුව කෝටි දෙකක කප්පම් ඉල්ලා දුරකථන ඇමතුම ලැබී ඇත්තේ කෑගල්ල ප්‍රදේශයෙන් බවත්,මළ සිරුර හමුවී ඇත්තේද කෑගල්ලට සමීප ප්‍රදේශයකින් බැවින් මෙම සිදුවීම් දෙක අතර සම්බන්ධයක් තිබිය හැකි බවත්,ඒ කෙරෙහි පරීක්ෂණවල අවධානය යොමුව ඇති සදහන් වෙනවා.

මේ අතර මේවන විට සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන කණ්ඩායම්වල නිලධාරීන්ගේ අවධානය යොමුව ඇත්තේ ඔහුගෙන් මුදල් ණයට ඉල්ලා ගනු ලැබූ ව්‍යාපාරිකයින් කිහිපදෙනෙකු කෙරෙහි බැව් පොලිස් ආරංචි මාර්ග පවසයි.

මෙම කෝටිපති ව්‍යාපාරිකයාගේ මරණය ඝාතනයක් බව පිළිගත හැකි නමුත් ඝාතනය සිදුව ඇත්තේ ඊයේ දිනයේ ඔහුගේ මළ සිරුර හමුවු මාවනැල්ල පොලිස් බලප්‍රදේශයට අයත් රුකුලගම ප‍්‍රදේශයේ මාවනැල්ල -හෙම්මාතගම ප‍්‍රධාන මාර්ගයට ආසන්න ස්ථානයේදීමද,එසේත් නැතිනම් වෙනත් ස්ථානයකදී ඝාතනය කොට එම ස්ථානයට ගෙනවිත් දැමුවාද යන්න තාමත් නිල වශයෙන් කිව නොහැකිය.

ඉකුත් 21 වනදිනයේ රාත්‍රීයේ සාදයක් සඳහා සහභාගිව සිටි මෙම ව්‍යාපාරිකයා රාත්‍රී 11.15 ට පමණ කොළඹ 04,කොතලාවල ඇවනියු,අංක 21 ලිපිනයේ පදිංචි නිවස අසළට පැමිණ බිරිඳට ආමන්ත්‍රණය කළ බවත්,ඉන්පසුව බිරිඳ විසින් නිවසේ දොර හැර එළියට බසින විට ඔහු විසින් බිරිඳට ගෙන ආ ආහාර පාර්සලයක් හා ඔහුගේ අත් ඔර්ලෝසුව මිදුලේ වැටී තිබෙනු දුටු බවත් බිරිඳ විසින් බම්බලපිටිය පොලීසියට කරන ලද පැමිණිල්ලේ සඳහන්ය.

නිවස අසළ සැඟව සිටි පිරිසක් විසින් තම ස්වාමියා පැහැරගෙන යන්නට ඇතැයි තමා විශ්වාස කරන බවත්,ස්වාමි පුරුෂයා සොයදෙන ලෙසත් ඉල්ලා බිරිඳ විසින් එදින රාත්‍රීයේම පොලීසියට පැමිණිලි කර තිබේ.

පොලීසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වුව අතර මෙම කෝටිපති ව්‍යාපාරිකයාගේ අතුරුදහන්වීම සම්බන්ධයෙන් තොරතුරු සොයාගැනීමට මහජන සහයද ඉල්ලා තිබිණි.

මේ අතර දින කිහිපයකට පෙර මිය ගිය බවට සැකකරන දුගඳ හමන පිරිමි මළ සිරුරක් ඊයේ සවස මාවනැල්ලෙන් හමුවුවස මූලාරම්භයේදීම එය කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ශාකිබ් සුලෙයිමාන්ගේ යයි නිශ්චිත ලෙස හදුනාගෙන නොතිබිණි.

පසුව මේ වන සම්බන්ධයෙන් මාවනැල්ල පොලිසියේ නිලධාරින් පිරිසක් එහි පැමිණ පරීක්‍ෂණ කටයුතු ආරම්භ කළ අතර මෙ සම්බන්ධයෙන් ඉහළ පෙළේ පොලිස් නිලධාරින් දැනුවත් කිරිමෙන් පසුව කොළඹ සිට පොලිස් කණ්ඩායමක් සහ කෝට්පති ව්‍යාපාරිකයාගේ පියා සහ ඥාතින්ද  පැමිණියහ.

මිය ගිය පුද්ගලයා පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඇඳ සිටි වස්ත‍්‍ර වලින් සහ ශරිරයේ පැළඳ සිටි ආභරණ මගින්ද,මුහුණ සහ කොණ්ඩය ඔස්සේ මෙ පුද්ගලයා හදුනා ගත් අතර පසුගිය දා අතුරු දහන් වු තම පුතණුවන් බවට පියා විසින් කරුණු අනාවරණය කරගන්නා ලදී.

මෙම මළ සිරුර සම්බන්ධයෙන් ඩී.එන්.ඒ පරීක්ෂණයක්ද සිදුකරන බව ද කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.

මේ අතර කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා විසින් මෙම ඝාතනයට සැක කරන ව්‍යාපාරිකයින් පස් දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර තහනම් කිරීමට පියවර ගෙන තිබේ.

කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සිදුකරනු ලැබූ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින් අතිරේක ම‍හේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදුකර ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

බම්බලපිටියේ පැහැරගත් ව්‍යාපාරික මොහොමඩ් සකීම්ගේ මළ සිරුර සොයා ගැනේ! ඝාතනයට සැක 5 දෙනෙකුට විදෙස් ගත වීමට තහනම්

3 Comments to “බම්බලපිටියේ පැහැරගත් ව්‍යාපාරික මොහොමඩ් සකීම්ගේ මළ සිරුර සොයා ගැනේ! ඝාතනයට සැක 5 දෙනෙකුට විදෙස් ගත වීමට තහනම්!(video)

  1. me taram minissu tawa minihekuge jiwitaya tamanta aiti nati deyak wenuwen udura gannawada

  2. I consider the blood stain and the wrist watch were left to divert the attention. Actually he might have been abducted from somewhere else. His “phone ping” the mobile phone constantly communicates with nearby tower. That can give the right clue from where and which way he was taken.

Comments are closed.