ඩිල්ෂාන්ගේ ඉනිම අවසන්! ඔහුට ශ්‍රී ලංකා කණ්ඩායමේ ගෞරවය!

ඩිල්ෂාන්ගේ ඉනිම අවසන්! ඔහුට ශ්‍රී ලංකා කණ්ඩායමේ ගෞරවය

සිය අවසන් එක්දින තරගයට ක්‍රීඩා කරන හිටපු නායක මෙන්ම ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන් වෙනුවෙන් ගෞරවය පුද කිරීමට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සගයෝ කටයුතු කළහ.

ඒ ඔහු පිටියට පිවිසෙන අවස්ථාවේ ඔහුට ඉහළින් පිති ඔසවමිනි.

සිය අවසන් එක්දින තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක මෙන්ම, ආරම්භ පිතිකරු තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 42ක් ලබාගෙන සිටියදී ඇඩම් සැම්පාගේ පන්දුවක් හමුවේ දැවී ගියේය.

ඔහු පන්දු 65කදී හතරේ පහර 5ක් සමගින් සිය ලකුණු 42ක රැස්කළේය. ඔස්ට්‍රේලියානු කණ්ඩායම ඩිල්ෂාන්ට සුබ පැතුම් එක්කළ අතර ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ට හිස නමා ආචාර කරමින් ඩිල්ෂාන් පිටියෙන් ඉවත්විය.