ඩිල්ෂාන් නායකත්වය දැරු අවධියේ මුහුණ දුන් අත්දැකීම් හෙළි කරයි! (video)

ඩිල්ෂාන් නායකත්වය දැරු අවධියේ මුහුණ දුන් අත්දැකීම් හෙළි කරයි

ඔස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව ඊයේ පැවැති තරගයේදී තමන්ට ලකුණු අතරට පැමිණීමට හැකි වූ බවත් නමුත් නවකයෙකුට අවස්ථාවක් දීමට හොඳම අවස්ථාව නිසා තමන් ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කළ බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක මෙන්ම ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන් සිය සමුගැනිම ප්‍රකාශ කරමින් පැවැසිය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ තරුණයින් මේ වන විට හොඳින් දක්ෂතා දක්වන බවත් තමන්ට ලබාදුන් සහාය ඔවුන්ටද ලබාදෙන මෙන් ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටින බවත් ඩිල්ෂාන් පැවැසිය.

තමාගේ වසර 17ක සේවා කාලය තුළ රට වෙනුවෙන් උපරිමය කළ බවත් එම කාලය පුරාවට නැගීම් මෙන්ම බැසිම් තිබුණ බවත් ඔහු සඳහන් කළේය. 2008 වසරේදී තමන් ආරම්භක පිතිකරුවෙකු ලෙස කටයුතු කිරිමට ගත් තීරණය ක්‍රිකට් දිවියේ ගත් හොඳම තීරණක් බවද ඔහු පැවැසීය.

තමා ඩිල්ස්කූප් පහර පුරුදු වූයේ ටෙනිස් පන්දුවෙන් බවද ඔහු පැවැසීය.

මේ අතර තිලකරත්න ඩිල්ෂාන් ඊයේ පිටියට පැමිණීමට ප්‍රථමයෙන් සිය මිතුරන්ට කේක් කපා සංග්‍රහයක්ද කර තිබෙනවා. ඊට ඩිල්ෂාන්ගේ බිරිඳ සහ දරුවන්ද,මව්පියන්ද සහභාගී වී තිබෙනවා.