2016 සුපිරිතමයන් අතරට දිනේෂ් චන්දිමාල් එක් වෙයි!

2016 සුපිරිතමයන් අතරට දිනේෂ් චන්දිමාල් එක් වෙයි

ශී‍්‍ර ලංකා කණ්ඩායම සමග පැවති 3 වන එක්දින කි‍්‍රකට් තරගය කඩුලු 2කින් ජය ගැනීමට ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම ඊයේ (28) රාති‍්‍ර සමත් වුණා.

තරඟයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49 පන්දු 2 අවාසනයේ සියලු දෙනා දැවී ලකුණු 226 ලබා ගැනීමට සමත් වුණා

මෙහිදී සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ දිනේෂ් චන්දිමාල් ශතකයක් ලබා ගැනීමට සමත් වුණා. පන්දු 130කදී වාර්තා වූ මෙම ඉනිමට හතරේ පහර 7ක් අන්තර්ගත වුණා. මෙම ඉනිම සමගින් චන්දිමාල් ලකුණු 3000 පසු කළ 15 වන ශ්‍රී ලාංකිකයා ලෙස ඉතිහාසයට එක්වුණා.

එමෙන්ම ඔහු මෙම වසරේ තරඟ 12කට සහභාගීවී ලකුණු 650ක් ලබාගෙන සිටිනවා. 2016 වසරේ වැඩිම ලකුණු ලබාගත් ක්‍රීඩකයන් අතර ඔහුට හිමිවන්නේ තුන්වන ස්ථානයයි. ලකුණු 708 හා 672ක් ලබාගෙන චන්දිමාල්ට ඉදිරියෙන් සිටින්නේ ඕස්ට්‍රේලියාවේ ස්ටීවන් ස්මිත් සහ එංගලන්තයේ ජෝ රූට් පමණයි.

නමුත් 2016 වසරේ වැඩිම ලකුණු ලබා සිටින ක්‍රීඩකයන් අතර හොඳම පිතිකරු සමාන්‍ය හිමිවන්නේ දිනේෂ් චන්දිමාල්ටයි

ඔහුගේ මෙම වසරේ පිතිකරු සාමාන්‍ය 72.22 ලෙස දැක්වෙනවා.