මාර්ක් සකර්බර්ග් ඉන්ටර්නෙට් දෙන්න හදපු චන්ද්‍රිකාවත්, තිබුණු Space-X රොකට්ටුව පුපුරා යයි! (video)

Space-X රොකට්ටුව පුපුරාගිය හැටි

ඇමරිකාවේ  ෆ්ලොරිඩා ප්‍රාන්තයේ කැනවරල් තුඩුවේ පිහිටි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේදී,  ස්පේස් – එක්ස් අභ්‍යවකාශ සමාගමට අයත් රොකට්ටුවක් උඩුගුවන් ගත කිරීමට පෙර ඊයේ (01) පිපිරී විනාශවී තිබෙනවා.

යානය පෙරහුරු ක්‍රියාවලියකට භාජනය කරන විට මෙම පිපිරී යාම සිදුවී තිබෙනවා. එමගින් දැවැන්ත  පිපිරීමක් සිදුවූ අතර, සැතපුම් ගණනාවක් ඈතින් පිහිටි ගොඩනැගිලි පවා සසල වී තිබෙනවා.

ස්පේස් – එක්ස්, නැවත භාවිත කළ හැකි රොකට් වැඩසටහනක් පවත්වාගෙන යාම සදහා අත්හදා බැලීම් සිදුකරන පෞද්ගලික ආයතනයක්.

මෙම රොකට්ටුව සමග උඩුගුවනට යැවීමට තිබූ ෆේස්බුක් ආයතනයේ අමොස් – 6 චන්ද්‍රිකාව ද විනාශයට පත්වී තිබෙනවා. එම චන්ද්‍රිකාව යැවීමට සැලසුම් කර තිබුණේ අප්‍රිකාවේ අන්තර්ජාල පහසුකම් නොමැති ප්‍රදේශ වෙත සන්නිවේදන පහසුකම් ලබාදීමටයි.

ෆ්ලොරිඩාහි කේප් කානිවල් තුඩුවෙනුයි මෙම චන්ද්‍රිකාව ලබන සදුදා අභ්‍යාවකාශ ගත කිරීමට සැලසුම් කර තිබුනේ.

මෙම චන්ද්‍රිකාව විනාශ වීම සම්බන්ධයෙන් ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් සිය ෆේස් බුක් ගිණුමේ සටහනක් ද තබා තිබෙනවා. ඔහු ප්‍රකාශකර ඇත්තේ මෙම සිද්ධිය ඇසීමෙන් තමන් ඉතා කණගාටුවට පත්වු බවයි.

කෙසේවෙතත් සියලුදෙනාට අන්තර්ජාලය හා සම්බන්ධවීම වෙනුවෙන් පහසුකම් ලබාදීමේ අරමුණ වෙනුවෙන් තවදුරටත් කටයුතු කරන බවයි මාර්ක් සකර්බර්ග් සඳහන් කර ඇත්තේ.

වීඩියෝව

One Comment to “මාර්ක් සකර්බර්ග් ඉන්ටර්නෙට් දෙන්න හදපු චන්ද්‍රිකාවත්, තිබුණු Space-X රොකට්ටුව පුපුරා යයි! (video)

  1. ස්වභාවධර්මයට අභියෝග කරන්න මොන ජගතෙකුටවත් බෑ.වෙන්න තියෙනදේ වළක්වන්නත් බෑ.සොරි තමය් ඉතිං

Comments are closed.