උතුරේ අන්තවාදීන් කඩා දැමූ බුදුපිළිමය වෙනුවට නව බුද්ධ ප්‍රථිමාවක්!

උතුරේ අන්තවාදීන් කඩා දැමූ බුදුපිළිමය වෙනුවට නව බුද්ධ ප්‍රථිමාවක්!

වවුනියාව කනගරායන්කුලම් ප‍්‍රදේශයේ කඩා දැමුණු බුදුපිළිම වහන්සේ නමක් වෙනුවට වෙනත් බුදුපිළිම වහන්සේ නමක් වවුනියාව දිස්ත‍්‍රික් බෞද්ධ කටයුතු සමායෝජක පූජ්‍ය පෙරිඋරුක්කුලමේ සුමනතිස්ස හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ප්‍රදේශයේ දෙමළ ජනතාවගේද සහයෝගය ඇතිව ස්ථාපිත කර තිබෙනවා.

මෙම බුද්ධ ප්‍රථිමාව කඩා දැමීම පසුපස අන්තවාදී ආගමික කල්ලියක් සිටින බවටයි තොරතුරු අනාවරණය වී තිබෙන්නේ. එහෙත් මේ වනතුරු කවුරුන්දැයි නිශ්චිත වශයෙන් සනාථ කර නැහැ. කෙසේ වෙතත් මෙම බුද්ධ ප්‍රථිමාව කඩා දැමීමෙන් ඔවුන් බලාපොරොත්තු වන්නට ඇත්තේ සිංහල දෙමළ ජනතාව අතර ජාතික සමගිය විනාශ කිරීමයි. මෙම සිද්ධිය දඩමීමා කරගෙන ගොඩයන්නට ඇතැම් අන්තජාතිවාදී කල්ලි කොලඹින් පවා එම ස්ථානයට ගොස් තිබුණා.

නමුත් පලාතේ භික්ෂුන් වහන්සේලා සහ දෙමළ ජනතාව සාකච්ඡා කර එම තත්වය සමථයකට පත්කර ගැනීමට හැකි වී තිබෙනවා. තමන්ට මෙම බුද්ධ ප්‍රථිමාව ඉවත් කිරීමේ කිසිදු උවමනාවක් නැතැයි ප්‍රදේශයේ දෙමළ ජනතාව එකහෙලා ප්‍රකාශ කර සිටීම සුබදායි කරුණක්.

 

 

 

 

6 Comments to “උතුරේ අන්තවාදීන් කඩා දැමූ බුදුපිළිමය වෙනුවට නව බුද්ධ ප්‍රථිමාවක්!

  1. Niweradi Islam dharmayata anuwa budu pilimayan winashaya kara yutuy. afghanistanaye bamiyan budu pilimaya winashaya karapu eka godak honda kriyawak.

    1. ඔබගේ අයිසිස් සහ තලේබාන් මානසිකත්වය මෙම කමෙන්ගිටුව මගින් හෙළිවෙනවා. අනිත් අයට ගැරහු ඔබ දැන් මඩ ගොහොරුවක එරිලා. ඇෆ්ගනිස්ථානයේ බාමියන් බුද්ධ ප්‍රථිමාවන් ශතවර්ශ ගණනාවක් රැක්කේ එහි සිටි මුස්ලිම්වරුන්. තලේබාන්වරු එම ප්‍රථිමා විනාශ කිරීම සම්බන්ධව අදත් ඒ ජනතාව දුක් වෙනවා.

      නිවැරදි ඉස්ලාම් ධර්මය කියන්නේ අන්ආගමිකයන්ගේ ප්‍රථිමා විනාශ කිරීම නොවෙයි. ඒ අයගේ ජීවිත තුල ආධ්‍යාත්මික පෙරළියක් ඇති වී ප්‍රථිමා වන්දනයෙන් ඉවත් වීමයි. ප්‍රථිමාවක් තිබුණද නැති වුවද සැබෑ මුස්ලිම්වරයෙකුට එය ගැටළුවක් නැහැ. ඔහු කටයුතු කරන්නේ ඔහුගේ හදවතේ නියියත් එනම් සිතැගියාව අනුවයි. ඔබගේ අයිසිස් පන්නයේ ආගමික දැනුමට ඒක තේරෙන්නෙ නැතිව ඇති.

      1. Assalaamu Alaikkum,
        Br. Anver Manathunga’s opinion cannot be accepted. There cannot be any statues, (it can be the statue of Muhammad, Moses, Jesus,) in the Islamic Land. This is evident from Seera of Prophet Muhammad and History of Companions of Prophet.

        However this is applicable only in Islamic Lands, not in other places

        1. What does anver manatunga know? mothing. but he talks as if he knows everything.

  2. crazy buggers like thoufeek muslims get assalt all over the world. this timid buggers always loose in battle like taliban and is, go and live afganistan, not live srilanka or other non muslim contry

Comments are closed.