බණ්ඩාරගම අටුළුගම මොහොමඩ් නස්රින් නම් ව්‍යාපාරිකයා අතුරුදහන්! (video)

මොහොමඩ් නස්රින් ව්‍යාපාරිකයා අතුරුදන්

රන් භාණ්ඩ වෙන්දේසියක් සඳහා ති‍්‍රකුණාමලයට ගිය බණ්ඩාරගම අටුළුගම ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු අතුරුදන්ව තිබෙනවා. මේ පිළිබඳව අද පෙරවරුවේ ව්‍යාපාරිකයාගේ පියා විසින් බණ්ඩාරගම පොලිසියට පැමිණිලි කරනු ලැබ තිබෙනවා.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ බණ්ඩාරගම අටුළුගම ප‍්‍රදේශයේ පදිංචි මොහොමඞ් නස්රින් නමැති 35 හැවිරිදි දෙදරු පියෙක්.

ව්‍යාපාරිකයෙකු වූ මොහොමඞ් නස්රින් පෙරේදා ති‍්‍රකුණාමලය බලා පිටත්ව ගොස් ඇත්තේ ඊයේ දිනයේ ති‍්‍රකුණමාලයේ පිහිටි රාජ්‍ය බැංකුවක සිදුකරණ රන් භාණ්ඩ වෙන්දේසියකට සහභාගී වීම සඳහායි.

එම වෙන්දේසිය අතරතුර අත්‍යවශ්‍ය ඖෂධයක් මිලදී ගැනීම සඳහා ඔහු ආසන්නයේ පිහිටි වෙළඳසැලකට ගිය පසු ඔහු අතුරුදන්ව තිබෙනවා.

මේ පිළිබඳව ඔහු සමග සිටි සේවකයන් කළ දැනුම්දීමට අනුව අද පෙරවරුවේ මොහොමඞ් නස්රින්ගේ පියා සහ බිරිඳ මෙම අතුරුදන්වීම පිළිබඳව බණ්ඩාරගම පොලිසියට පැමිණිලි කළා.

වීඩියෝව