මැලේසියානු මහකොමසාරිස් ගෙන් කරුණු විමසයි! සැකකරුවන් 5ක් අත්අඩංගුවට! (video)

මැලේසියානු මහකොමසාරිස් ගෙන් කරුණු විමසයි! සැකකරුවන් 5ක් අත්අඩංගුවට

ශ්‍රී ලංකාවේ  මහකොමසාරිස්වරයාට පහරදීමේ සිදුවීමට අදාළව මෙරට සිටින මැලේසියානු මහකොමසාරිස්වරයාගෙන් කරුණු විමසා තිබේ.

විදේශ කටයුතු අමාත්‍යංශ ලේකම්වරයා විසින් ඒ බව තහවුරු කර ඇත. මේ අතර මැලේසියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් අයි.අන්සාර් මහතාට එරට ක්වාලාම්පූර් ගුවන්තොටුපළේදී පහරදීමේ සිද්ධියට අදාළව 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධියට අදාළව සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගැනීම පිළිබඳ මැලේසියානු මාධ්‍ය විසින් වාර්තා කර තිබුණි.

මැලේසියාව බලා ගිය ඒකාබද්ධ විපක්ෂ දූත පිරිසේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා සමග ගුවන්තොටුපොළ වෙත ගොස් යළි එමින් සිටියදී ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා එරට දී එල්.ටී.ටී.ඊ හිතෛෂි අන්තවාදී පිරිසකගේ ප්‍රහාරයට ලක්වි ඇත.

 

ක්වාලාම්පූර්හි පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය, වැරදිකරුවන් හඳුනා ගැනීම සඳහා සහ විමර්ශන කටයුතුවලට සහාය ලබා දීම සඳහා මැලේසියාවේ නීතිය බලාත්මකිරීමේ බලධාරීන් හා මීට අදාළ වෙනත් බලධාරීන් සමඟ කටයුතු සම්බන්ධීකරණය කරමින් සිටින බව ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යංශය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යංශය,මෙම සිදුවීමේ බරපතළකම අවබෝධ කරගන්නා අතර මේ සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ත්‍රික මාර්ග ඔස්සේ ගතයුතු සියලු පියවර ගනු ලබමින් සිටියි.

වීඩියෝව