කළු චොක්ලට් කෑමෙන් ලැබෙන ප්රතිඵල!

කළු චොක්ලට් කෑමෙන් ලැබෙන ප්රතිඵල

කටට කෙළ උනන තරම් රසවත් චොක්ලට්වලට, ලොකු පොඩි කවුරුත් දක්වන්නේ ඉමහත් කැමැත්තක්. සාමාන්‍යයෙන් අපි හිතාගෙන ඉන්නේ චොක්ලට් එතරම් ගුණදායක නෑ කියලයි. ඒ වුණත් බටහිර රටවල් කිහිපයක්ම කළ පර්යේෂණ මඟින් හෙළි වී තිබෙන්නේ, අපි කොයිකවුරුත් නොදන්නා චොක්ලට්වල පෝෂණ ගුණ බොහොමයක් අන්තර්ගත බවයි.

අැමෙරිකානුවන් වාර්ෂිකව චොක්ලට් මිලට ගැනීම සඳහා ඩොලර් මිලියන 10ක් පමණ වියදම් කරන බව, එරට දත්ත විශ‍්ලේශකයන් පෙන්වා දී තිබෙනවා. පසුගිය දිනක වෛද්‍යවරුන් සිදු කළ අධ්‍යනයකදී, කළු චොක්ලට් මඟින් 37%ක් පමණ හදවත් රෝග, හෘදයාබාධ තත්ත්ව සමනය කර ගැනීමට හැකි බව සනාථ වුණා. මේ මඟින් 29% ක් පමණ ආඝාත තත්ත්ව සුව කරලීය හැකි බව ද පෙන්වා දී තිබෙනවා. අමෙරිකානුවන් 1,14,000කට, සතියක් පුරාවටම කළු චොක්ලට් අනුභව කිරීමට ලබා දීමෙන් පසු මෙය නිගමනය කර තිබෙනවා.

චොක්ලට්වල අඩංගු ෆ්ලෙවොනයිඩ් නමැති පෝෂණ සංඝටකය මඟින් වයසට ගිය පුද්ගලයන්ගේ මතක ශක්තිය වැඩි කර ගැනීමට ද හැකි බව සඳහන් කෙරෙනවා. එමෙන්ම, ෆ්ලෙවොනයිඩ් මඟින් හදවත් රෝග බොහොමයක්ම ඉක්මනින් සුව කර ගැනීමට පුළුවන්.

ලන්ඩනයේදී කාන්තාවක් ඇසුරින් සිදු කළ පරීක්ෂණයක දී, පාරජම්බුල කිරණ මඟින් සමට සිදුවන හානිය බොහෝ දුරට චොක්ලට් ආහාරයට ගැනීමෙන් සුව කළ හැකි බව අමෙරිකානු වෛද්‍යවරුන් සනාථ කර තිබෙනවා.

අමෙරිකානු විශ්වවිද්‍යාල මහාචාර්යවරයකු සහ මොළය ආශ්‍රිත අධ්‍යයන කරන විද්‍යාඥයන් ගේ අධ්‍යක්ෂවරයකු වන ඩාවිඩ් කෙනඩි විසින් කළ පරීක්ෂණයක් මඟින් හෙළි වූයේ, මිලි ග්රෑම් 500ක ප්‍රමාණයක ෆ්ලෙවෝනයිඩ් අඩංගු උණුසුම් චොක්ලට් පානය, මොළයේ වර්ධනයට හිතකර බවයි.

ඕස්ට්‍රේලියාවේ ස්මිත් බුතේ විශ්වවිද්‍යාලය මඟින් සිදු කළ පරීක්ෂණයකදී සනාථ වූයේ, චොක්ලට් ආහාරයට ගැනීමෙන් මිනිසකුගේ භාවමය තත්ත්ව යහපත්ව පවත්වා ගැනීමට හැකි බව යි.

අමෙරිකානු පෝෂණවේදීන්ගේ සංගමය මඟින් පසුගිය දිනක කළු චොක්ලට් ආහාරයට ගැනීමෙන් මිනිසකුගේ LDL කොලෙස්ට්‍රරෝල් මට්ටම අඩු කර ගත හැකි බව පෙන්වා දී තිබෙනවා.

එල්. ඇක්විලා විශ්වවිද්‍යාලය මඟින් සිදු කළ වෛද්‍ය විද්‍යාත්මක පරීක්ෂණයකදී පෙන්වා දී ඇත්තේ, කළු චොක්ලට් ආහාරයට ගැනීමෙන් දියවැඩියාව තරමක් දුරට සුව කිරීමට හැකි බවයි. එමෙන් ම, මිනිසකුගේ රුධිර ගමනාගමනය යහපත්ව පවත්වා ගැනීමටත් හැකි බව ඔවුන් පෙන්වා දී තිබෙනවා.

චොක්ලට්වල අඩංගු නයිට්‍රික් ඔක්සයිඩ් මඟින් පුද්ගලයකුගේ අධික රුධිර පීඩන සුවකළ හැකි බව හඳුනාගෙන තිබුණා.

චොක්ලට්වල තන්තුමය කොටස් 100%ක්ම අන්තර්ගතයි. එසේ ම, කොකෝ සාන්ද්‍රණය 75% – 85% ත් අතර අගයක් ගන්නවා. ඒ වගේ ම සින්ක්, සෙලීනියම්, පොටෑසියම් හා මැග්නීසියම් 67%ක් පමණ අඩංගුව ඇති බව අමෙරිකානු වෛද්‍යවරුන් පෙන්වා දෙනවා. ඒ කෙසේ වුවත්, තමන්ගේ සිරුරේ ප්‍රමාණය ගැන සැලකිලිමත් වෙලා, දිනපතා ම චොක්ලට් ආහාරයට නොගැනීමට වගබලා ගත යුතුයි. ඒ මන්ද යත්, ඕනෑම දෙයක් ඕනෑවට වඩා යහපත් නැති නිසයි.