ඩිල්ෂාන්ගේ ක්‍රිකට් ඉතිහාසය! (video)

ඩිල්ෂාන්ගේ ක්‍රිකට් ඉතිහාසය

ලොව බිහිවු විශිෂ්ඨතම ආරම්භක පිතිකරුවෙකු ලෙස සැලකෙන තිලකරත්න ඩිල්ෂාන් ජාත්‍යන්තර ක‍්‍රිකට් පිටියට ඊයේ සමුදුන්නා. ඩිල්ෂාන්ගේ වසර 17 ක ක‍්‍රිකට් දිවිය පිළිබඳ අප තබන සටහනයි මේ.

1999 වසරේදි සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව එක්දින වරම් හිමිකරගන්නා තිලකරත්න ඩිල්ෂාන් එක්දින දිවියට සමුදෙන විට තරග 330 කට ක‍්‍රීඩා කර ලකුණු 10,290 ක් රැස්කරගන්නට සමත් වුණේ ලකුණු 10,000 සීමාව පසුකළ ලොව 11 වැනි ක‍්‍රීඩකයා බවට ද පත්වෙමින්. ශ‍්‍රී ලංකාව වෙනුවෙන් මෙවැනි දක්ෂතාවක් දැක්වූ සිව්වැනි ක‍්‍රීඩකයා වන්නේ ද ටී.එම්.ඩිල්ෂාන්.

ඔහුගේ එක්දින දිවිය ශතක 22 කින් සහ අර්ධ ශතක 44 කින් වර්ණවත් වී තිබෙනවා. දඟ පන්දුවෙන් සුපිරි දක්ෂතා දැක්වූ ඩිල්ෂාන් කඩුලූ 106 ක් ද බිඳ හෙළන්නට සමත් වුණා. 2007, 2011 සහ 2015 වසරේදී ලෝක කුසලාන එක්දින කි‍්‍රකට් තරගාවලිවලට එක්වූ ඩිල්ෂාන් 2011 වසරේදී ලෝක කුසලානයේ වැඩිම ලකුණු ලාභියා බවට ද පත්වුණා.

මේ දක්වා පැවති ලෝක කුසලාන 20-20 තරගාවලි සියල්ලටම සහභාගී වූ ඩිල්ෂාන් 2014 ලෝක කුසලානයේ ශූරයන් වූ ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ප‍්‍රබල සාමාජිකයෙක්. එමෙන්ම ඔහු 2009 වසරේදී පැවති 20-20 ලෝක කුසලානයේ වැඩිම ලකුණු ලාභියා බවට ද පත්වෙමින් එම වසරේ විශිෂ්ඨතම 20-20 ක‍්‍රීඩකයා ලෙසට ද ජාත්‍යන්තර කි‍්‍රකට් සම්මාන උළෙලේදී සම්මානයට පාත‍්‍ර වුණා. ඩිල්ෂාන්ගේ 20-20 දිවිය තරග 80 කින් වර්ණවත් වු අතර එහිදී ලකුණු 1889 ක් රැුස්කරගන්නට සමත් වී තිබෙන්නේ ශතකයක් සහ අර්ධ ශතක 13 කට හිමිකම් කියමින්.

ලොව වැඩිම 20-20 ලකුණු ලාභීන් අතර දෙවන ස්ථානය හිමිවී තිබෙන්නේ මේ විශිෂ්ඨ ක‍්‍රීඩකයාටයි. ක‍්‍රීඩකයෙකුගේ නමින් ජාත්‍යන්තර කි‍්‍රකට් පොතේ සඳහන් එකම පිතිකරණ පහරට හිමිකම් කියන ඩිල්ෂාන් 2009 වසරේදී ඩිල්ස් කූප් පහර ලොවට හඳුන්වා දුන්නා. විටෙක සුපිරි පිතිකරුවෙක්, කඩුලූ රකින්නෙක්, සුපිරි පන්දු රකින්නෙක්, පන්දු යවන්නෙක් වූ ඩිල්ෂාන් 2011 වසරේදී ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ද හොබවනු ලැබුවා.

20-20, එක්දින සහ ටෙස්ට් යන ති‍්‍රත්වයේදී ශතක වාර්තා කර ඇති ලොව 5 වැනි ක‍්‍රීඩකයා වන්නේ ද ටී.එම්.ඩිල්ෂාන්. ජාත්‍යන්තරයේ ශ‍්‍රී ලාංකේය නාමය ඉහළින් ඔසවා තැබූ ඩිල්ෂාන් සමුගැනීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේදි මෙලෙස සිය වසර 17 ක ක‍්‍රිකට් දිවියේ ගමන්මඟ පිළිබඳ ආවර්ජනය කළා.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් අනාගතය ගැන ඩිල්ෂාන් මෙලෙස අදහස් පළකළ අතර ඔහුගේ අනාගතය පිළිබඳවද මෙලෙසින් ඔහු හඩ අවදි කළා.

 

 

3 Comments to “ඩිල්ෂාන්ගේ ක්‍රිකට් ඉතිහාසය! (video)

  1. Anver, oyata dannathda T.M Dilshan muslimwa indala murtad nohoth kafir wuna bawa. oya mekatath kiyay “meka news site ekak nisa dilshan gena damma kiyala. tawa kal yaddi oya okkoma haram tika dala “meka news site ekak ne ” kiyala ata hoday.

    1. අන්තවාදයෙන් වැසුනු මනසකට කිසියම් දෙයක් වටහා දිම අපහසු කාර්යයක්.

      මෙම වෙබ්අඩවිය තුල අපි පුද්ගලයන් දෙස අවධානය යොමු කරන්නෙ මනුසත් කෝනයෙන්. මුස්ලිම්, කාෆිර්, මුර්තද් ගැටළුවක් මෙතන නැහැ.

    2. TAWFEEQ MAHATHTHAYO oba thuma honda maanasika waidya warayek hamu wunoth hondai

Comments are closed.