සහජීවනය පෙරදැරිව ඊද් අල් අද්හා උත්සවය සමරමු!

මෙවරත් ලෝ පුරා සිට සවුදි අරාබියාවට පැමිණ හජ් නැමදුමට සහභාගී වූ සහ එයට සහභාගී නොවූ ලෝක වාසි සියලුම මුස්ලිම් ජනයා ඊද් අල් අද්හා උත්සවය ඉතාමත් උත්කර්ෂවත් අයුරින් සමරති.

යුදෙව්, කිතුනු හා ඉස්ලාමීය දහම් තුනේම පිළිගැනීමට හා ගෞරවයට පාත්‍ර වූ දෙවිඳුන්ගේ ශ්‍රේෂ්ඨ ධර්ම දූතයානන් කෙනෙකු වූ ඉබ්‍රාහිම් තුමාගේ (එතුමා කෙරෙහි දෙවිඳුන්ගේ ආශිර්වාදය හා සාමය අත්වේවා) ජීවිතයේ සිදුවිම් බොහොමයක් අනුගමනය කරමින් හජ් නැමදුම ඉටු කරන අතර ඉස්ලාමීය දින දර්ශනයේ 10 වැනි දින පවත්වන හජ් උත්සවය නමින් හැඳින්වෙන ඊද් අල් අද්හා දින අප ඉබ්‍රාහීම් තුමාගේ අපරිමිත පරිත්‍යාගයන් සිහිපත් කරගනිමින් දෙවිඳුන්ට අවනත වූ පරාර්ථකාමී යහ ජීවිතයක් ගත කරන්නට අධිඨන් කර ගත යුතු වන්නේය.

මීට වසර දහස් ගණනකට පෙර මෙලොව ජීවත්වු ඊබ්‍රාහීම් නබිතුමාණන් දෙවිදුන් උදෙසා සිය එකම දරුවා පූජා කිරීමට ඉදිරිපත් වීම සහ හාජරා තුමිය සහ ඊස්මයිල් නබිතුමන් මක්කාහ් පාළුකරයේදී දෙවිදුන්ගේ ආශිර්වාදයෙන් ජීවිතය රැකගැනීම මෙම හජ් නැමදුමේදී සහ ඊද් අල් අද්හා සැමරුමේදී සිහි කෙරෙනවා.

මෙම හජ් නැමදුම සහ ඊද් අල් අද්හා උත්සවය මගින් සකල ලෝකවාසී මුස්ලිම් ජනතාවගේ සමානාත්මතාව සහ සහෝදරත්වය පිළිඹිබු කෙරෙනවා. සියළුම හජ් බැතිමතුන් ඒ සදහා යන්නේ රෙදිකඩ දෙකක් පමණක් හැද ජීවිතයේ සියළුම අලංකාරත්වය හැරපියාය. මෙමගින් නිහතමානී බව සහ සියළුම දෙනා එක හා සමාන බව පෙන්නුම් කෙරෙනවා. ඊද් අල් අද්හා වෙනුවෙන් කුර්බාන් හෙවත් සතෙකු කැප කිරීම තුලින් සියළුම දෙනා සමග බෙදාහදාගෙන ජීවත් විය යුතු බව සිහිපත් කෙරෙනවා.

අපගේ අසල්වැසි සිංහල හා ද්‍රවිඩ ජනයා සමඟ අපගේ සුහදත්වය සහතික වන අයුරින් මේ උත්සව සතුට බෙදාහදා ගෙන බුක්ති විඳිමු. අන්වර් මනතුංග බ්ලොගය කියවන ඔබ සහ ශ්‍රී ලාංකික සැමට සාමය සතුට සපිරි ඊද් අල් අද්හා උත්සවයක් වේවායි ඉත සිතින් පතමු.

 

 

 

7 Comments to “සහජීවනය පෙරදැරිව ඊද් අල් අද්හා උත්සවය සමරමු!

    1. Eid Mubarak to Mr.Anver Manathunga & family and also to all the people of the world.

    1. මෙය ආගමික වෙබ්අඩවිය නොවන නිසා ඒ සම්බන්ධව මෙහි පිළිතුරු දිය නොහැක. කරුණාකර ලගම තිබෙන මුස්ලිම් පල්ලියට ගොස් එයින් උපදෙස් ගන්න.

      1. Just adding to what Br. Anver said.
        When I have any doubts on worldly issues ,my son says ‘Google it!😀, and if you still have questions ask me.’
        Cute answer ,okay?
        Well similarly, there are Islamic websites with credibility. Only one condition! We should not wander away into any other sites apart from our objectives.
        Nothing comes without sacrifice, learning is a process we do from birth to death.
        So let’s take effort to educate ourselves, in sha allah.
        May Allah bless you and family Br. Anver

  1. “මෙය ආගමික වෙබ්අඩවිය නොව”, won’t justify that you did not give a good article on Haj Rituals and its affects on social life. I used to read many news papers and always found articles on Ramazan at the time of Ramazan and on Haj at the time of Haj but I never found an informative article express the real picture of Haj Rituals to the reader. I was expecting and expressed it too to see a good article on Haj at the occasion of Haj.

Comments are closed.