අංකුඹුර සහ ගල්හින්න දෙපිරිසක් අතර ගැටුම පොලීසිය විසින් අහසට වෙඩිතබා වලක්වයි!

පසුගිය 14 වනදා රාත්‍රී 8ට පමණ සිංහල තරුණයන් දෙදෙනෙකු ගල්හින්න මුස්ලිම් වෙළදසැලක් වෙත ගොස් එම කඩයෙන් සිගරට් ඉල්ලා තිබෙනවා. මොවුන්ගේ විලාශය හොදනැති බව වටහා ගත් කඩ හිමියා සිගරට් නොමැති බව පවසා තිබෙනවා. මෙහිදී ඔවුන් කඩ හිමියාට තර්ජනය කරමින් සිගරට් ඉල්ලා තිබෙනවා. එවිට අවට අය කඩය අසලට රැස්වුයෙන් මෙම තරුණයන් දෙදෙනා අවට සිටි මුස්ලිම් තැනැත්තෙකුගේ රැවුලෙන් ඇද තොප්පිය ගලවා පහර දී තිබෙනනවා.

මෙහිදී සිද්ධිය දුරදිග ගොස් අවට සිටි මුස්ලිම් පිරිස් මෙම තරුණයන් දෙදෙනාට පහර දී තිබෙනවා. එම ස්ථානයෙන් නික්මගොස් ඇති තරුණයන් දෙදෙනා පසුව, තවත් පිරිසක් කැදවාගන එම ස්ථානයට පැමිණ ඇති අතර ඔවුන් පහර දීමට පටන් ගත් පසුව අවට සිටි අය ඔවුන්ව නවතන්නට හැදුවත් ඔවුන් බීමත්ව සිටි නිසා අපහසු වී තිබෙනවා. මේ අතර ඔවුන් විසින් පහර දුන් අය ඔවුන්ට පෙරලා පහර දී තිබෙනවා.

119 පොලිස් හදිස්සි ඇමතුම් අංශයට ලැබුණු දුරකථන ඇමතුමකට අනුව පොලිස් කණ්ඩායම් එම ස්ථානයට පැමිණ අහසට වෙඩි තබා පිරිස විසුරුවාහැර ඇති අතර සිද්ධිය අවස්ථාවේදී සිංහල තරුණයන් විසින් පහර දීමෙන් පොලිස් පරීක්ෂකවරයෙක් සහ තවත් කොස්තාපල් වරයෙකු තුවාල ලබා තිබෙනවා.

මෙම සිද්ධිය හේතුවෙන් අමිත් වික්‍රමසිංහ, අසේල රණසිංහ, නදීක රත්නායක යන තිදෙනා රෝහල්ගතකර ප්‍රතිකාර ලබමින් සිටියි. මේ අතරින් නදීක රත්නායක ගැටුම සම්බන්ධව චෝදනා ලබා ඇති හෙයින් ඔහුට මාංචු දමා ඇතිබව රෝහල් ආරංචිමාර්ග සදහන් කර සිටිනවා. සමන් කුමාර, වර්ණසුරිය, ගීතික බණ්ඩාර, බණ්ඩාර වික්‍රමසිංහ සහ මොහොමඩ් ඉෂාක් යන 5 දෙනා මහනුවර මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කර තිබේ.

ප්‍රහාරයට පැමිණ තුවාල ලැබු තරුණයන්

මෙම සිද්ධියට පසුදින නැවතත් ගල්හින්න ජුම්මා මස්ජිදයට සහ ඒ අවට නිවෙස් කිහිපයකට ගල් ප්‍රහාර එල්ල වී තිබුණා. එමෙන්ම ඊටත් පසුදින එනම් ඊයේ දිනයේදී අංකුඹුර හරහා ධාවනය වු මුස්ලිම් වෙලෙන්දෙකුගේ ලොරි රථයකටද ගල් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

 

 

ගල් ප්‍රහාරය එල්ල වු ලොරි රථය
ගල් ප්‍රහාරය එල්ල වු ලොරි රථය

 

 

 

 

 

9 Comments to “අංකුඹුර සහ ගල්හින්න දෙපිරිසක් අතර ගැටුම පොලීසිය විසින් අහසට වෙඩිතබා වලක්වයි!

  1. Muslim and the Islam is different. Buddhism and Sinhalese are different. Religion has nothing to do with peoples’ problem. Better without destroying the worship places if you both have problems go to the legal places and take proper action.

    1. you are telling if thugs come to hit innocent then others must just stay. not muslim, certain (like you) buddhist only create problems now

    2. මා සේවය කරන ආයතනයේම සේවයේ යෙදී සිටින බංගලාදේශ වැසියෙකුගෙන් මේ ගැන විමසුවෙමි. ඔහු මගෙන් පෙරළා විමසුවේ, බංගලා දේශයේ බෞද්ධයින්හට නැති ……… අමාරුවක් මේ ගැන ලංකාවේ බෞද්ධයින්ට ඇත්තේ ඇයි කියාය.

  2. bila kaden sigarat illapu eka waradi wadak sigarat denna baha kiyapu ekath waradi wadak denna baha kiyapu nisa ahala pahala hitapu minissunta karadara karapu ekath waradi wadak habai ehema una kiyala ahala pahala kattiya un dennata gahapu ekath waradak mokada oya wage prashna wisadanne nadukaraya innawahabai ehema wela tamange ate warada tiyagena yaluwo ekkagena awidilla game unta gahapu ekath waradak metana degolloma walan kadeta panapu gonnu wage

    1. If the first portion is removed it would be much better. Any way there seems some improvements.

      I wish there should be regulation that any shop owner should under go a customer care course and display the certificate in his shop.

      And I said it long before that the public transporters (private bus conductors and drivers) too should under goo such a course before they are allowed to provide public transport services.

      Mythree Yugaya has lot to do for the good of the country.

      But unfortunately people like Kanishka are not giving their good ideas and best support.

  3. Tamange jathiya karana onema balu vedak hondai. anith eka herunath veradi ,beluwath veradi. mekata kiyanne jathi vadaya kiyalada nethinam vena mokak kiyalada.

    1. ඔබ මෙම අඩවියට නිතර පැමිණෙන කෙනෙක් නොවන බව පෙනේ. අප මුස්ලිම්වරුන් වැරැද්දක් කලත් ඒ සම්බන්ධවත් විවේචනය කරනවා. ඔබ පැරණි ලිපි අරන් බලන්න.

Comments are closed.