පැරා ඔලිම්පික් උළෙල අතරතුර පාපැදි ශුරයෙක් හදිස්සියේ මිය යයි! (video)

පැරා ඔලිම්පික් උළෙල අතරතුර පාපැදි ශුරයෙක් හදිස්සියේ මිය යයි

රියෝ පැරා ඔලිම්පික් උළෙලේදී ඉරාන පාපැදි ශුරයෙක් තරගය අතරතුර සිදු වූ අනතුරක් හේතුවෙන් මිය ගොස් තිබෙනවා. මෙසේ මිය ගොස් ඇත්තේ ඉරාන ජාතික පාපැදි ශුර සරාෆාස් බහමන් ක්‍රීඩකයායි.

ඔහු පිරිමි පාපැදි තරග ඉසව්වේ එක් අතක් හෝ පාදයක් අහිමි තරග ඉසව්වට සහභාගී වුණා. මෙම තරග ඉසව්ව අතර සිදු වූ අනතුරකින් අනතුරුව හෘදයාබාධයක් හේතුවෙන් මෙම ක්‍රීඩකයා මිය ගොස් ඇති බවයි පැරා ඔලිම්පික් තරගාවලියේ පාපැදි තරග ඉසව්වේ සංවිධායක කමිටුව පවසන්නේ.

මේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණයක් සිදු කර ඇති අතර මේ අවාසනාවන්ත මරණය හේතුවෙන් ඔලිම්පික් ගම්මානය තුල ඉරාන ජාතික කොඩිය අඩකුඹු කර ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම අද පැවැත්වෙන සමාප්ති උළෙලේදී මේ ක්‍රීඩකයා නිශ්ශබ්දතාවයක් පැවැත්වීමටද නියමිතයි. 1960 වසරේදී ආරම්භ වූ පැරා ඔලිම්පික් ඉතිහාසයේ ප්‍රථම වතාවටයි මෙලෙස ක්‍රීඩකයෙක් තරගාවලිය අතරතුර මිය ගොස් ඇත්තේ.

වීඩියෝ