සිරකරුවන් සදහා වැලිකඩ බන්ධනාගාරයේ පැවැත්වූ වොලිබෝල් අවසන් මහා තරගය! (video)

සිරකරුවන් වැලිකඩ බන්ධනාගාරයේ පැවැත්වූ අවසන් මහා වොලිබෝල් තරගය

සිරකරුවෝද මනුෂ්‍යයෝය. මෙය තේමා කරගනිමින් සිරකරු දිනයට සමගාමිව සුභසාධන වැඩසටහන් රැසක් මේ දිනවල ක‍්‍රියාත්මක වනවා. එහි එක් ප‍්‍රධාන උත්සවයක් ඊයේ වැලිකඩ බන්ධනාගාර පරිශ‍්‍රයේදි පැවැත්වුණා.

විවිධ සිද්ධිවලට වරදකරුවන් වු විශාල පිරිසක් අපේ රටේ විවිධ ප‍්‍රදේශවල බන්ධනාගාර තුලදි සිරදඩුවම් විදිනවා. ඒ අයගේ සුභසාධනය වෙනුවෙන් විශේෂ වැඩසටහන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන්නේ සිකරුවෝද මනුෂ්‍යයෝ යන තේමාව මූලික කරගනිමින්.

එවැනි වැඩසටහන් පෙළක් මේ දිනවල පැවැත්වෙන අතර වැලිකඩ බන්ධනාගාර අධිකාරි චන්දන ඒකනායක මහතා සංවිධාන කළ වොලිබෝල් තරගාවලියේ අවසන් මහා තරගය ඊයේ වැලිකඩ බන්ධනාගාරයේදි පැවැත්වුනා. ඒ වෙනුවෙන් පැවති උත්සවයට බන්ධනාගාර කොමසාරිස් ගාමිණි ජයසිංහ මහතා ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වු අතර ක්ෂේත‍්‍ර රැසක් නියෝජනය කරමින් ප‍්‍රවීණයන් රැසක්ද මේ උත්සවයේ ආරාධිතයන් ලෙස සහභාගි වුණා.

නේවාසික රැදවියන් ඉදිරිපත් කළ විශේෂංග රැසකින් මේ උත්සවය මෙලෙස හැඩගැන්වුණා. කණ්ඩායම් 22ක් සහභාගි වු වොලිබෝල් අවසන් මහා තරගයේ ශූරතාව වැලිකඩ බන්ධනාගාර කණ්ඩායම විසින් දිනාගත්තා.

උත්සවයට සහභාගි වු ජාත්‍යන්තරය දිනු ක‍්‍රිඩා තරු රැසක් ද සිය අත්දැකිම් රැදවියන් සමඟ බෙදාගැනුනි.

වීඩියෝව පහතින්