මරදාන ශාන්ත ජෝසප් විදුහල අම්මලාට ඇදුම් නීතිරීති පැනවුයේ ඇයි!

දරුවන්ගේ මව්වරුන් ඇතුළු අනෙකුත් කාන්තාවන් පාසලට ඇතුල් වීමේදී සැරසී සිටිය යුතු ඇඳුම් නිර්දේශ කරමින් කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලය ඉදිරිපස අලවා තිබුණු පෝස්ටරයක් සමාජ මාධ්‍ය ජාලය තුළ උණුසුම් විවාදයකට තුඩු දී ඇත. පාසලට ඇතුළුවන කාන්තාවන් ඇඳිය යුතු සහ ඇඳීම සුදුසු නොවන ඇඳුම් මෝස්තර පිළිබඳ සටහනකුයි එම පෝස්ටරයේ දැක්වෙන්නේ.

එහි දැක්වෙන පරිදි සාම්ප්‍රදායික සාරියෙන් හෝ එතරම් නවීන නොවන ඇඳුම්වලින් සැරසීම යෝග්‍ය වුවත්, කොට සාය සහ අත් නොවැසෙන ආකාරයේ ඕනෑම ඇඳුමක් පාසලට ‘යෝග්‍ය නොවන’ ඇඳුම් ආයිත්තම්ය.

මරදාන ශාන්ත ජෝසප් විදුහල අම්මලාට ඇදුම් නීති පැනවුයේ ඇයි!

Image captionබැලූ බැල්මට මෙම පෝස්ටරය මෝස්තර සඟරාවක පිටුවක් ලෙසයි පෙනෙන්නේ

ඇත්ත වශයෙන්ම කාන්තාවන් එවැනි ඇඳුම් නීතියක් පැන වූ බව ශාන්ත ජෝසප් විදුහලේ පරිපාලන නිලධාරිනියක් සනාථ කළාය. එහෙත් එය එම විදුහලට පමණක් අදාළ නියෝගයක් නොවන බවයි, බීබීසී යේ අයේෂා පෙරේරා කළ විමසීමකදී දැනගන්නට ලැබුණේ.

“ලංකාවේ විතරක් නෙවෙයි හැමතැනම අදහසක් තියනවා පිරිමි ඇයට ඒ ගොල්ලන්ගේ ‘හෝමෝන්ස් කන්ට්‍රෝල්’ කරගන්න බැහැ කියලා. එහෙම කියන එක පිරිමි ළමයින්ටත් හොඳ නැහැ. ඒ කියන්නෙ ඒ ගොල්ලො සත්තු වගේ හැසිරෙනවා කියල. ඒක හරි කියල මම හිතන්නෙ නැහැ” යනුවෙනුයි අයේෂා පෙරේරා හට පවසා සිටියේ.

sari midriffImage copyrightPRESS EYE

Image captionසිරුරේ උඩ කොටසේ වැඩි ප්‍රමාණයක් අනාවරණය වන අයුරින් සාරිය ඇඳීමයි මතභේදයට ලක්වී ඇත්තේ

තමා පාසැල් කිහිපයකටම මේ සම්බන්ධව කතා කළ බව කී අයේෂා පැවසුවේ මෙම දැන්වීම මගින් පාසැලේ ළමයින්ට වැරදි පණිවුඩයක් රැගෙන යන බවයි.

“දැන් අනිත් රටවල් වල මිනිස්සු ඕන එකක් ඇඳගෙන යනව ළමයිව ගන්න, ඒ තැන්වල එහෙම ප්‍රශ්න නැහැ. මං හිතන්නෙ නැහැ ගැහැණුන්ට විනීතව අඳින්න කියල කියන්න ඕන කියල. එකෙන් අදහසක් එනව එක විදියකට අඳින කාන්තාවන්ට විතරයි ‘රෙස්පෙක්ට්’ කරන්න ඕන කියල. දැන් බලන්න ගැහැණු කෙනෙක් දුෂණයට ලක්වුනොත් මිනිස්සු ඉස්සරවෙලාම අහන්නේ එයා මොනවද ඇඳගෙන හිටියෙ කියල. අපි ඉන්නෙ 21 වැනි සියවසේ. මෙහෙම දැන්වීමක් දාන කොට අපි ළමයින්ට කියන්නෙ මෙහෙම ඇන්දේ නැතිනම් ඒ කාන්තාවන්ට ගෞරව කරන්න එපා කියල ඔයගොල්ලන්ට කැමති දෙයක් එයාලට කරන්න, කියන පණිවුඩය” යනුවෙනුයි ඇය වැඩි දුරටත් කියා සිටියේ.

සිය විදුහලේ එවැනි ක්‍රමවේදයක් ක්‍රියාත්මක වන බව කොළඹ ශාන්ත පීතර විද්‍යාලයත් සනාථ කළේය. මේ නීතිය පිළිබඳව සමාජ මාධ්‍ය ජාල ඔස්සේ බොහෝ දෙනා කෝපය පළ කර තිබිණ.

කෙසේ වෙතත් අපගේ අදහස නම් මෙවැනි ක්‍රියාවන් පය බරවායට පිටිකර බෙහෙත් බදින්නාසේ විසදුම් බවයි. පාසල් දරුවන්ගේ හෝමෝන ක්‍රියාකාරිත්වය තුලින් ඔවුන්ගේ ඇස් වලට ග්‍රහණය වන්නේ පාසලේ සිටින ලස්සන සහ තරුණ ගුරුවරියන්ය. එම ගුරුවරියන් පංති කාමරයට ආ විට ඔවුන්ගේ පියයුරු නැරඹීම, නාභිය නැරඹීමට උත්සාහ දැරීම සෑම පාසලකම යෞවන පංති වල සිසුන් උත්සාහ දරන්නාවු දෙයක්.

 

 

 

 

2 Comments to “මරදාන ශාන්ත ජෝසප් විදුහල අම්මලාට ඇදුම් නීතිරීති පැනවුයේ ඇයි!

  1. Niweradi Islam dharmaye shariya neethiya yatate muslim nowana kantawata andum netiwa yannath aytiyak tibe. etaramata muslim nowana kantawata Islamaya nidahasa deela tibenawa.

    St josephs college eke management eka e taramma kantawange niruwata gena itanawanam egollo mulinma bible eke sandahan de gena kiyawiya yutuy. bible ekata anuwa kantawak head scarf ekak no anda nam konde kapanna one kiyana tenata bible eka awith.

    “For if the woman be not covered, let her also be shorn: but if it be a shame for a woman to be shorn or shaven, let her be covered.”(1 corinithians 11:6)

    1. What’s wrong with Thawfeek……? A mentally disordered person definitely won’t be able access the internet and comment.

Comments are closed.