BBCය දොට්ට දැමු සිංහල මාධ්‍යවේදියා දිනයි! ලක්ෂ 95ක වන්දියක්!

චන්දන කීර්ති බන්ඩාර, Chandana Keerthi Bandara

කලක් බ්‍රිතාන්‍ය ගුවන් විදුලියේ (බීබීසී) සේවය කළ චන්දන කීර්ති බණ්ඩාර මහතාව එම මාධ්‍ය ආයතනයේ සේවයෙන් පහ කිරීමට සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය ගුවන් විදුලියට එරෙහිව එරට කම්කරු අධිකරණයේ පැවරූ නඩුවේ තීන්දුව අනුව පවුම් 50,000ක (රුපියල් මිලියන 9.5) වන්දියක් ඔහුට ගෙවන ලෙස බීබීසීයට නියෝග කර ඇත. චන්දන කීර්ති බණ්ඩාර සේවයෙන් පහ කිරීමට හේතුව වී ඇත්තෙ ජෝර්ජ් කුමාරයාගේ උපන් දින කථාවට ප්‍රමුඛත්වය නොදුන්නැයි කියන සිද්ධියක් බවට වාර්තා වෙනවා.

තමන්ව අසාධාරණ ලෙස සේවයෙන් පහ කළ බවට ඔහු කළ  චෝදනාව අධිකරණය පිළිගෙන ඇති ඇතත් ජාතිය නිසා ඔහු පහ කළේයැයි ඔහු නැගු අනෙක් චෝදනාව අධිකරණය විසින් බැහැර කර තිබෙනවා. බ්‍රිතාන්‍ය ගුවන් විදුලියේ සිංහල සේවයේ වසර 18ක් සේවය කර ඇති ඔහු 2013 ජූලි 23 වැනිදා, ජෝර්ජ් කුමාරයාගේ උපත පිළිබඳ කථාවට ප්‍රමුඛත්වය නොදී ඇතැයි ද ඊට හේතුව වශයෙන් ඔහු දක්වා ඇත්තේ ශ්‍රී ලංකාවේ කළු ජූලිය සිදුවීමේ 30 වැනි සංවත්සරය එදිනට යෙදී තිබූ නිසා රාජකීය කථාවට ප්‍රමුඛත්වය නොදුන් බවය.

නමුත් චන්දන කීර්ති බන්ඩාර මහතා මෙම නඩුවෙන් ඉල්ලා සිටි වන්දියෙන් ලැබී තිබෙන්නේ 25%ක් පමණි. කෙසේ වෙතත් ඔහුට නඩු ගාස්තු සහ අනෙකුත් වියදම් ගෙවු විට ඉතිරි වෙන මුදල සොච්චමක් වේ යැයි ඔහුගේ හිතවතුන් පවසයි. ලෝක ප්‍රකට මාධ්‍ය ආයතනයක් වැඩවසම් ක්‍රමයේ පාලක කුමාරයෙක්ගේ පුද්ගලික කාරණාවකට ප්‍රමුඛතාවය නොදුන්නැයි කෙනෙකු රැකියාවෙන් පහකර තිබීම අතිශය කණගාටුදායක තත්වයකි.

 

 

 

One Comment to “BBCය දොට්ට දැමු සිංහල මාධ්‍යවේදියා දිනයි! ලක්ෂ 95ක වන්දියක්!

Comments are closed.