අනුරාධපුර මුස්ලිම් වෙලදසැලක් ගිනි තබලා! කෝටියකට වැඩි පාඩුවක්!

ඊයේ එනම් සැප්තැම්බර් 19 වෙනිදා රාත්‍රියේදී අනුරාධපුර නගරයේ ලාස්ට් චාන්ස් Last Chance නම්වු මුස්ලිම් වෙලදසැලකට කිසියම් නාදුනන පිරිසක් විසින් ගිනිතබා තිබෙනවා. මෙම ගින්න නිසා වෙලදසැල සම්පුර්ණයෙන්ම විනාශ වී ඇති අතර රුපියල් මිලියන 10ත් 15ත් අතර මුදලක් වටිනා භාන්ඩ සහ දේපල විනාශ වී ඇතැයි වෙලදසැල් හිමිකරු පවසනවා.

මෙම වෙලදසැල පිටරටින් විදුලි සහ ඉලෙක්ටොනික් උපකරණ ගෙන්වා සේල් දමමින් විකුණන ව්‍යාපාරික ස්ථානයකි. මේ නිසා මෙම වෙලදසැලේ භාන්ඩ අනෙකුත් වෙලදසැල් වල මිලට වඩා පාරිබෝගිකයන්ට ඉතාමත් ලාබදායි මිලකට ලබා දී ඇතැයි පැවසෙනවා. මේ නිසා මෙම වෙලදසැල ගැන ඊර්ෂ්‍යාවු කංඩායමක් විසින් මෙය කරන්නට ඇතැයි සැක කෙරෙනවා.

මෙම වෙලදසැල් හිමිකරු කළුතර ප්‍රදේශයෙන් පැමිණි ව්‍යාපාරිකයෙක් වන අතර මීට පෙර ඔහු කොලඹ බොරලැස්ගමුව ප්‍රදේශයේ මෙවැනිම ව්‍යාපාරයක් කර තිබෙනවා. පසුගිය රාජපක්ෂ පාලන සමයේදී එම කඩයට ජාතිවාදීන් කරදර කළ නිසා එම කඩය වසා දමා තිබෙනවා. ඔහු අනුරාධපුර ප්‍රදේශයේ ව්‍යාපාර අරඹා තිබෙන්නේ ඉන් අනතුරුවයි.

කෙසේ නමුත් මේ සම්බන්ධව පොලීසිය වෙත පැමිණිලි කර ඇති අතර පොලීසිය අද දවසේ දෙවතාවක් එම ස්ථානයට පැමිණ පරීක්ෂණ පවත්වා ඇති බවට අපට වාර්තා වුණා.

 

img-20160920-wa0105

 

img-20160920-wa0106

 

img-20160920-wa0107

 

img-20160920-wa0108

 

img-20160920-wa0109

 

 

 

 

 

 

 

 

 

8 Comments to “අනුරාධපුර මුස්ලිම් වෙලදසැලක් ගිනි තබලා! කෝටියකට වැඩි පාඩුවක්!

  1. දුප්පත් මිනිස්සුන්ට උදව් කරන මිනිහෙක්ගේ කඩයකට ගිනිතිබ්බේ..
    ලංකාව කියන්නේ උතුම් දේශයක් කියලා නම් කියන්න හොද රටක් නොවෙයි. මිනීමරුවෝ ස්ත්‍රී දුෂකයෝ ඉරුසියාකාරයන් පිරිච්ච පව් කාර රටක්.

    1. අඩික තන්හව නිස තමෛ මෙ ප්‍රශ්න හෙම එකක්ම වෙන්නෙ. අනිත් කඩකරයොත් ජිවත් වන්න එපයෙ….අනිත් මිනිස්සුන්ගෙ බඩට ගහන්න නරකෛ

    2. lankawa kiyana taram hoda ratak nowei ekane upate idan maranaya dakwa agama jatiya mul karan hama dema siduwenne mama me kiyana deya hama jatiyatama podui

  2. එන්න එන්න ලංකාව සක්කිලි රටවෙලා ඉවරයි. පර ඊර්ෂියා කාරයෝ ඉන්නකං රට දියුණු වෙන්නේ නැහැ

  3. මම පිච්චුවේ නුඹගේ මුදල්. නුඹ පිච්චුවේ මගේ මුදල්. අන්තිමට කලවුනේ රටේ මුදල්. නයි කාරවුනේ අනාගත පරපුරයි.

    බුදුහාමුදුරුවොට ඥානය ලැබුනේ පෝය දිනකයි. අපට පෝය දින එත්තේ බීලා මෙරෙන්නයි.

    1. bebaddo hinda utum poya dineta apahasa karanna epa mema siduwimai poya dinei atara kisi sambandayak naha mole pawichchi karala kiyana deyak kiyanawa

  4. liyumkaru muslim kiyna deya kotanaka hari sambanda nam atisayoktiyen kata karanawa eka harima gotrawadi wadak nawa samajeta galapenne naha habai mehema deyak yam kenek karala nam eka gotrika wadak habai me gana danma nigamana walata enna baha mokada gini tiyagenada kiyala kiyanna bahane

Comments are closed.