ඥානසාර හිමිගේ රෝගය සුව අතට! අසාධ්‍ය රෝගයක් නැහැ!

අප විසින් පසුගියදා අපගේ ෆේස්බුක් පිටුවේ ඡායාරූපයක් පලකරමින් ඥානසාර හිමි රෝගී තත්වයක පෙලෙමින් සුව අතට හැරෙමින් පසුවන බවට වාර්තා කළා. එහෙත් එය සාමාන්‍ය රෝගි තත්වයක් නිසා සහ එහි එතරම් ප්‍රමුඛත්වයක් දිය යුතු තත්වයක් නොමැති නිසා මෙම වෙබ්අඩවියේ පලකලේ නැහැ. එම ඡායාරූපයට අපගේ මුස්ලිම් සමාජයෙන් එකතුවු ප්‍රතිචාරයන් ඉතාමත් යහපත් තත්වයේ තිබුණා.

නමුත් ඇතැම් ෆේස්බුක් පිටු සහ ගිණුම් ඥානසාර හිමි දරුණු රෝගයකින් පෙලෙන බවට පුවත විකෘති කරමින් සමාජ මාධ්‍ය වල පලකළා. ඔවුන්ට බොහෝ ලයික් සහ කමෙන්ට් ලැබෙන්න ඇති. නමුත් එවැනි කටයුතු සදාචාරාත්මක නැති බව අපගේ අදහසයි. කෙසේ වෙතත් ඥානසාර හිමි අසනීපය සුව අතට හැරී දැන් නැවතත් වැඩකටයුතු අරඹා ඇතැයි වාර්තා වෙනවා.

එහිමියන්ට සමීප ආරංචි මාර්ග සදහන් කරන්නේ එහිමියන් අසාධ්‍ය රෝගයකින් නොපෙලුනු බවයි.