ඩිලන්ත විතානගේ මුස්ලිම් හිතවතුන්ට තම දුක කියයි!

Dilantha Vithanage

අප විසින් මෙම වෙබ්අඩවිය තුල “ජීවත්වෙන්න මගක් නැතිව ඩිලන්ත විතානගේ ටියුෂන් වලට බහී!” යන උදෘතයෙන් පුවතක් පලකළා. එයින් අප බොදුබලසේනා සංවිධානයට අත්වී තිබෙන වත්මන් ඉරණම සහ ඩිලන්ත විතානගේ පත්වී තිබෙන දුක්ඛිත තත්වය හෙළිකලා. අප එම පුවත පලකලේ හුදෙක් ඩිලන්ත විතානගේ මහතා කෙරෙහි අනුකම්පාවෙන් බව පැවසිය යුතුයි. ඇත්තටම ඔහුට ආදරය කරන මිතුරෙකු සිටීනම් මේ පුවත බැලු පසුව ඔහුට මුදලින් ආධාර කරනු නොඅනුමානය. නමුත් එසේ කලන මිතුරන් නැතිනම් අපි මක් කොරන්නද?

කෙසේ වෙතත් අප විසින් පලකළ මෙම පුවත ඔහු තමන්ගේ මුස්ලිම් හිතවතුන් වෙත යවා අන්වර් මනතුංග තමන්ට පුද්ගලිකව පහර දෙන බව පවසන බවට අපවෙත වාර්තා වෙනවා. ඔවුන්ගේ අන්තවාදී බොදුබලසේනා සංවිධානය පහුගිය රජය කාලේ මිනිසුන්ට පහර ගැහුවේ පුද්ගලිකවද? නැතිනම් ප්‍රසිද්ධියේද? යන්න ඔහුට අමතක වී ඇති සෙයකි. මුස්ලිම් සංවිධාන වලට නැති චෝදනා එල්ල කළ ආකාරය අමතක වී ඇති සෙයකි. මුස්ලිම් හිතමිතුරන්ට කියා අන්වර් මනතුංගව නැවැත්වීම අපහසු බව ඩිලන්ත හොදින් දැනගත යුතු කරුණකි.

ඩිලන්තට පුද්ගලිකව පහර ගසනවා නම් ඔහුට නියම් අනියම් අඹුවන් ගණන කීයද? නියම් අඹුවගේ පැටිකිරිය, දියණියගේ පැටිකිරිය ඇතුළු පුද්ගලික කරුණු රැසක් අපවෙත ඇත. අපට ඒවා අදාල නැති නිසා අප ඒවා පල නොකරමු. නමුත් ජාතිවාදය පතුරන්නන් එම කටයුත්තෙන් ඉවත් වෙන තුරුම ඔහුට පහර දීම අප නොනවත්වමු. අප විසින් දැන් කිරම විමලජෝති හිමියන්ට එරෙහිව කිසිදු ලිපියක් පල නොකරමු. මන්ද එහිමියන් දැන් සියළු කරුණු අවබෝධ කරගෙන බොදුබලසේනා සංවිධානයෙන් සම්පුර්ණයෙන් ඉවත් වී සිටින නිසාවෙනි.

ඩිලන්ත විතානගේ යනු ජාතික කැක්කුමක් නැති තනිකරම එන්.ජී.ඕ. කාක්කෙක් බව අපට සනාථ වෙන කරුණු රැසක් අපවෙත ඇත. ඔහු බොදුබලසේනා හදන්න ගෝඨාභයගේ කොන්තරාත්තුව ගන්නේ ඒකෙන් රටේ නමක් තියා ගොඩවෙන්න හිතාගෙනය. නමුත් දැන් සියල්ලට කෙලවී ඇත. ජාතික චරිතයක් වීම වෙනුවට ඔහු දැන් අවලංගු කාසියක් වී හමාරය.

එමෙන්ම විදෙස් සංවිධානද තවදුරටත් ඩිලන්ත විතානගේ යනු කළු චරිතයක් ලෙස හදුනාගෙන හමාරය. මේ නිසා එන්.ජී.ඕ. වලින් යහපත් වැඩකට මුදල් ලබාගත නොහැකි තත්වයක් උදාවී ඇත. ඩිලන්ත මේ ටියුෂන් වැඩපිළිවෙලින් හදන්නේ එක්සත් ජාතින්ගේ සංවිධානයේ එකසත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක (UN_SDG) වැඩපිළිවෙල (2016-2030) සමාජගත කරමින් ක්‍රියාත්මක වන “HappyLife ” වැඩසටහනේ කොටසක් ලෙස පෙන්වා නැවත තම විදෙස් සබදතා ශක්තිමත් කරගන්නටය. විදෙස් රටවලට තම හොද මුණ පෙන්වන්නටය.

හොදට කනබොන ඩිලන්ත සිංහල බෞද්ධ නායකයෙක් වන්නට කිසිසේත්ම නොසුදුසු බවට සාක්ෂියක් අප මෙම ලිපියෙහි අවසානයේ ඉතිරිකර යන්නම්. මේ ලංකාවේ වෙබ් මාධ්‍ය ඔස්තාර් කෙනෙකු වන රුවන් ෆර්ඩිනන්ඩ්ස් සමග එකට බෝතලේ ගහන දසුනකි. මේවා බොරු නම් නෑ කියා සනාථ කරන ලෙස අප ඩිලන්තගෙන් ඉල්ලා සිටිමු.

ඩිලන්ත විතානගේ රුවන් ෆර්ඩිනන්ඩ්ස් සමග ෂොට් එකක් දාගෙන
ඩිලන්ත විතානගේ රුවන් ෆර්ඩිනන්ඩ්ස් සමග ෂොට් එකක් දාන ගමන් “ඔන්න බලාගන්න! මෙන්න ඊනියා සිංහල බෞද්ධ යැයි කියාගන්නා නායකයෝ!”

 

 

 

 

 

 

 

2 Comments to “ඩිලන්ත විතානගේ මුස්ලිම් හිතවතුන්ට තම දුක කියයි!

  1. dilantha withanage ngo karayaku bawa atta sinhala jatiwadiyaku bawa atta habai ohu ha samana islamiya antawadinda rata pura ata unda ngo karayangen yapena bawa ma danimi

    1. @Kanishka

      kanishka, ehema NGO muslim sanwidhanayan tiyanawanam kiyannako balanna. Atthe antawadeen inne oyalage oya sinhala kiyana jatiyema tamay.

Comments are closed.